tag:blogger.com,1999:blog-63192549116113889072024-03-05T19:33:06.346+05:30ඇසි දිසි මානයමම අහපු, දැකපු, කියවපු, රස විඳපු, විවේචනය කරපු දේවල්වලින් ලියන්න පුළුවන් සහ ලියන්න වෙලාව ලැබුණු දේවල්වල එකතුව.Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comBlogger409125tag:blogger.com,1999:blog-6319254911611388907.post-28482832529660447792022-11-08T08:58:00.006+05:302022-11-08T08:58:59.050+05:30ඇමරිකානු අන්තර් මධ්‍යකාලීන මැතිවරණ - රතු රැල්ලක් ද? රතු රැලිත්තක් ද?
ඇමරිකා එක්සත් ජනපද අන්තර් මධ්‍යකාලීන මැතිවරණ (Midterm Elections) අද පැවැත්වේ. මෙහිදී එරට කොන්ග්රස් සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි ආසන 435 සඳහා ද කොන්ග්රස් මණ්ඩලයෙහි ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ ආසන 100 න් 35 ක් සඳහා ද මැතිවරණ පැවැත්වෙන අතර මීට අමතරව ප්‍රාන්ත සහ පාලන ප්‍රදේශ 39 ක ආණ්ඩුකාරවරුන් සඳහා මෙන්ම ප්‍රාන්ත කොන්ග්රස් සභා සහ වෙනත් තනතුරු සඳහා ද මැතිවරණ පැවැත්වීමට නියමිත ස්ථානයන් හි මැතිවරණ පවත්වනු ලබයි. දැනට වාර්තා කර ඇති සමීක්ෂණ අනුව පෙනී යන්නේ මෙම මැතිවරණයේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ රතු රැල්ලක් හෝ රතු රැලිත්තක් නිර්මාණය වන බව ය. සෙනට් සභාව පිළිබඳ සටන කරටකර වන බව වැඩිදෙනාගේ මතය වී තිබේ.

මුලින්ම, අන්තර් මධ්‍යකාලීන මැතිවරණය යනු කුමක්දැ යි කෙටියෙන් විග්රහ කරගැනීම, ඒ පිළිබඳ දැනුම අඩු අය උදෙසා වැදගත් යයි සිතමි. අන්තර් මධ්‍යකාලීන මැතිවරණය පැවැත්වෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන සිව් වසරක කාලසීමාවෙන් හරි අඩක් ගිය තැන ය. උදාහරණයක් ලෙස ගතහොත්, 2020 සහ 2024 ජනාධිපතිවරණ අතරතුර පැවැත්වෙන අන්තර් මධ්‍යකාලීන මැතිවරණය 2022 දී පැවැත්වේ. මැතිවරණ දිනය වන්නේ නොවැම්බර් මාසයේ පළමු සඳුදා දිනයට පසුව එන අඟහරුවාදා ය.

ඇමරිකා එක්සත් ජනපදයෙහි කොන්ග්රස් සභාවේ මන්ත්‍රණ සභා දෙකකි. ඒවා නියෝජිත මන්ත්‍රණ සභාව සහ සෙනට් සභාව ය. නියෝජිත මන්ත්‍රණ සභාවෙහි සභික සංඛ්‍යාව 435 ක් වන අතර එහි ධුර කාලය වසර දෙකකි. සෑම වසර දෙකකටම වරක් එහි සභිකයන් තෝරාගැනේ. එමෙන්ම ඇමරිකානු සෙනට් සභාවේ සභිකයන් 100 ක් වන අතර ඔවුන්ගේ ධුර කාලය වසර හයකි. සෑම වසර දෙකකටම වරක් සභිකයන් අතුරින් තුනෙන් එකක් (33 ක් හෝ 34 ක් හෝ) තෝරාගැනෙති. ඔවුන් පත්වන වසර අනුව වර්ගීකරණය පහසුව සඳහා මෙම මන්ත්‍රීන් කාණ්ඩ තුනකට බෙදා සලකනු ලබයි (ඔවුන්ගේ බලතල අතර කිසිදු වෙනසක් නැති හෙයින් යන්නට පන්තීන් යයි යෙදීම වැරදි වැටහීමක් ගෙනදීමට ඉඩ ඇත). මේ අනුව මෙම වසරේදී තුන්වන කාණ්ඩයේ සෙනට් මන්ත්‍රීන් 34 දෙනා සහ දෙවන කාණ්ඩයේ සෙනට් සභිකයකු තෝරාගැනීම සඳහා වන විශේෂ මැතිවරණයක් ද පැවැත්වේ. (මෙවර කැලිෆෝර්නියාවේ විශේෂ අවස්ථාවක් මතුව ඇති හෙයින් එහි තරග දෙකක් පැවැත්වෙන නමුත් එය සමස්ථයට එතරම් වැදගත් නොවේ. එහිදී මන්ත්‍රීවරයකු පත්වීමට නියමිතව ඇත්තේ එක් සෙනට් ආසනයක් සඳහා පමණි).

සරලව කිවහොත්:

ඇමරිකා එක්සත් ජනපද කොන්ග්රස් සභාව (US Congress)

මන්ත්‍රී මණ්ඩල දෙකකි

1. පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives). ආසන 435 යි. ධුර කාලය වසර දෙකයි.

2. ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාව (The Senate). ආසන 100 යි. මන්ත්‍රීවරයකුගේ ධුර කාලය වසර හයයි. සෑම වසර දෙකකටම වරක් මන්ත්‍රීන් අතුරින් තුනෙන් එක්දෙනෙක් පත්වෙති.

මීට අමතරව ආණ්ඩුකාරවරුන් සහ ප්‍රාන්ත කොන්ග්රස් සභා ගණනාවක් ද තෝරාගැනීමට නියමිත නමුත් ජාතික තලයේදී එය එතරම්ම වැදගත් නොවන හෙයින් සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම අනවශ්‍ය ලෙස සංකීර්ණ වන හෙයින් මෙහිදී සලකා බලනු නොලැබේ.

මෙවර මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය රිපබ්ලිකන් පක්ෂය වෙත හිමිවනු ඇති බව සාමාන්‍ය විශ්වාසය ය. දැනට ඩිමොක්රටික් පක්ෂය එහි වැඩි ආසන ප්‍රමාණයක් හිමිකරගෙන සිටියද එම තත්ත්වය වෙනස් වන බව සෑම සමීක්ෂණයකින්ම පාහේ පෙන්නුම් කර තිබේ. කෙසේ වෙතත් රිපබ්ලිකන් (රතු) පාර්ශවය කෙතරම් ආසන ප්‍රමාණයක් දිනාගනු ඇතිදැ යි තවම අවිනිශ්චිත ය. ආසන විශාල ප්‍රමාණයක (30 ක හෝ ඊට වඩා වැඩි) බහුතරයක් හිමිවන රතු රැල්ලක් හෝ සුළු බහුතරයක් හිමිවන රතු රැලිත්තක් හෝ නිර්මාණය විය හැකි බව මේ වනවිට පෙනී යයි.

සෙනට් මන්ත්‍රී මණ්ඩලය සඳහා සටන මීට වඩා තියුණු ස්වභාවයක් ගෙන තිබේ. එහි දැනට සභිකයින් 50 බැගින් පක්ෂ දෙකට හිමිව තිබෙන අතර කිසියම් අවස්ථාවක ඡන්ද සමවීමක් සිදුවුවහොත් සෙනට් මණ්ඩලයේ සභාපති වන උප ජනාධිපතිට ඡන්දයක් හිමිවන හෙයින් දැනට සෙනට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය සතුව තිබේ. නමුත් මෙවර රිපබ්ලිකන් පක්ෂය නැවත එහි බලය අල්ලාගැනීමට බලාපොරොත්තු වේ. ජෝර්ජියා, පෙන්සිල්වේනියා, නෙවාඩා ආදී ප්‍රාන්ත අටක පමණ තීරණාත්මක සෙනට් සභා තරග පවතින අතර ඉන් සමහරක කරට කර සටන් පැවතියහොත් අවසන් ප්‍රතිඵල ප්‍රමාද විය හැකි ය. එහෙයින් හෙට වනවිට සෙනට් සභාවේ සංයුතිය අවසානාත්මක වශයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇති බව පෙනෙන්නට තිබේ.

මෙම මැතිවරණයේදී ඇමරිකානුවන් වැඩි දෙනකු සලකා බලන කරුණ වන්නේ ආර්ථිකය බව සමීක්ෂණ මගින් පෙන්නුම් කර තිබේ. ඩිමොක්රටික් පක්ෂය වෙනත් කරුණු සඳහා ඡන්දදායකයන්ගේ අවධානය යොමුකිරීමට උත්සාහ කළ ද එය සාර්ථක බවක් පෙන්නුම් නොකරයි. මේ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් සාධකය ද මෙවර මැතිවරණයේදී ප්රමුඛ ලෙස බලපාන කරුණකි. ඔහු 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ යයි පෙනෙන්නට තිබෙන අතර මෙවර අන්තර් මධ්යකාලීනමැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය වෙතින් ශක්තිමත් ප්‍රතිඵලයක් ලැබුණහොත් ඔහු තවත් දිරිමත් වනු ඇත.

Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-40912750458482490642022-10-26T18:32:00.001+05:302022-10-26T18:32:01.664+05:30ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය: හොඳම විපක්ෂය පිළිබඳ සටන
ගුජරාටයේ සහ හිමාචල් ප්‍රදේශයේ ප්‍රාන්ත මැතිවරණ මෙම වසර අවසන පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත ය. ඕනෑම දිනයක ඉන් දීය මැතිවරණ කොමිසම විසින් ඊට දින නියම කරනු ඇත. මෙම මැතිවරණ අතුරින් ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමුවී තිබේ. අගමැති නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තය බැවින් ඒ කෙරේ නිසැක අවධානයක් හිමි වන අතර මෙවර මැතිවරණයේදී තවත් හේතුවක් ඊට බලපා ඇත. එනම් ආම් ආද්මි පක්ෂයේ වර්ධනය යි.

කොන්ග්රස් පක්ෂයේ ක්රමික අවනතියත් සමග ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයට ප්රතිපක්ෂ කණ්ඩායම් අතර පැහැදිලි නායකත්වයක් නොමැති බෙදුණු ස්වභාවයක් පෙන්නුම් කරයි. අන් විපක්ෂ කණ්ඩායම්වලට මුහුණදීමට සිදුව ඇති එක් අභියෝගයක් වන්නේ ඒවා ප්‍රාදේශීය බල කඳවුරු සහිත දේශපාලන පක්ෂ වීම ය. ත්‍රිණමූල් කොන්ග්රස් පක්ෂය මෑතකදී සිය බටහිර බෙංගාල බලකොටුවෙන් ඔබ්බෙහි ප්‍රදේශ කිහිපයක මැතිවරණ සඳහා තරග කළ ද ඊසානදිග ඉන්දියාවේ හැර ඔවුන් වෙත කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීම අසීරු වූයේ ය. අනෙක් පක්ෂ එතරම් හෝ සිය ප්‍රාදේශීය මූලයන් වෙතින් ඔබ්බට ව්‍යාප්ත වී නොමැත. මේ හේතුවෙන් ජාතික මට්ටමේ විපක්ෂ දේශපාලන පක්ෂයක් ලෙස අදටත් පෙනී සිටින්නේ කොන්ග්රස් පක්ෂය පමණි. එම පක්ෂය සදාකාලිකව විපක්ෂයේම සිටීමේ අපේක්ෂාවෙන් යුක්ත වන බවක් පෙනී යයි.

ආම් ආද්මි පක්ෂය තවමත් දිල්ලියෙන් සහ පන්ජාබයෙන් ඔබ්බෙහි එතරම් ව්‍යාප්ත වූ පක්ෂයක් නොවන නමුත් එයට අන් ප්‍රදේශ වෙත පැතිරීමේ සෛද්ධාන්තික හැකියාවක් ඇත. එය ජාති, කුල, භාෂා මත පදනම් වූ මතවාදයකින් හෝ ඡන්ද පදනමකින් හෝ යුක්ත පක්ෂයක් නොවේ. එහෙයින් එම පක්ෂය තවත් කිසියම් කාලසීමාවක් තුළදී ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත වෙත ද පැතිරීමේ අවකාශයක් තිබේ.

ආම් ආද්මි පක්ෂය දූෂණය පිටුදැකීම සිය ප්‍රධාන ප්‍රතිපත්තියක් ලෙස සලකයි. සත්‍ය වශයෙන්ම ආම් ආද්මි පක්ෂය උපත ලද්දේ ද අන්නා හසාරේගේ දූෂණ විරෝධී ව්‍යාපාරය තුළිනි. මීට අමතරව එම පක්ෂය ඉන්දීය දේශප්‍රේමය ද සිය ප්‍රතිපත්ති සමග මනාව මුසුකරගෙන සිටියි. එම පක්ෂය වර්ගවාදය පිළිනොගත්ත ද එමගින් භාරතීය ජනතා පක්ෂයට සටන්පාඨ සැපයීමෙන් වැළකීමට ප්රවේශම්කාරී වෙයි කාශ්මීරය පිළිබඳ 370 වගන්තිය අහෝසි කිරීම ආදී කරුණුවලදී එය භාරතීය ජනතා පක්ෂයට එරෙහිව නොගියේ ය. අනෙකුත් ඇතැම් පක්ෂ මුස්ලිම් ජනතාවට වාසිදායක වන ලෙස කටයුතු කරතැයි චෝදනා කරමින් හින්දූන් එම පක්ෂවලින් ඈත් කිරීමට භාරතීය ජනතා පක්ෂය උත්සාහ කරයි. ආම් ආද්මි පක්ෂයට එම චෝදනාවෙන් දමාගැසීම අසීරු කටයුත්තකි.

අවවරප්රසාදිත ජනතාවට සුබසාධන කටයුතු සැලසීම සහ ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා කටයුතු කිරීම තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ආම් ආද්මි පක්ෂයේ ප්‍රතිපත්ති අතර වේ. දිල්ලියේ පාලනය එම පක්ෂය යටතේ වූ වසර අටක පමණ කාලය තුළ එම පක්ෂය විවිධ සුබසාධන කටයුතු ක්‍රියාවට නැංවූ අතර නිලධාරීවාදය සීමා කිරීමට ක්‍රියා කළේ ය. මෑතකදී තමන් බලයට පත්වූ පන්ජාබයේ ද එවන් වෙනස්කම් කිරීමට ඔව්හු බලාපොරොත්තු වෙති.

පසුගියදා නිමා වූ ගෝව ප්‍රාන්ත මැතිවරණයට එම පක්ෂය මුහුණ දුන්නේ යම් සාර්ථකත්වයක් අපේක්ෂාවෙන් වුවද බලාපොරොත්තු වූ තරම් යහපත් ප්‍රතිඵලයක් ඔවුන් වෙත ලැබුණේ නැත. කෙසේ වෙතත් ගුජරාට් ප්‍රාන්තයේ තත්ත්වය ඉන් වෙනස් වේ යයි ඔවුන් අපේක්ෂා කරන බවක් පෙනී යයි.

ගුජරාටයේ සාර්ථකත්වයක් පිළිබඳ ආම් ආද්මි පක්ෂය අපේක්ෂා කරන්නේ කරුණු සහිතව ය. 2021 දී ගුජරාටයේ පැවති පළාත් පාලන මැතිවරණවලදී එම පක්ෂය සියයට 13 ක් ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේ ය. එමෙන්ම සූරත් නගරසභා ප්‍රදේශයේ මත්රීධුර 28 ක් ලබාගැනීමට ද එම පක්ෂය සමර්ථ වූයේ ය. කොන්ග්රස් පක්ෂයට සමස්ථයක් ලෙස ගුජරාටයෙන්ම ලැබුණේ මන්ත්‍රීධුර 57 ක් පමණි.

ඔක්තෝබර් මස මුල දී ප්‍රසිද්ධ කරන ලද ABC-CVoter සමීක්ෂණයට අනුව පෙනීගියේ එළඹෙන ප්‍රාන්ත මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය පහසු ජයක් ලබනු ඇති බව ය. ඔවුන්ට සියයට 46.8 ක ඡන්ද ප්‍රතිශතයක් සමග ආසන 135-143 අතර ප්‍රමාණයක් ලැබේ යයි එම සමීක්ෂණය විසින් අනුමාන කෙරිණ. කොන්ග්රස් පක්ෂයට සියයට 32.3 ක ප්‍රතිශතයක් සමග ආසන 36-44 අතර ප්‍රමාණයක් ද ආම් ආද්මි පක්ෂයට සියයට 17.4 ක ප්‍රතිශතයක් සමග ආසන 1-2 ක් අතර ප්‍රමාණයක් ලැබේ යයි අදාල සමීක්ෂණය පැවසීය. මෙතරම් අඩු ආසන ප්‍රමාණයක් ලැබේ යයි අනුමාන කෙරෙන්නේ ඉන්දියාවේ පවතින කේවල ඡන්ද ක්‍රමය හේතුවෙනි.

ඉන්දියාවේ මැතිවරණ පිළිබඳ ජනමත සමීක්ෂණ එතරම්ම විශ්වසනීය නොවන අතර මැතිවරණයට තවත් සැලකියයුතු කාලයක් ද තිබේ. එසේ වුවද, ගුජරාටයේදී කොන්ග්රස් පක්ෂය අභිබවා යාම ආම් ආද්මි පක්ෂයට පහසු නොවන බව පැහැදිලි ය. එසේ වුවද, අනෙක් අතින් සැලකූ විට, කොන්ග්රස් පක්ෂය එකතැන පල්වන දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව තිබුණ ද, ආම් ආද්මි පක්ෂය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන දේශපාලන ව්‍යාපාරයකි. පන්ජාබයේ දී තම ප්‍රබලම ප්‍රතිවාදියා වූ කොන් ග්‍රස් පක්ෂය පරාජය කිරීමට සමත් වීම ආම් ආද්මි පක්ෂයේ වර්ධනය පිළිබඳ පැහැදිලි සාධකයක් වූයේ ය. ගුජරාටයේ ආම් ආද්මි පක්ෂය විසින් පවත්වන මහජන රැස්වීම්වලට සැලකියයුතු සෙනගක් ආකර්ශණය වන බව ද පෙනෙන්නට තිබේ. මෙම සෙනග ඡන්දවලට හැරෙනු ඇත්දැ යි ද එමගින් කොන්ග්රස් පක්ෂයට අභියෝගයක් එල්ල වේදැ යි ද අපට තව සති කිහිපයකදී දිස්වනු ඇත.

Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-2595585791478191852022-07-20T22:17:00.005+05:302022-07-20T22:17:36.400+05:30නැගෙනහිර යුරෝපෙ ෆුට්බෝල්වලට මොකද වුණේ?
පාපන්දු ඉතිහාසය ගැන මතක අයට 20 වන සියවසේ පෙරළිකාර නැගෙනහිර යුරෝපා පාපන්දු කණ්ඩායම් අමතක වෙන්න බැහැ. යුගෝස්ලාවියාව, රුමේනියාව වගේම ඒකාලෙ සෝවියට් දේශය නිතර දස්කම් අතර හිටපු කණ්ඩායම්. හන්ගේරියාවෙ 1950 ගණන්වල තිබුණු ස්වර්ණමය කණ්ඩායම වෙනමම ලෙජන්ඩ් එකක්. බල්ගේරියාව 1994 ලෝක කුසලානෙදි දක්වපු දස්කම් අමරණීයයි. ඒ වගේම 1998 දි ක්‍රොයේෂියාව දක්වපු දස්කම්.

එහෙත් 1994 න් පස්සෙ නැගෙනහිර යුරෝපා පාපන්දු කණ්ඩායම් ලෝක මට්ටමේදි ලොකු දස්කම් පෙන්නුවේ නැහැ. 1998 ක්‍රොයේෂියා ටීම් එකේ දස්කම් විශේෂ සිදුවීමක් බවට පත්වුණා. ඉන් අනතුරුව 2018 දි ක්‍රොයේෂියානු පිළම අනුශූරතාවය දිනාගන්නකල් ලෝක කුසලානෙදි නැගෙනහිර යුරෝපා රටවල් තිබුණෙ පසුබැස්ස තත්ත්වයකයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් මෑතක් වෙනකල් රුසියාවෙ හැරුණම ගොඩක් නැගෙනහිර යුරෝපා රටවල ලීග් වගෙම ජාතික කණ්ඩායම් තිබුණෙ පසුගාමී තත්ත්වයකයි. ඇත්තටම මොකද වුණේ?

මේ තත්ත්වය ගැන කතා කරද්දි අපිට රටින් රට වෙනමම කරුණු හොයන්න වෙනව. නමුත් පොදුවෙ එක්තරා රටාවක් ද මෙහි දකින්න පුළුවන්. අන්න ඒ රටාව ගැන තමයි අපි අද කතාබහ කරන්න හිතුවෙ.

කොමියුනිස්ට් පාලන සමයෙදි සෝවියට් දේශයේ සහ නැගෙනහිර යුරෝපයෙ පාපන්දු ක්‍රීඩාව හැඩගැහුණ ක්‍රමයක් තිබුණා. හැම රටකම රජයේ අනුග්‍රහය ලැබුණ කණ්ඩායම් එකක් හෝ දෙකක් තමයි දේශීය පළමු පෙළ ලීගය පාලනය කළේ. සෝවියට් දේශය ගත්තොත් මොස්කව්වල දිනාමෝ මොස්කව් සහ සීඑස්කා (CSKA මොස්කව්) ප්‍රධාන වුණා. ඊට අමතරව ඒකාලෙ ලෙනින්ග්‍රාද් වල සෙනිත් ක්ලබ් එක තිබ්බා. ඊට අමතරව හැම සෝවියට් සමූහාණ්ඩුවකම එක ක්ලබ් එකක් දියුණු කළා. එතකොට ඒවා ඒ ඒ සමූහාණ්ඩු නියෝජනය කරන ක්ලබ් වගේ. යුක්රේනයේ දිනාමෝ කීව්, බෙලරූස්වල දිනාමෝ මින්ස්ක් වගේ ක්‍රීඩා සමාජ. රටේ හිටපු හොඳම ක්‍රීඩකයො ගත්තෙ මේ සමාජ විසින්. යුගෝස්ලාවියාව තිබ්බෙත් එහෙම ක්‍රමයක්. සර්බියාවෙ රෙඩ් ස්ටාර් බෙල්ග්‍රේඩ් සහ පාර්ටිසාන් බෙල්ග්‍රේඩ්, ක්‍රොයේෂියාවේ දිනාමෝ සග්‍රෙබ් ඒවට උදාහරණ.

නැගෙනහිර යුරෝපෙ අනෙක් රටවලත් තිබ්බෙ මෙහෙම තමයි. රුමේනියාවෙ නම් ස්ටුවා බුකරෙස්ටි සහ දිනාමෝ බුකරෙස්ටි. බල්ගේරියාවෙ සීඑස්කා සොෆියා.

දැන් මේවයෙ අනුග්‍රාහකයා ගැනත් වචනයක් කියන්නම ඕන. දිනාමෝ කියන නම තිබ්බ ක්‍රීඩා සමාජවල අනුග්‍රාහකයො වුණේ ඒ රටවල රහස් පොලිසිය. සෝවියට් KGB එක, නැගෙනහිර ජර්මනියෙ ස්ටාසි එක, රුමේනියාවෙ සිකුරිටාට් එක එහෙම. සීඑස්කා ක්‍රීඩා සමාජවලට අනුග්‍රහය දැක්වූයේ යුධ හමුදාව. ස්ටුවා බුකරෙස්ටි එකටත් එහෙමයි. සමහර ක්‍රීඩා සමාජවලට සහය ලැබුණෙ වෘත්තීය සමිහිවලින්. උදාහරණයක් විදියට ලොකොමාතීව් කියන්නෙ දුම්රිය සේවකයන්ගෙ කණ්ඩායම්. (රෙඩ් ස්ටාර් බෙල්ග්‍රේඩ් සහ පාර්ටිසාන් බෙල්ග්‍රේඩ් ගැනයි සීඑස්කා සොෆියා සහ ලෙව්ස්කි සොෆියා ගැනයි වෙනම කතන්දරත් තියෙනව. ඒවා මෙතන කියලා මේ විස්තරේ සංකීර්ණ කරන්නේ නැහැ. ස්ටුවා බුකරෙස්ටි සහ දිනාමෝ බුකරෙස්ටි ගැනත් ඒ වගේම මරු කතා තියෙනව. ඒවා පසුවට).

මේ අතරෙම මේ රටවල ක්‍රීඩකයන්ට වයස අවුරුදු 28 වෙනකල් පිටරට ක්‍රීඩා සමාජවලට බැඳෙන එක තහනම් කරලයි තිබ්බෙ. එතකොට මේ අය ස්වදේශීයවම තමයි දියුණු වුණේ.

මේ තත්ත්වයන් යටතේ ඒ ඒ රටවල ස්වදේශීය ලීග්වල ලොකු තරගකාරීත්වයක් තිබ්බෙ නෑ. මොකද අර අනුග්‍රහය ලබන ක්‍රීඩා සමාජ ඒවා ලේසියෙන්ම පාලනය කළා. අනුග්‍රහය කිව්වම මුදල් වගේම තරගවල වාසිදායක තීරණ එහෙමත් අයිතියි. මොන රෙෆ්රි ද KGB එකට පිටින් යන්නෙ?

කෙසේ වෙතත්, ලීග්වල තරගකාරීත්වය අඩු වුණාට ඒ ඒ රටවල හොඳ ක්‍රීඩා සමාජ එකක් දෙකක් හැදුණා. ජාතික කණ්ඩායම් හැදුණෙත් ඒවයෙන්. හන්ගේරියාවෙ ලෝක පූජිත "අරනික්සපාත්" ටීම් එකත් එහෙමයි හැදුණෙ.

කොමියුනිස්ට් පාලන තන්ත්රයන් බිඳවැටුණට පස්සෙ කාරණා කිහිපයක් වුණා. එක, අර ලොකු ක්‍රීඩා සමාජවලට තිබ්බ අනුග්‍රහය අඩු වුණා. මොකද ඒ ආණ්ඩුවලට සල්ලි තිබ්බෙ නැහැ. මේ නිසාම හොඳ දේකුත් වුණා. ස්වදේශීය ලීග් තරගකාරී වෙන්න පටන් ගත්තා. හැබැයි මේක වැඩිකල් දුවන්න බැරුව ගියා. ගොඩක් ක්‍රීඩා සමාජ පුද්ගලීකරණයට ලක්වුණා. නමුත් ඇති තරම් මුදල් යොදන්නත් ආයෝජකයින් හිටියෙ නෑ. ඒ ආපු සමහරුත් කළේ ගසාකන එක. ඒකෙන් යටිතල පහසුකම් ද බරපතල ලෙස කඩා වැටුණා. 20 වන සියවසේ ක්‍රීඩා සමාජ සහ ජාතික කණ්ඩායම් වාර්තා තියපු සමහර ක්‍රීඩාංගනත් ගරාවැටුණා. අනික් අතට අවුරුදු 28 නීතිය අහෝසි වුණ නිසා මේ රටවල තරුණ ක්‍රීඩකයො පිටරට ක්‍රීඩා සමාජ වෙත ගියා. ඒ සමහරු එහිදි එතරම් සාර්ථක වුණේ නැහැ. අලුත් පසුබිමට හැඩගැහෙන්න එයාලට අමාරු වුණා. මේ අතරෙ වෙච්ච තව එකක් තමයි කොමියුනිස්ට් කාලෙ යටගහලා තිබ්බ ප්රතිරෝධතා මතුවෙන්න ගත්තු එක. 2002 ලෝක කුසලානෙදි ස්ලොවීනියා කණ්ඩායමට වුණේ ඒ වගේ අර්බුදයක පොළාපැනීමක්. අන්තිමට මේ සේරගෙන්ම වුණේ මේ රටවල ස්වදේශීය ලීග් වගෙම ජාතික කණ්ඩායම් ද කඩා වැටීමයි. (1998 ක්‍රොයේෂියානු පිළ සාර්ථක වෙන්න වෙනත් කරුණු බලපෑවා. ඒකත් 1998 න් පසුව අසාර්ථක වුණා නෙ).

මේ තත්ත්වයන් වෙනස් වෙලා, ආයෝජකයො ආපහු ඇවිල්ලා, යටිතල පහසුකම් දියුණුවෙලා, නැගිටලා එන්න කල් ගතවුණා. ඒත් එක්කම කොමියුනිස්ට් සිස්ටම් එකේ අහු කොන් නැති තරුණ පරපුරක් ගොඩනැගෙන්න වුණා. ඒගොල්ලො අතරින් දක්ෂයො බටහිර යුරෝපෙ ක්‍රීඩා සමාජ වෙත ගිහින් ටිකෙන් ටික සාර්ථක වෙන්න පටන් ගත්තා. ඒ අතරෙම නැගෙනහිර යුරෝපෙ රටවල ලීගත් ටිකෙන් ටික ගොඩනැගෙන්න වුණා.

මේ ක්‍රියාවලිය තවම සිදුවෙනව. 2018 ක්‍රොයේෂියානු පිබිදීම ඒ අලුත් රැල්ලෙ එක අවස්ථාවක් ලෙස කෙනෙකුට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාවලිය තව කාලයක් තිස්සෙ සිදුවෙමින් පවතින්නක් වේවි.
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-81755175269768249552022-07-04T12:22:00.004+05:302022-07-04T12:22:49.995+05:30පාපන්දු ක්‍රීඩකයාගේ පියා කළ ශාපය

මේ ඡායාරූපයේ ඔබ දකින සොහොන රුමේනියාවේ හිටපු පාපන්දු ක්‍රීඩකයකු වූ ෆ්ලෝරින් පිතුර්කාගේ (Florin Piturca) යි. ඔහු හිටපු රුමේනියා ජාතික ක්‍රීඩක සහ ජාතික පුහුණුකරු වික්තර් පිතුර්කාගේ ඥාති සහෝදරයකු වුණා. නිරිතදිග රුමේනියාවේ ක්රයෝවා නගරයේ මෙම සොහොන දකින්න ලැබෙනවා.

රුමේනියාවේ දෙවන පෙළ ලීගයේ ක්‍රීඩාකල ද්රොබේතා තුර්නූ සෙවෙරින් (Drobeta Turnu Severin) ක්‍රීඩා සමාජයේ ප්‍රහාරකයකු වූ 27 හැවිරිදි ෆ්ලෝරින් 1978 දෙසැම්බර් 10 වනදා මෙටාලුල් බුකරෙස්ට් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේ දී ද ගෝලයක් වාර්තා කළා. එම තරගය ඔවුන් ජයගත්තේ 2-1 ක් ලෙසයි. ආපසු නිවසට පැමිණි ඔහු තමන්ට අසනීප ගතියක් දැනෙන බව සිය බිරිඳට පවසා නානකාමරයට වැදුණා. විනාඩි දහයක් තුළ ඔහු මියගොස් සිටියා.

ඔහුගේ මරණය සම් භාණ්ඩ මසන්නකු වූ ඔහුගේ පියා මැක්සිමිලියන් වෙත තදින්ම දැනුණා. මැක්සිමිලියන් තමන් සතු ධනයෙන් ෆ්ලෝරින් වෙනුවෙන් සොහොනක් ඉදිකළා. එපමණක් නොව එම සොහොන ඉදිකළ පසු ඔහු එහි පදිංචි වුණා. දිවා කාලයේ සිය රාජකාරියේ නිරතවන ඔහු සවසට එම සොහොනට පැමිණියා.

ෆ්ලෝරින්ගේ මරණය පිළිබඳ සත්‍ය හේතුව හෙළිදරව් කෙරුණේ නැහැ. ඔහුගේ පවුලේ අය මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමට රෝහල වෙත ගියවිට ඔවුන්ව ආපසු හරවා යවන ලද්දේ මාස හයකින් පැමිණෙන ලෙස පවසමින්. නමුත් මාස හයකින් පැමිණි විට ද ඔවුනට ලැබුණු පිළිතුරක් නැහැ. ෆ්ලෝරින්ගේ මව පවසන පරිදි ඔහුගේ අවසන් තරගයේ අර්ධ දෙක අතර විවේකයේ දී ක්‍රීඩකයන්ට තේ ලබා දී තිබෙනවා. ෆ්ලෝරින්ගේ මව විශ්වාස කරන්නේ ඔහුට තේ සමග යම් වසක් දෙන්නට ඇති බවයි.

රුමේනියාවේ කොමියුනිස්ට් පාලන සමයේදී ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන්ට තහනම් උත්තේජක ලබාදීමට පෙර ඒවා පරික්ෂා කිරීම සඳහා දෙවන පෙළ ක්‍රීඩකයන් වෙත ලබාදුන් බවට සැකයක් තිබෙනවා. ෆ්ලෝරින් මියගියේ එවැනි පරීක් ෂණයක් නිසා ය යන්නත් එක්තරා ප්‍රබල සැකයක්. ෆ්ලෝරින්ගේ මරණය කෙරේ රජයේ වගකීම කෙසේ වුණත් 1989 මාර්තුවේදී ක්රයෝවා වෙත පැමිණි රුමේනියානු ඒකාධිපති නිකුලා චෞචෙස්කුගේ දියණිය සෝයා, එම සොහොන දැක කෝපයට පත්ව එය විනාශ කිරීමට බුල්ඩෝසර එවා තිබෙනවා. මේ පිළිබඳ මැක්සිමිලියන් දැඩි සේ කෝප වූ අතර සෝයා චෞචෙස්කුට ශාප කළේ යයි සඳහන්. "අවුරුද්දක් යන්න කලින් මම ආපහු මෙතනට එනවා. ඒ වෙද්දි උඹ මැරිලා ඉඳිවි."

මැක්සිමිලියන්ගේ කෑගැසීම උන්මත්තකයකුගේ ක්‍රියාවක් සේ සෝයා චෞචෙස්කුට දැනෙන්නට ඇති. කෙසේ වුණත් අවුරුද්දක් ගතවීමට මත්තෙන් ඔහුගේ අනාවැකිය සැලකියයුතු පමණකට සත්‍ය වුණා. 1989 දෙසැම්බරයේදී සිදුවූ විප්ලවයෙන් සෝයා චෞචෙස්කු දිවි ගලවාගත් නමුත් ඒකාධිපති නිකුලා චෞචෙස්කු සහ ඔහුගේ භාර්යාව එලේනා, මරාදමනු ලැබුණා. මැක්සිමිලියන් සෝයාට පැවසූ පරිදිම අවුරුද්දක් යාමට මත්තෙන් සොහොන යළි ඉදි කෙරුණා. 1994 දී මැක්සිමිලියන් හෘදයාබාදයකට ලක් වුවද ඔහු දිගටම සොහොනෙහිම පදිංචිව සිටියා. "මගේ පුතාව ළඟදිම දැකගන්න වෙන එක ගැන මට සතුටුයි" යයි සිය මරණය ආසන්න බව දැන සිටි ඔහු පවසා තිබෙනවා.

මෙම ස්මාරකයේ පාපන්දුව ද මුලින් ලෝකඩයෙන් තනා තිබුණ ද 2000 දී එය යම් අයකු විසින් ගලවාගෙන ගොස් තිබුණා. දරිද්‍රතාවයෙන් පෙළෙන යමෙක් එහි ලෝහ අලෙවි කරන්නට එය ගලවාගෙන යන්නට ඇති බවයි ෆ්ලෝරින් ගේ මව විශ්වාස කරන්නේ.

Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-73610660151473097722022-06-25T22:13:00.003+05:302022-06-25T22:13:54.420+05:30ඉන්දියානු ජනාධිපතිවරණය 2022 - බීජේපීයේ සීරියස් දේශපාලන පියවර

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ගැන සාකච්ඡා කරද්දි අමතක නොකළ යුතු කරුණක් තිබෙනව. ඒ තමයි ඔවුන් දේශපාලනය ඉතාම බරපතල ලෙස ගන්නා බව. ඔවුන්ට සෑම ඡන්දයක්ම සීරියස් වැඩක්. ඔවුන් ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබාගන්නේ හින්දුත්වවාදය නිසා විතරක් යයි කවුරුන් හෝ හිතනවා නම් එය තමයි කෙනෙකුට බීජේපී එක ගැන එන්න හැකි නරකම තක්සේරුව.

ඉන්දියාවේ ජනාධිපති යනු නාමමාත්ර ධුරයක්. දේශපාලන බලය අතින් සරලවම කිව්වොත් වැඩකට ඇති තනතුරක් නෙවෙයි. නමුත් ඉතා ගෞරවණීය තනතුරක්. ඒ වගේම සංකේතාත්මකව වැදගත් තනතුරක්. ජනාධිපති පත්වෙන්නෙ වක්‍ර ඡන්ද විමසීමකින්. ඡන්ද බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ සහ ප්‍රාන්ත සභාවල මන්ත්‍රීන්ට.

දේශපාලනිකව ගත්තම ඉන්දීය ජනාධිපතිවරණයක් රටේ අනාගත දේශපාලනයේ පෙනෙන බරපතල විපර්යාසයන්ට පාදක වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය නිසා රටේ දේශපාලනේ එක සැරේ උඩු යටිකුරු වෙන්නෙ නැහැ. (එක ජනාධිපතිවරණයක ප්‍රතිඵලය නම් රටේ දේශපාලන අනාගතය උඩු යටිකුරු කළා. ඒ ගැන වෙන වෙලාවක කතා කරමු).

හැබැයි ජනාධිපතිගෙ තියෙන සංකේතාත්මක වැදගත්කම නිසා දේශපාලන පක්ෂ විසින් එම තරගය සම්පූර්ණයෙන් අමතක කරන්නෙත් නැහැ. බීජේපී එක පහුගිය දශක දෙකේම ජනාධිපතිවරණය සීරියස් දේශපාලන පියවර සඳහා අවස්ථාවක් කරගත්තා. 2002 දී අබ්දුල් කලාම් ජනාධිපති කරන්න සහය දීම එක දක්ෂ, සටකපට දේශපාලන ගේම් එකක්. 2007 දී කේ. ආර්. නාරායන් ජනාධිපති කරන්න සහය දීමත් එහෙමයි. 2017 දි දලිත්වරයකු වන රාම්නාත් කෝවින්ද් ජනාධිපති තරගයට ඉදිරිපත් කිරීමත් ඒ වගේම එකක්. 2022 දිත් ඒ වගේම මූව් එකක් බීජේපී එකෙන් අරන් තියෙනව. ආදිවාසී ගෝත්‍රයක දේශපාලනඥ ද්‍රෞපදී මුර්මු බීජේපී ජනාධිපති අපේක්ෂිකාව ලෙස නම් කර තිබෙනව.

මෙහෙම කියද්දි එක දෙයක් පැහැදිලි වෙන්න ඕන. 2002 දි මුස්ලිම් අයෙක්, 2007 දි දලිත්වරයෙක්, ආයෙ 2017 දි දලිත්වරයෙක් ජනාධිපති වුණාම කෙනෙකුට හිතන්නෙ පුළුවන් "අම්මටසිරි ඉන්දියාව මාරයි නෙ. රටේ ඉහළම තනතුර සුළු ජාතීන් වෙතයි අඩු කුලේ යයි සම්මත අය වෙතයි දෙනව නෙ" කියල. මුර්මු ඉදිරිපත් කළාමත් එහෙම හිතෙන්න පුළුවනි. නමුත් ඒ සේරම හොඳට කල්පනා කරලා ගත්තු දේශපාලනික පියවරයන් විනා අන් යමක් නෙවෙයි.

ඇයි මේ වෙලාවෙ ගෝත්‍රික ජනවර්ගයක අයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නෙ? කාරණා දෙකක් ප්‍රධාන වෙලා තියෙනව. එකක් තමයි මේ දවස්වල ආදිවාසී ජනවර්ග අතරේ සිය අයිතීන් පිළිබඳ කතාබහක් ඇදෙනව. මීට ජාර්ඛන්ඩ් ප්‍රාන්ත මහ ඇමතිත් සම්බන්ධ වෙලා තිබුණා. ආදිවාසීන් ව හින්දූන් ලෙස සැලකීම කෙරෙහි විරුද්ධත්වයක් නිර්මාණය වෙලා තියෙනව. ඔවුන් වැඩි දෙනෙක් අදහන ආගම හින්දු සහ සම්ප්‍රදායික ආගම් අතර සංකලනයක් බවයි මේ විරෝධය දක්වන ආදිවාසීන් කියන්නෙ. මේක බීජේපී එකේ හින්දුත්ව සංකල්පයට පටහැණියි. එවිට අනාගතයේදි හින්දුත්ව මතවාදය යටතට ආදිවාසීන් ජීවත්වෙන ප්‍රදේශවල ජනයා ඒකරාශී කිරීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

මේ එක්කම බීජේපී එකට ඊසානදිග ඉන්දියාව ආදී ඇතැම් ප්‍රදේශවල සිය හින්දුත්ව බලපෑම ප්‍රචාරය කිරීමට අවශ්‍යයි. ඒ බොහොමයක් ප්‍රාන්තවල ඉන්නෙත් විවිධ ගෝත්‍රවල අය. ඔවුන් සැලකියයුතු පිරිසක් ක්‍රිස්තියානින්. මේ කරුණු නිසා ඒ ප්‍රදේශවල බීජේපී එකට පැතිරෙන්න පුළුවන් සීමාවක් තිබෙනව. ආදිවාසී ගෝත්‍රයක කෙනෙක් ජනාධිපති කිරීමෙන් ඒ පැත්තටත් තව හොඳින් රිංගන්න බීජේපී ය බලාපොරොත්තු වෙනව කියල හිතන්න පුළුවනි.

බීජේපී එකට හැම ඡන්දයක්ම බොහොම සීරියස් වැඩක්. ඒ වගේම හැම දේශපාලන මූව් එකක්ම බොහොම සීරියස් වැඩක්. බීජේපී ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරද්දි ඒක අමතක කරන්න නරකයි.

Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-80442222099651335492022-06-23T19:22:00.001+05:302022-06-23T19:22:16.125+05:30චක්‍රව්‍යු (Chakravyuh)
චක්‍රව්‍යුහ යනුවෙන් සඳහන් වන්නේ ඉතා සංකීර්ණ හමුදා සැකැස්මක්. ප්‍රතිවාදියකු උපක්රමිකව වටලාගැනීම සඳහා මෙය භාවිතා කළ හැකියි. මහාභාරතයෙහි මෙම උපක්‍රමය පිළිබඳ සඳහන්ව තිබෙනවා.

චක්‍රව්‍යුහ සංග්‍රාමෝපක්‍රමය මතකයට නැංවූවද, "චක්‍රව්‍යු" චිත්‍රපටය පාදක වන්නේ නම් සම්ප්‍රදායික යුධ හමුදා දෙකක් අතර යුද්ධයක් මත නොවේ. එහි පසුබිම ඉන්දියාවේ මාඕවාදී හෙවත් නැක්සල්වාදී අරගලයයි.

මාඕවාදී අරගලය තුළ ක්‍රියාවට නංවන ලද සංග්රාමෝපක්රම අපහට චක්‍රව්‍යුහ මෙන්ම මාඕවාදී මහජන යුද්ධ සිද්ධාන්තය (People's War Theory) ද සිහිගන්වනවා. එහෙයින්, ඒ පිළිබඳ කෙටියෙන් විස්තර කිරීමට ඔබ අවසර දෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

මහජන යුද්ධ සිද්ධාන්තයෙහි මූලික අංගයක් වන්නේ රජයේ බලපෑම අවම, අරගලයට වාසිදායක වියහැකි ප්‍රදේශයක, ජනතාව අතර වැඩ කරමින් "මූල කඳවුරු" (base areas) ගොඩනැගීමයි. එම ප්‍රදේශවල සිට කෙමෙන් කෙමෙන් අනෙක් ප්‍රදේශ වෙත සිය බලය පැතිරවීම "මහජන හමුදාවේ" අරමුණයි. මුලදී අවට ප්‍රදේශවල මෙහෙයුම් සිදුකළ පසු ආරක්ෂිතව පසුබැසිය හැකි ප්‍රදේශයක් ලෙස මෙම මූල කඳවුරු ගොඩනගනු ලබයි. පසුව අවට ප්‍රදේශයන් හි සිය බලපෑම වර්ධනය කරමින් මූල කඳවුරෙහි වපසරිය වැඩි කිරීම අපේක්ෂාවයි.

ඉන්දියාවේ නැක්සල්වාදී අරගලය ඇරඹෙන්නේ 1967 නැක්සල්බාරි නම් බටහිර බෙංගාලීය ගම්මානයක සිදුවූ ගොවි කැරැල්ලකින්. නැක්සල්වාදී අරගලයේ මුල් අදියර තුළ ආන්ද්‍රාවේ ශ්රීකාකුලම් ප්‍රදේශය වැනි ග්‍රාමීය ප්‍රදේශ කිහිපයක සහ කල්කටාව වැනි නගරවල නැක්සල්වාදීන් අරගලයේ යෙදුණා. නමුත් එම සටන් ස්වල්ප කලකින්ම මර්ධනය කරනු ලැබුණා.

නැක්සල්වාදී අරගලයේ දෙවැනි අදියර ක්‍රියාවට නැගුණේ එම පරාජයෙන් වසර කිහිපයකට පසුයි. පරාජිත නැක්සල්වාදීන් අතුරින් ඉතිරි වූ ඇතැමෙක් වටහාගත්තේ තමන්ට පළමු අරගලයේදී උපක්රමිකව බරපතල වරදක් වූ බවයි. ඔවුන් එවක විශ්වාස කළේ ගොවි ජනතාව අරගලයට සූදානම් බවත් එක් තැනකින් අරගලය හටගත් විට ලැව් ගින්නක් මෙන් එය පැතිරෙනු ඇති බවත් වුවද එය එසේ සිදුවුණේ නැහැ. මේ අනුව අරගලය නව මුහුණුවරකින් කරළියට ගෙන ආ යුතු බව ඔවුන් වටහා ගත්තා.

මෙම යළි උපන් අරගලයේ එක් මුහුණුවරක් වූයේ ශිෂ්‍ය සංවිධාන, නාට්‍ය සහ කලා සංවිධාන වැනි විවිධ බහුජන සංවිධාන ඔස්සේ ජනතාව සංවිධානය සහ දැනුවත් කිරීමයි. මේ සඳහා මූලිකත්වය ගත්තේ "මහජන යුද්ධ කණ්ඩායම" ලෙස පොදු ව්‍යවහාරයේදී හඳුන්වා දෙනු ලබන කණ්ඩායමක්. 1980 වනවිට ඔවුන් දේශපාලන ව්‍යාපාරයක් ලෙස සංවිධානය වුණා.

ඔවුන් සිය මූල කඳවුරු පිහිටුවීම සඳහා තෝරාගත්තේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ එවකට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත අතර පිහිටි, ආදිවාසී ජනයා වැඩියෙන් දිවි ගෙවන වනගත ප්‍රදේශයක්. (මධ්‍ය ප්‍රදේශයෙන් චත්තිස්ඝර් ප්‍රාන්තය නිර්මාණය කරද්දී මෙම ප්‍රදේශ එම ප්‍රාන්තය වෙත මාරු වුණා). මෙම ප්‍රදේශවල ආදිවාසීන් ගැන ආණ්ඩු සොයා බැලුවේ නැහැ. එහි වූ රික්තකයට නැක්සල්වාදීන් ඇතුල් වුණා. ආණ්ඩු මෙම ප්‍රදේශ ගැන අවධානය යොමු කළේ ඒවායේ ස්වභාවික සම්පත් නිස්සාරණය කිරීමට අවශ්‍ය වූ විටයි. එවිට ආදිවාසීන් සමග ආණ්ඩු ගැටුණා. එහිදී නැක්සල්වාදීන් ආදිවාසීන් ගේ ගැලවුම්කරුවන් බවට පත්වුණා.

මේ ක්‍රියාවලියම මේ ආකාරයෙන් බිහාරයේ දකුණුදිග වනගත ප්‍රදේශවල ද සිදුවුණා. එම ප්‍රදේශ දැන් අයත් වන්නේ බිහාරයෙන් වෙන්කර ස්ථාපිත කළ ජාර්ඛන්ඩ් ප්රාන්තයටයි. චත්තිස්ඝර් සහ ජාර්ඛන්ඩ් ප්‍රාන්ත කේන්ද්‍ර කරගත් මාවෝවාදී කණ්ඩායම් දෙක 2006 දී ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (මාවෝවාදී) ලෙස ඒකාබද්ධ වුණා.

2009 දී දකුණුදිග දිල්ලියේදී කොබාඩ් ගාන්ධි නම් සමාජ ක්‍රියාකාරිකයා අත් අඩංගුවට ගැනුණා. ඔහු මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු බව කියැවුණා. ඔහුව 2019 දී නිදහස් කෙරුණා.

2010 දී චත්තිස්ඝර් ප්‍රාන්තයේදී ඉන්දීය මධ්‍යම සංචිත පොලිසියේ සෙබළුන් 76 දෙනකු මාවෝවාදී ප්‍රහාරයකින් ඝාතනය වුණා. එය මාඕවාදීන් එතෙක් මෙතෙක් සිදුකළ දරුණුම ප්‍රහාරයයි.

චක්‍රව්‍යු චිත්‍රපටය 2012 දී නිකුත් වන්නේ මෙම පසුබිමේ යි. ඔබට මා සඳහන් කළ සිදුවීම් සමහරකට සමාන අවස්ථා මෙම චිත්‍රපටයේදී හමුවනු ඇති. ඒ අතර අත්අඩංගුවට ගැනීම්, මාඕවාදී ප්‍රහාර මෙන්ම ජනනාට්‍ය කණ්ඩායම් වැනි අංග ද වනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ අර්ජුන් රාම්පාල් විසින්. මාඕවාදී බලපෑම දරුණු වන ප්‍රදේශයකදී එල්ල වන දැවැන්ත මාඕවාදී ප්‍රහාරයකින් අනතුරුව ඔහු එම ප්‍රදේශය භාරගන්නවා. එයින් අනතුරුව සිදුවන සිදුවීම් සමුදායක් ඔස්සේ චිත්‍රපටය දිවෙනවා.

මාඕවාදීන් සිය මූල කඳවුරු ප්‍රදේශවල ක්‍රියාවට නඟන ආරක්ෂක උපක්‍රමයත් චක්රව්යුහයක් වගෙයි. එහි පිටත වළල්ලේ සිටින්නේ ග්‍රාමීය ආදිවාසී කණ්ඩායම්. ඔවුන් "මහජන මිලීෂියා" ලෙස සංවිධානය වී තිබුණා. ඇත්තෙන්ම ඔවුන් සන්නද්ධ වූයේ දුනු හී ආදියෙන්. එයින් අභ්‍යන්තරයට එනවිට ආරක්ෂක වළලු ශක්තිමත් වනවා. අභ්‍යන්තරයේම සිටින්නේ මනාව පුහුණුව ලද "මහජන විමුක්ති ගරිල්ලා හමුදා" සාමාජිකයන්. මාඕවාදී නායකයන් රැඳෙන ප්‍රදේශ මෙලෙස ආරක්ෂා කෙරෙනවා. එමෙන්ම ඔවුන් නිරන්තරයෙන් තමන් සිටින ස්ථාන වෙනස් කරන අතර ඒ සමගම ආරක්ෂක වළලු ද වෙනස් කෙරෙනවා. පොලිස් ප්‍රහාරයක් එල්ල වනවිට කලින්ම දැනගන්නට මෙන්ම ඇතැම්විට පොලිසිය ඇතුලටම ගෙන්වා වටකර පහරදීමට ද මෙම ආරක්ෂක වළලු උපකාරී වනවා. (චිත්‍රපටයේදී ඔබට මෙම අංගය ද දකින්න ලැබෙනවා. අර්ජුන් රාම්පාල්ගේ මිත්‍රයා වනාන්තරයේදී සොයාගනු ලබන්නේ මෙම මිලීෂියා කණ්ඩායමක් විසින්. ඔවුන් මහජන විප්ලවවාදී ගරිල්ලා හමුදාවේ සාමාජිකයන්ව එතැනට කැඳවනවා).

මීට දශකයකට පමණ පෙර මාවෝවාදීන් ඉතා ශක්තිමත්ව සිටි සමයේ මේ ආකාරයේ ආරක්ෂක වළලු ඔවුන්ගේ මූල කඳවුරු ප්‍රදේශයන් හි ක්‍රියාත්මක වුණා. වර්තමානය වනවිට ඒවා එතරම්ම ශක්තිමත් නැතත්, තවමත් ඔවුන් ඇතැම් ප්‍රදේශවල මෙලෙස රැඳී සිටිනවා.

Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-15149623313626399072022-01-19T21:37:00.004+05:302022-01-19T21:37:39.629+05:30ඉන්දිරා නේරු ඉංග්‍රීසියට නැගූ Ekla Chalo Re
ජවහර්ලාල් නේරුගේ සහ කමලා නේරුගේ එකම දියණිය වූ ඉන්දිරා ප්‍රියදර්ශනීගේ අධ්‍යාපනය කිසිවිටෙක එකකාර වූයේ නැහැ. ඇගේ පියා, මව ඇතුළු පවුලම නිදහස් සටනේ ප්‍රබලයින් වූ අතර ඇය උපන් ඇගේ සීයා මොතිලාල් නේරුගේ ආනන්ද භවන් නිවස අලහබාද් හි නිදහස් සටනේ කේන්ද්‍රස්ථානය වුණා. ඇයට සමවයස් මිතුරන් ද වුණේ නැහැ. විවිධ පාසැල්වල අධ්‍යාපනය ලැබුවත් ඇයට ඒ එකක්වත් ගැලපුණේ ද නැහැ. ඇය සතුටින් පාසැල් ගියේ නම් ඒ මවගේ වෛද්‍ය ප්‍රතිකාර උදෙසා දෙමාපියන් සමග ස්විට්සර්ලන්තයේ ගතකළ අවුරුද්දක පමණ කාලය පමණයි.

ඇය 1930 ගණන්වල මැදදී (1934/35) ශාන්ති නිකේතනයට පැමිණි පසු මේ තත්ත්වය වෙනස් වුණා. රබීන්ද්‍රනාත් ඨාකූර්ගේ සෙවණ යටතේ ඈ ඉතා සතුටින් කල් ගතකළා. ඨාකූරයන් ඇගේ පියාගේ ද වීරයෙක් වුණා. එමෙන්ම ආනන්ද භවන් හි කලබලකාරී ජීවිතයෙන් මිදී ශාන්ති නිකේතනයේ නිහඬ ජීවිතය ඈ ප්‍රිය කළා.

එකළ ඉන්දිරා නිතර ඨාකූරයන් සමග සාහිත්‍යය, කාව්‍ය නිර්මාණ ආදිය පිළිබඳ සංවාද කළා. ඔහුගේ එක්තරා ප්‍රකට කවියක බෙංගාලි බසින් ඉංග්‍රීසි බසට කරන ලද පරිවර්තනය (මෙය ඨාකූර් විසින්ම කරන ලද පරිවර්තනය විය යුතුයි) දුටු ඉන්දිරා එය එතරම් හොඳ පරිවර්තනයක් නොවන්නේ යයි තීරණය කළා. ඉනික්බිතිව ඈ එය තමන්ම නැවත සංස්කරණය කළා.

If no one listens to your call,
Walk alone.

If in fear they cower, mutely facing the wall,
O hapless one
Open your mind and speak out alone.

If, as you cross the wilderness, they turn away and desert you,
O hapless one,
Tread firmly on the thorns along the blood-lined track and travel alone.

If, in the storm-troubled night, they dare not hold aloft the light,
O hapless one,
Ignite your own heart with the lightning and pain, and yourself become the guiding light.

මේ, ඉන්දීය නිදහස් සටනේදී මහත්මා ගාන්ධි නිතර භාවිතා කළ, ඔහුගේ ප්‍රියතම ගීතවලින් එකක් වූ "ekla chalo re" යි. මෙය විසිවන සියවස මුලදී ඨාකූරයන් විසින්ම ගායනා කර තිබෙනවා. පසුව විවිධ ගායක ගායිකාවන් එය ගායනා කළා.

මූලාශ්‍රය - Mother India: A Political Biography of Indira Gandhi by Pranay Gupte.

ඡායාරූපය - ඨාකූරයන් සහ ඉන්දිරා ඇතුළු ශාන්ති නිකේතනයේ සිසුවියන් පිරිසක්.

Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-72526872824070811122022-01-16T13:33:00.001+05:302022-01-16T13:33:10.025+05:30සෝවියට් නායකයා "ගෙදර යැවූ" ජනප්‍රිය ගීතය
1964 දි සෝවියට් අසර්බයිජානයෙන් පැමිණි මුස්ලිම් මගමයේෆ් (Muslim Magomayev) නම් තරුණ ගායකයෙක් ජනප්‍රිය තාලයේ ගීයක් ගායනා කළා. ලෝකයේ හොඳම නගරය (Лучший город Земли) නම් වූ මේ ගීතයෙන් මොස්කව් නගරය ගැනයි කියවෙන්නේ. මේ ගීතය බෙහෙවින් ජනප්‍රිය වූ අතර සෝවියට් දේශයේ ගුවන්විදුලියෙන් නිරන්තරයෙන් එය ඇසෙන්නට වුණා.

Песня плывёт, сердце поёт,
Эти слова о тебе, Москва

"ගීතය පාවී යයි, හදවත ගී ගයයි
මේ වදන් ඔබ ගැනයි, මොස්කව්"

නමුත් සෝවියට් නායක නිකීතා කෘෂ්ශොෆ් මේ ගීතයට එතරම් ප්‍රියතාවයක් දැක්වූයේ නැහැ. මෙවන් දේශානුරාගී ආකාරයේ ගීතයකට ජනප්‍රිය (පොප්) ආරක සංගීතය එතරම් ගැලපෙන්නේ නැතැයි පැවසූ ඔහු එම ගීය වාදනය නොකරන ලෙස ගුවන්විදුලියට දැනුම් දුන්නා. මෙය රජය විසින් කළ වාරණයක් නොව කෘෂ්ශොෆ් විසින් කළ ඉල්ලීමක්.

මේ සිද්ධියෙන් පසු ගතවුණේ මාස කිහිපයක් පමණයි. කෘෂ්ශොෆ් බලයෙන් පහ කෙරුණා. ඉන් පස්සෙ මේ ගීතය ලියූ දිමිත්‍රි දර්බෙන්යොෆ් ගුවන්විදුලියට ගිහින් මේ වගේ දෙයක් පැවසුවාලු. "ඔන්න මගමයේෆ් ඔහුට හැකි දේ කළා. කෘෂ්ශොෆ් ගෙදර ගියා. දැන් අපේ සින්දුව ආපහු වාදනය කරමු නේද?"

ඇත්තෙන්ම කෘෂ්ශොෆ් බලයෙන් ඉවත් කෙරුණේ මේ ගීතය නිසා නෙවෙයි. දර්බන්යොෆ් මෙය විහිළුවක් ලෙස පැවසූ බවයි සඳහන් වෙන්නෙ. කොහොමහරි මේ ගීතය ඉන් පසුව ආපහු වාදනය වෙන්න පටන්ගත්තා.

මුස්ලිම් මගමයේෆ් පොප් සංගීතවේදියෙක් ලෙස කෙතරම් ජනප්‍රිය වුණාදැයි කිවහොත් ඇතැමුන් ඔහුව හඳුන්වන්නේ සෝවියට් එල්විස් ප්‍රෙස්ලි කියලයි. ඔහු 2008 දි මියගිය අතර ඔහුගේ සිරුර අසර්බයිජානයේ බාකු නගරයේ "ගෞරවාන්විතයන්ගේ මංපෙතේ" තැන්පත් කෙරුණා.

එසේ නම්, "ලූත්ෂි ගෝරද් සිම්ලී" ගීතය මේ ලින්ක් එකෙන් අහන්න.

Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com2tag:blogger.com,1999:blog-6319254911611388907.post-72120138548400349682021-05-18T21:44:00.000+05:302021-05-18T21:44:03.435+05:302021 රුසියාවේ විජයග්‍රහණයේ දින සැමරුම් ප්‍රශ්නෝත්තර තරගය
ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ විජයග්‍රහණය රුසියානුවන් විසින් සමරනු ලබන්නේ මැයි 9 වෙනිදායි. මෙවරත් දෙවන වතාවට කොළඹ රුසියානු මන්දිරය (කලින් රුසියානු මධ්‍යස්ථානය) විසින් ඒ වෙනුවෙන් ඔන්ලයින් ප්‍රශ්නෝත්තර තරගයක් පැවැත්වූවා.

එහි ප්‍රශ්න සහ පිළිතුරු මෙහි දැක්වෙනවා.

Q 1

1. නට්සි ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම, එනම් බාබරෝසා මෙහෙයුම, ආරම්භයේදී, පළමුවෙන්ම සෝවියට් දේශසීමාව තරණය කළ ජර්මන් පාබල ඒකකය ලෙස සැලකෙන්නෙ එක්තරා විශේෂ බලකායක්. මෙම ඒකකය විශේෂ මෙහෙයුම් සඳහාම අරඹන ලද එකක්. ජර්මන් නගරයක් සහ පළාතක නමින් මෙය සාමාන්‍ය ව්‍යවහාරයෙදී හඳුන්වනවා. මෙම ඩිවිෂනයේ නම කුමක්ද?

Q 2

2. දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණ ගැන තියෙන එක් දුර්මතයක් තමයි සෝවියට් හමුදා ජර්මානුන්ට උපක්රමිකව රට ඇතුලට එන්න දුන්නා කියන එක. ඇත්ත කාරණේ ඊට හාත්පසින්ම වෙනස්. සෝවියට් හමුදාවන්ට පසුබසින්න අණ ලැබුණෙ ඉතා කලාතුරකින්. එමෙන්ම බොහෝවිට ඔවුන්ට ජර්මානුන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අණ ලැබුණා. මුල් කාලෙ එවන් ප්‍රහාර බොහොමයක් අසාර්ථක වුණා.

සෝවියට් හමුදා තමුන්ට අහිමි වූ ප්‍රදේශයක් ආපහු අල්ලගත්තු පළමු අවස්ථාව ලෙස සැලකෙන්නෙ 1941 අගෝස්තු - සැප්තැම්බර් කාලෙ සිදුවූ යෙල්නයා මෙහෙයුමයි. එහිදී එම නගරය අල්ලාගෙන ජර්මානුන් කිලෝමීටර් 25 ක් පමණ පසුප්සට තල්ලු කරන්න සෝවිය්ට් සේනා සමත් වුණා.

ජර්මානුන් අතට පත්වූ විශාල ප්‍රමාණයේ නගරයක් මුදවාගත් පළමු අවස්ථාව සිදුවුණේ 1941 සුප්‍රකට මොස්කව් සටනට සතියකට පමණ කලින්. ඒ දකුණුදිග රුසියාවේ පිහිටි ප්‍රකට නගරයක්. එසේ මුදාගත් නගරය කුමක්ද?

Q 3

3. 1941 දී මොස්කව් නගරය ආසන්නයට ජර්මන් හමුදා පැමිණෙද්දී නගරයේ මෙත්‍රො නැවතුම්පළවල් ආරක්ෂිත ස්ථාන බවට පත්වුණා. වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම කඩ සාප්පු ආදිය ද මේවායේ ක්‍රියාත්මක වූ බව සඳහන්. වෙනකක් තබා ප්‍රසූතිකාගාර පවා මේවායේ ක්‍රියාත්මක වී තිබෙනවා.

1941 නොවැම්බර් 6 වනදා, බල්ෂවික් විප්ලවයේ 24 වන සංවත්සරයට දිනකට පෙර, සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් මෙත්‍රො නැවතුමකට පැමිණියේ මොස්කව් නාගරික සභාවේ සාමාජිකයන් ඇමතීමටයි. ඒ සඳහා වේදිකාවක් වෙනමම ඉදි කරනු ලැබුණා. මෙසේ ඔහු මොස්කව් නගර සභිකයන් අමතා කතාව පැවැත්වූ ප්‍රකට මෙත්‍රො නැවතුම කුමක්ද?

Q 4

4. ජර්මන් හමුදා මොස්කව් දෙසට පැමිණෙද්දී, නගරය අහිමි වුවහොත් යන අවදානමට සෝවියට් රජය සූදානම් වුණා. ඒ අනුව එකල කුයිබිශෙෆ් යන නමින් හඳුන්වන ලද නගරයට අගනුවර ගෙන යාමේ සැලසුම් සකස් කෙරුණා. එය එකල වොල්ගා මිලිටරි දිස්ත්‍රික්කයේ මූලස්ථානය ද වුණා.

කුයිබිශෙෆ් නගරය වර්තමානයේ හඳුන්වන්නේ කවර නමින් ද?

Q 5

5. ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය අළලා නිර්මාණය වූ චිත්‍රපට අතුරින් ජනප්‍රිය සෝවියට් චිත්‍රපටයක් වන්නේ А зори здесь тихие (අ සෝරි ස්දේස් තීහියෙ - The Dawns Here are Quiet) ය. 1942 වසරේ කරේලියාවේ ස්ථානගතව සිටින කාන්තා ගුවන් යානා නාශක කණ්ඩායමක් සහ එහි ප්‍රධානියා වන හමුදා නිලධාරියකු අනපේක්ෂිත ජර්මන් කණ්ඩායමකට මුහුණදෙන ආකාරය පිළිබඳ මෙම චිත්‍රපටයෙන් කියැවේ.

මෙම චිත්‍රපටයට පාදක වූයේ А зори здесь тихие නමින් ම පළ වූ කෘතියකි. එය "නිහඬ හිමිදිරි" නමින් සිංහලයට ද පරිවර්තනය වී තිබේ. මෙම කෘතිය රචනා කළ සෝවියට් ලේඛකයා කවරෙක්ද?

Q 6

6. ජර්මන් ආක්රමණයේ මුල් අවස්ථාවලදී ජර්මන් ගුවන් ප්රහාරයන් හේතුවෙන් සෝවියට් ගුවන් හමුදාවලට විශාල හානි සිදුවුණා. මෙම අවදානම් සහගත අවස්ථාවේ සෝවියට් නායකත්වය තීරණය කළේ කාන්තා නියමුවරියන්ගෙන් යුතු විශේෂ ඒකක කිහිපයක් ද පිහිටුවීමට යි. මේවායේ ඇතැම් කාන්තා නියමුවරියන් සෝවියට් ජයග්‍රහණය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදුන්නා.

මේ කාන්තාවන් අතර විශිෂ්ටතම ප්‍රහාරක නියමුවරිය ලෙස සැලකෙන්නේ 1943 අගෝස්තු 1 වනදා මියගිය තරුණියක්. ඇය මියයනවිට වයස අවුරුදු 22 සම්පූර්ණ වී තිබුණේ ද නැහැ. ප්‍රහාරක මෙහෙයුම් 168 කදී තනිව සතුරු යානා 12 ක් බිමදැමූ ඇය තවත් යානා හතරක් බිම දැමීමට දායක වී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ සාර්ථකම ප්‍රහාරක නියමුවරිය ලෙස සැලකෙන්නේ ඇයයි. ඇය හඳුනාගන්න.

Q 7

7. රුසියාවේ කළු මුහුදු බලකායේ ඉතිහාසය 1783 දක්වා දිවෙන්නේ යයි සැලකෙනවා. දෙවන ලෝක යුද්ධයේදී කළු මුහුදු ප්‍රදේශයේ ජර්මන් ආක්රමණයන්ට එරෙහි මෙහෙයුම්වලදී මෙන්ම සෝවියට් ප්‍රතිප්‍රහාරයන්වලදී විශාල කාර්යයභාරයක් කළු මුහුදු නාවික බල ඇණිය අතින් සිදුවුණා. මේ අතරින් 1941 ඔඩෙස්සා වටලෑමේදී සහ 1941-42 සෙවස්තෝපල් වටලෑමේදී එය අතින් ඉටුවූ කාර්යයභාරය සුවිශේෂී වුණා. එම සටන්වලදී කළු මුහුදු බලකායට නායකත්වය දුන් සෝවියට් අද්මිරාල්වරයා කවරෙක්ද?

Q 8

8. 1943 වසරේ සිදුවූ කුර්ස්ක් සටනේ අවසන් සතිවලදී කුර්ස්ක් අඩකවයෙන් දකුණු කොටසේ සිට සෝවියට් ප්‍රතිප්‍රහාරයක් දියත් කරන ලදී. අගෝස්තු 3 වනදා අරඹන ලද එහි අවසන් අරමුණ වූයේ යුක්රේනයේ දෙවන විශාලම නගරය වන ක්‍රාකෆ් මුදා ගැනීමයි. අගෝස්තු 23 වනදා එම නගරය මුදාගත් අතර එදින සමස්ථ කුර්ස්ක් සටන නිල වශයෙන් අවසන් වූ දිනය ලෙස සැලකෙයි.

මෙම සෝවියට් මෙහෙයුම හඳුන්වන ලද්දේ 18 වන සියවස ජීවත් වූ ප්‍රකට ෆීල්ඩ් මාර්ෂල්වරයකුගේ නමිනි. ඔහු කවරෙක්ද?

Q 9

9. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ 1965 වසරේ විජයග්‍රහණයේ දින සැමරුමට එවකට සෝවියට් ආරක්ෂක ඇමතිවරයා සහභාගී වූ අයුරුයි. ඔහු දෙවන ලෝක යුධ සමයෙහි දෙවන යුක්රේනියානු පෙරමුණේ අණදෙන නිලධාරියා ලෙස රුමේනියාව, හන්ගේරියාව, ස්ලොවැකියාව සහ ඔස්ට්‍රියාව ආදී රටවල් ෆැසිස්ට්වාදීන්ගෙන් මුදාගැනීමේදී විශාල කාර්යයභාරයක් කළා. ඔහු හඳුනාගන්න.

Q 10

10. 1945 අප්‍රේල් 25 වනදා ජර්මනියේ එල්බ් නදීබඩ ටෝර්ගවු නගරය අසළදී සෝවියට් සහ ඇමරිකන් හමුදා අතර හමුව දෙවන ලෝක යුද්ධයේ වැදගත් සන්ධිස්ථානයක්. එහිදී ජර්මනියේ ඉතිරිව තිබුණු කොටස් දෙකඩ වුණා. මෙහි දැක්වෙන ඡායාරූපය එම අවස්ථාව සනිටුහන් කිරීමට ගත් නිල ඡායාරූපයයි.

මෙම හමුව සිදුවූ ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය සෙබළුන්ද වූ බව සඳහන්. නමුත් නිල වශයෙන් සෝවියට් සහ බ්‍රිතාන්‍ය සෙබළුන් අතර හමුවීම සිදුවූයේ මීට දින කිහිපයකට පසු උතුරු ජර්මන් නගරයක් වූ විස්මාර්හි දී.

1945 මැයි 7 වනදා බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාර්ෂල් මොන්ට්ගොමරි සහ සෝවියට් මාර්ෂල්වරයකු විස්මාර් නගරයේදී හමුවුණා. එම සෝවියට් මාර්ෂල්වරයා කවුද?

පිළිතුරු

1. බ්‍රැන්ඩන්බර්ග් ඩිවිෂනය

2. රස්තෝෆ් නා දොන්

3. මයකෝව්ස්කයා

4. සමාරා

5. බරිස් වසිල්යේෆ්

6. ලිඩියා ලිත්ව්‍යාක්

7. ෆිලිප් ඔක්ත්යාබර්ස්කි

8. ෆීල්ඩ් මාර්ෂල් පියෝතර් රුම්යාන්ත්සෆ් (එසේත් නැත්නම් රුම්යාන්ත්සෆ්-සදුනයිස්කි)

9. රදියෝන් මලිනෝව්ස්කි

10. කොන්ස්තන්තීන් රකසෝව්ස්කි
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-8756733870090890972021-05-11T09:00:00.001+05:302021-05-11T09:00:06.608+05:30මාධ්‍ය හමුවකදී බර්ලින් තාප්පය බිඳවැටුණ හැටි
1989 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ වෙද්දි නැගෙනහිර ජර්මනියෙ කොමියුනිස්ට් පාලනයට එරෙහි උද්ඝෝෂණ ඔඩුදුවමින් තිබ්බෙ. ලක්ෂ ගණන් මහ මග විරෝධතාවල. අවුරුදු දහ අටක් රට පාලනය කරපු එරික් හොනෙකර්ව අයින් කරලා ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන්න රජය කටයුතු කරල තිබ්බත් එය ප්‍රමාණවත් වෙලා තිබුණෙ නැහැ.

මේ අනුව 1989 නොවැම්බර් 9 වෙනිදා පාලක SED පක්ෂය තීරණය කළේ සංචරණ නීති වෙනස් කරමින් බර්ලින් තාප්පය විවෘත කළයුතු බවයි. නමුත් එක්වරම නෙවෙයි. ක්රමානුකූල ක්‍රමවේදයකට අනුව.

මේ දිනවල, අලුත් ප්‍රතිසංස්කරණ යටතේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මෙන් කටයුතු කළේ ගුන්තර් ෂබොව්ස්කි. නව සංචරණ නීති පිළිබඳ සටහනක් පක්ෂයේ මහ ලේකම් ඊගොන් ක්රෙන්ට්ස් විසින් ෂබොව්ස්කි වෙත ලබාදුන්නා. ෂබොව්ස්කි මෙම සීමා ලිහිල් කිරීම පිළිබඳ රැස්වීමේ හිටියෙ නැහැ. ඒ නිසා මේවා දැනට හෙළි නොකළ යුතු බව ඔහු දැන සිටියෙත් නැහැ. එදා මාධ්‍ය හමුවෙදි ඔහු මේ නව සංචරණ නීති ගැන කියා සිටිමින් නැගෙනහිර ජර්මානුවන්ට බර්ලින් තාප්පය හරහා ගමන් කරන්න ඉඩ දෙන බව ප්‍රකාශ කළා.

මෙය අදහාගන්න බැරි ප්‍රකාශයක් වුණා. ඒ නිසාම මාධ්‍යවේදියෙක් ඇහුවා මෙය කවදා ඉඳන් බලපැවැත්වෙනු ඇතිද කියා. මේ ගැන කිසිවක් හරියට නොදත් ෂබොව්ස්කි සිය අත වූ සටහන බැලුවා. එහි කිසිවක් නැහැ.

"මා දන්නා පරිදි දැන් ඉඳන්" ෂබොව්ස්කි කිව්වා.

එයින් පසු නැගෙනහිර ජර්මානුවන් වැල නොකැඩී තාප්පය වෙත පැමිණියා. ඔවුන් ආපහු හරවන්න හැකි බලයක් මෙලොව වූයේ නැහැ.

බර්ලින් තාප්පයේ සම්පූර්ණ කතාව මෙතනින් කියවන්න: බර්ලින් තාප්පය බිඳ වැටීම-1989 නොවැම්බර් 09
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-15985417669799279432021-05-08T21:00:00.001+05:302021-05-08T21:00:06.039+05:30විලියම් ඩැල්රිම්පල් - Return of a King (රජකුගේ පුනරාගමනය)
1830 දශකයේ අගභාගයේදී බ්‍රිතාන්‍යය හමුදාවක් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළේය. එම හමුදාවේ අභිප්‍රාය වූයේ සඩොසායි රජ පෙළපතේ ශා ෂුජා යළි ඇෆ්ඝනිස්ථානයේ රජ බවට පත් කරවීමයි. මෙම ව්‍යායාමය ආරම්භයේදී එම හමුදා කන්දහාර් වෙත ගමන් කරන අතරතුර, කලාත් ප්‍රදේශයේ පාලකයාගේ සහය අපේක්ෂාවෙන්, බ්‍රිතාන්‍ය නිලධාරියකු සහ ඔත්තුකරුවකු ද වූ සර් ඇලෙක්සැන්ඩර් බර්න්ස් ඔහු හමුවීමට ගියේය. කලාත් හි පාලක මෙහ්රාබ් ඛාන් එම ඉල්ලීම ප්‍රතික්ශේප කළේය.

බර්න්ස් යළි පිටත්වීමට සැරසෙද්දී මෙහ්රාබ් ඛාන් ඔහුගෙන් විමසූයේ ඇෆ්ඝන් ඉතිහාසය මනාව පැහැදිලි කරන ඓතිහාසික පැනයකි.

"ඔබ මෙරටට හමුදාවක් ගෙනවිත් තිබේ. දැන් එය ආපසු රැගෙන යන්නට හිතාගෙන ඉන්නේ කෙසේද?"

බ්‍රිතාන්‍යය විසින් සිදු කරන ලද විනාශකාරී වූ ඇෆ්ඝන් ආක්‍රමණය පිළිබඳ, කළින් නොලියූ ආකාරයේ පොතක් ලිවීමේ අටියෙන් විලියම් ඩැල්රිම්පල් මෙම කෘතිය රචනා කිරීම ඇරඹීය. ඔහු මෙහිදී බ්‍රිතාන්‍ය, ඉන්දියානු, ඇෆ්ඝන් සහ රුසියානු යනාදී මූලාශ්‍ර යොදාගන්නා අතර ඇෆ්ඝනිස්ථානයේ සටන් සිදුවූ ප්‍රදේශවලට ද ගොස් එම සටන් බිම් හැබැහින් දැක ගත්තේය. මෙය එහි ප්රතිඵලයයි.

මෙම කෘතිය රුසියානු - බ්‍රිතාන්‍ය බල අරගලය, ඇෆ්ඝනිස්ථානය නූතන රාජ්‍යයක් ලෙස නිර්මාණය වීම මෙන්ම පසුකාලීන සෝවියට් සහ ඇමරිකානු ප්රමුඛ බටහිර රටවල ඇෆ්ඝන් යුධ මෙහෙයුම් පිළිබඳව ද වටහා ගැනීමට මනා පිටුබලයකි.

ප්‍රකාශක: Bloomsbury

ප්‍රකාශන වර්ෂය: 2013
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com2tag:blogger.com,1999:blog-6319254911611388907.post-73067803799206866042021-05-08T12:46:00.000+05:302021-05-08T12:46:01.577+05:30චිත්‍රපටය: සෙවස්තෝපල් සඳහා සටන
දෙවන ලෝක යුද්ධයේ ස්නයිපර්වරුන් ගැන මතක් කරද්දි සෝවියට් ස්නයිපර්වරියන් ගැන අමතක කරන්න බැහැ. ඒ අතරිනුත් විශිෂ්ටම ස්නයිපර් වෙඩික්කාරියක ලෙස සැලකෙන ලුද්මීලා පව්ලිචෙන්කෝ පාදක කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් තමයි බීත්ව ස සෙවස්තෝපල් (සෙවස්තෝපල් සඳහා සටන).

මෙම කතාව මූලික වශයෙන් ජර්මන් ආක්‍රමණය පටන් ගත් තැන සිට සෙවස්තෝපල් සටනේ අවසන් කාලය වෙතත්, පව්ලිචෙන්කෝ ඇමරිකාවේ කළ සංචාරයටත් විටින් විට අවධානය යොමු කරමින් දිවෙන කතාවක්. මෙහි පව්ලිචෙන්කෝගේ ජීවිත විස්තර බොහෝ සේ වෙනස් කර තිබෙන නිසා ඇගේ ජීවිත කතාව මෙයින් ඉගෙනගන්න උත්සාහ නොකළ යුතුයි. කෙසේ වෙතත්, ඇය ඉතා කෙටි කලක් තුළ සතුරු හමුදාවන් හි 300 ක් ඉක්මවූ පිරිසක් සිය තුවක්කුවට ඉලක්ක කරගත් බව සත්‍යයක්. එමෙන්ම ඉතා විශාල අභියෝග මැද සෝවියට් සේනාංක සෙවස්තෝපල් නගරය ආරක්ෂා කරගන්නට කළ දැවැන්ත අරගලය පිළිබඳ ඔබට මෙහිදී දකින්න පුළුවනි.

මෙහි තේමා ගීතය ලෙස යොදාගෙන ඇත්තේ රුසියාවේ සුප්‍රකට තරුණ ගායිකාවක වන පලීනා ගගාරිනා ගයන "කුකුෂ්කා" ගීතයයි. එය පැරණි ගීයක නව සංස්කරණයක්. මුල් ගීතය ගයන ලද්දේ 80 දශකයේ සුප්‍රකට සෝවියට් තරුණ ගායක තාරකාව වූ වික්තර් ත්සෝයි විසින්.

ෆිල්ම් එකේ ජවනිකා සමග කුකුෂ්කා ගීතය:

Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-58522963968639821692021-05-04T15:37:00.003+05:302021-05-04T15:37:54.618+05:30චිත්‍රපටය: උණු හිම
1972 දී තිරගත වූ මෙම සෝවියට් චිත්‍රපටය මගින් අප රැගෙන යන්නේ 1942 දෙසැම්බර් මාසය වෙත ය. එම වසරේ නොවැම්බර් 19 වනදා ක්‍රියාත්මක කරන ලද යුරේනස් මෙහෙයුම මගින් සෝවියට් හමුදා විසින් ස්තලින්ග්‍රාද් හි සිටි ජෙනරල් ෆොන් පවුලුස්ගේ 6 වන ජර්මන් හමුදාව වටලන ලදී. වටලෑම කඩාගෙන එන්නට පවුලුස් අවසර පැතුවද හිට්ලර් එම අවසරය නුදුන්නේ ය. ඒ වෙනුවට ඔහු කළේ ජෙනරල් එරික් ෆොන් මැන්ස්ටයින් යටතේ විශාල යුධ ටැංකි සංඛ්‍යාවක් ද සහිත සේනාංකයක් ස්තලින්ග්‍රාද් දෙසට එවීම ය. මැන්ස්ටයින් බලාපොරොත්තු වූයේ සෝවියට් වටලෑම බිඳගෙන ස්තලින්ග්‍රාද් වෙත කඩා වැදීමට ය.

ජර්මානුන් විසින් විශාල සේනාංකයක් එව්වද, ඔවුන් මෙම ප්‍රදේශයේ තමන් සතු උපරිම ශක්තිය මේ සඳහා යොදන බව සෝවියට් හමුදා නායකත්වයට පෙනී ගිය බව දිස් විය. එහෙයින් සිය අතිරේක හමුදා සටනට එවීම හැකි තරම් ප්‍රමාද කර, තමන් සතු සේනාංකවලින් මැන්ස්ටයින්ගේ ප්‍රහාරය මැඩලීම සෝවියට් නායකත්වයේ බලාපොරොත්තුව විය.

මෙසේ මැන්ස්ටයින්ගේ දැවැන්ත යුධ ටැංකි හමුදාව නවත්වාගැනීම සඳහා යොදවන ලද යුධ ටැංකි නාශක බතරොයියක පැය කිහිපයක දැවැන්ත අරගලය පිළිබඳ Горячий снег (ගර්යාචි ස්නේග් - උණු හිම) චිත්‍රපටය අපට පෙන්නුම් කරයි.

සුප්‍රකට සෝවියට් ලේඛක යූරි බෝන්දරෙෆ් විසින් රචිත මෙම නමින්ම යුත් නවකතාව උණු හිම චිත්‍රපටයට පාදක වී ඇත. බෝන්දරෙෆ් එම නවකතාව ලියූයේ කාලතුවක්කු හමුදා නිලධාරියකු ලෙස තම අත්දැකීම් ද සහිතව ය.

ගබ්රියේල් යෙගියාසරෆ් (Gabriel Yegiazarov) විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ යූරි නසාරෆ්, බරීස් තෝකරෙෆ්, අනතෝලි කුස්නෙස්තෝෆ් සහ ගියෝර්ගි ජ්යානෆ් ආදීන් ය. සංගීතය ඇල්ෆ්‍රඩ් ෂ්නීත්ක විසිනි.

ඉංග්‍රීසි උපසිරැසි සහිතව බලන්න:

තේමා සංගීතය

Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-34920604536853919882021-05-03T16:42:00.001+05:302021-05-03T16:44:27.444+05:30චිත්‍රපටය: බර්ලින් වෙත යන මග
සෝවියට් ලේඛක එම්මානුවිල් කසකේවිච් විසින් ලියන ලද කෙටි නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු Дорога на Берлин (දරෝග න බෙර්ලින් - බර්ලින් වෙත යන මග) 2015 දී තිරගත වූ රුසියානු යුධ චිත්‍රපටයකි.

සර්ගේයි පපෝව් (Sergei Popov) විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය නට්සි ජර්මනිය පරාජය කළ විජයග්‍රහණයේ 70 වන සංවත්සරයට සමගාමීව 2015 මැයි 7 වනදා නිකුත් විය.

මෙහි කතාව ගෙතෙන්නේ ප්‍රධාන චරිත දෙකක් වටාය. ඒ ලුතිනන් සර්ගේයි අගර්කොෆ් සහ ජුර්බයෙෆ් ය. අගර්කොව් යුධ අධිකරණය විසින් මරණ දණ්ඩනයට නියම කරනු ලබන අතර ඔහුව මුර කිරීමට භාර දෙන්නේ කසාක් ජාතික ජුර්බයෙෆ් වෙත ය. මේ අවස්ථාවේ ජර්මානු හමුදා ඔවුන් සිටින ගම්මානය අල්ලාගනිති. අගර්කොෆ්ගේ දණ්ඩනය තහවුරු කිරීමට ජුර්බයෙෆ් ඔහුව හමුදා මූලස්ථානය වෙත ගෙන යා යුතු ය.

අගර්කොෆ්ට පළා යන්නට අවස්ථා ගණනක් ලැබේ. ඔහු පළා යනු ඇතිද? ඔවුන් දෙදෙන හමුදා මූලස්ථානය වෙත යයි ද? එසේ නැතිනම් හමුදා මූලස්ථානය සොයාගෙන බර්ලින් වෙත ම යන්නට වේද? චිත්‍රපටය නැරඹීමෙන් ඔබට එම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇත.

ඉංග්‍රීසි උප සිරැසි සමග චිත්‍රපටය නරඹන්න:

Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-57586885474683540112021-05-02T09:30:00.002+05:302021-05-02T09:37:10.624+05:30චිත්‍රපටය: යුද්ධයට යන්නේ “වයසක මිනිසුන්” පමණි
2020 වසරේදී දෙවන ලෝක යුද්ධයේ විජයග්‍රහණයේ 75 වන සංවත්සරයට සමගාමීව Kino Mail.ru වෙබ් අඩවිය විසින් පවත්වන ලද මත විමසුමට අනුව ජනප්‍රියම සෝවියට් යුධ චිත්‍රපටය බවට පත්වූයේ В бой идут одни "старики" (ව් බොයිදූත් අද්නී ස්තරීකි - යුද්ධයට යන්නේ වයසක මිනිසුන් පමණි) යන චිත්‍රපටයයි.

ලියොනිද් බයිකෆ් විසින් අධ්‍යක්ෂණය කරන ලද, 1973 දී තිරගත වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ද බයිකෆ් ය. ප්‍රහාරක ගුවන් යානා බලඝණයක නියමුවන් පිරිසකගේ ජීවිතය අළලා මෙය නිර්මාණය වී ඇත. එම බලඝණය වෙත පියාසර පාසැලෙන් නික්මුනු, යුධ පෙරමුණේ අත්දැකීම් රහිත තරුණ නියමුවන් පිරිසක් එවනු ලබයි. එහෙත් ප්‍රවීණ නියමුවෝ විවිධ කරුණු දක්වමින් ඔවුන් අවදානමට ලක් නොකර සිටිති. වයසක මිනිසුන් පමණක් යුද්ධයට යන්නේය යනු මෙම චිත්‍රපටයේ එන එක් කියමනකි. මෙහි "වයසක මිනිසුන්" යනු ප්‍රවීණයන් යන අදහස දනවන යෙදුමක් මිස වයසින් වැඩි යන අදහස නොවේ.

කෙසේ වෙතත්, තරුණයින්ව සම්පූර්ණයෙන් යුද්ධයෙන් ඉවත තබාගත නොහැක. ඔවුන්ව ද අවශ්‍ය වන අවස්ථාව කෙදිනක හෝ මතුවේ.

බලඝණයෙහි සංගීත කණ්ඩායමක් වෙයි. එහි එන එක් තරුණයකු ඔවුනට ස්මුග්ලියන්කා නම් ගීතය හඳුන්වා දෙයි. එහෙයින් ඔහුට ස්මුග්ලියන්කා යන නම පටබඳින අනෙක් පිරිස ඔහුව විහිළුවට ගනී. එහෙත් එය උපහාසාත්මක විහිළුවක් නොව, ජීවිතය මඳක් සැහැල්ලු කරගන්නට කරන විවිධ දේ අතුරින් තවත් එකකි.

යුද්ධයට යන්නේ වයසක මිනිසුන් පමණි චිත්‍රපටය සඳහා පැරණි රුසියානු හා සෝවියට් ගීත කිහිපයක් යොදාගෙන තිබේ. එයින් ද වඩා ප්‍රකට වූ ගීතය ස්මුග්ලියන්කා ය. සෝවියට් පාර්ටිසාන්වරියන්ට ගෞරව පිණිස එය ලියවුණ නමුත් මුලින් එය එතරම් බැරෑරුම් නැතැයි සලකන ලද බව කියනු ලබයි. කෙසේ වෙතත්, වසර කිහිපයකට පසු, 1944 දී අලෙක්සන්ද්රොව් වාද්‍ය වෘන්දය විසින් ගායනා කරන ලදුව කලක් ප්‍රකට වූ ස්මුග්ලියන්කා ගීතය මෙම චිත්‍රපටය හේතුවෙන් අතිශයින්ම ජනප්‍රිය විය. (ඓතිහාසික වශයෙන් ගත්කළ, මෙම චිත්‍රපටයට පාදක වන 1943 වසර වනවිට ස්මුග්ලියන්කා ගීය ප්‍රසිද්ධ වේදිකාවේ ගායනා කර නොතිබුණි).

ස්මුග්ලියන්කා ගීතය රතු හමුදා වාද්‍ය වෘන් දය විසින් බල්ෂෝයි තියාතර් හි ගයන ලද අවස්ථාවක්:

මෙම චිත්රපටයෙහි විශාල සටන්, වීරෝධාර මෙහෙයුම් ආදිය නැත. තනි පුද්ගලයන්ගේ සහ කණ්ඩායමේ සාමූහික උත්සාහයෙන් අභියෝග ජය ගනිමින් හැකි තරම් සතුටින් කල් ගෙවීම මෙම පිරිසගෙන් ප්‍රදර්ශනය වෙයි. එහෙයින් සාමාන්‍ය සෝවියට් යුධ චිත්‍රපටයකින් අප බලාපොරොත්තු වන "බැරෑරුම්" මාතෘකා වෙනුවට මෙහි දිස්වන්නේ ඉතා සරල කතාවකි. එහෙත් යුද්ධයේ අනිටු ඵලයන් ද එම කතාන්දරයට නොවැළැක්විය හැකි ලෙස පැමිණෙයි.

චිත්‍රපටය පුරා දිවෙන්නේ යුද්ධය උත්කර්ශයට නැංවීමට වඩා අනාගතයේදී බිහිවන සාමය පිළිබඳ බලාපොරොත්තුව ය. "යුද්ධ එනවා, යනවා. එහෙත් සංගීතය හැමදාම තිබෙනවා" යනු තිතරෙන්කෝගේ ප්‍රකාශයකි. ඔහු අවසානයේදී දෙන්නේ ද පොරොන්දුවකි. එනම් යුද්ධය අවසන් වූ පසු ආපසු පැමිණ ස්මුග්ලියන්කා ගීතය ගයන පොරොන්දුව ය.

චිත්‍රපටය ඉංග්‍රීසි උප සිරැසි සමග බලන්න:

Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-38512855406012865692021-05-01T12:44:00.002+05:302021-05-01T12:47:45.406+05:302020 රුසියාවේ විජයග්‍රහණයේ දින සැමරුම් ප්‍රශ්නෝත්තර තරගය
2020 වසරේ, කෝවිඩ්-19 නිසා ලොක්ඩවුන් වෙච්ච කාලෙ, කොළඹ රුසියානු නිවසේ (කලින් කොළඹ රුසියානු මධ්‍යස්ථානය) ෆේස්බුක් පිටුවෙන් අපි විජයග්‍රහණයේ දින සැමරුම් ප්‍රශ්නෝත්තර තරගයක් පැවැත්වූවා.

මේ එහිදී අසන ලද ප්‍රශ්න සහ ඒවායේ පිළිතුරුයි.

Q 01

1. 1941 ජූනි 22 වනදා ජර්මානුන් "බාබරෝසා මෙහෙයුම" දියත් කරමින් සෝවියට් දේශය ආක්‍රමණය කළා. පළමු දවසේම පෙරමුණ ඔස්සේ ජර්මන් සේනාංක වේගයෙන් සෝවියට් භූමිය තුලට කඩා වැදුණා. එහෙත් එක් බලකොටුවකදී ජර්මානුන් බලාපොරොත්තු නොවූ ලෙස සෝවියට් ප්රතිරෝධයකට මුහුණ දුන්නා. පසුකාලයකදී මෙයට "වීරෝධාර බලකොටුව" යන ගෞරව නාමය පිරිණැමීමට සෝවියට් රජය ක්‍රියා කළා. වර්තමානයේ මෙම බලකොටුව බෙලරූස් රාජ්‍යයේ පිහිටා තිබෙනවා.

අපි අහන ප්රශ්නය නම් මෙම බලකොටුව කුමක්ද යන්නයි.

Q 02

2. ජර්මනිය විසින් 1941 ජූනි 22 වනදා බාබරෝසා මෙහෙයුම දියත් කළාට පස්සෙ ලෙනින්ග්‍රාද්, මොස්කව් සහ කියෙව් දෙසට දිශා තුනක් ඔස්සේ හමුදා ගමන් කළා. මොස්කව් නගරය ආසන්නයට ආපු ජර්මානුවන්, එම නගරය අල්ලාගැනීම සඳහා 1941 ඔක්තෝබරයේදි මෙහෙයුමක් දියත් කළා. බාබරෝසා මෙහෙයුමේ ම කොටසක් වෙච්ච මෙම මෙහෙයුමත් එක්ක තමයි මොස්කව් සටන පටන් ගත්තේ.

මෙම මෙහෙයුමට ජර්මානුන් දුන්න නම මොකක්ද කියලයි අද අපි ඔබෙන් අහන්නේ.

Q 03

3. බාබරෝසා මෙහෙයුමේදි ලෙනින්ග්‍රාද් දෙසට ගමන් ගත් ජර්මන් උතුරුදිග හමුදා කණ්ඩායම එම නගරය වටලාගත්තා. ලෙනින්ග්‍රාද් වටලෑම අවසන් වුණේ අවුරුදු දෙකකටත් වැඩි කලක් ගත වූ පසුවයි. සෝවියට් රතු හමුදා විසින් 1944 ජනවාරි 27 වනදා ලෙනින්ග්‍රාද් වටලෑම බිඳ දැමීමට සමත් වුණා.

අපි අහන්නේ, ලෙනින්ග්‍රාද් වටලෑම ඇරඹුණ දිනය ලෙස සලකන්නේ කවදාද යන්නයි.

Q 04

4. ස්තලින්ග්‍රාද් සටන දෙවන් ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වූ බව අපි දන්නවා. මේ සටනේදි සෝවියට් භටයින්ගේ වීරත්වය හා කැපකිරීම ඉතා පැහැදිලිව දිස් වුණා.

මේ ස්ථානය ස්තලින්ග්‍රාද් සටනේ නොමැකෙන සිහිවටනයක්. අදත් මෙහි ස්මාරකයක් දකින්න පුළුවන්. මෙහිදී සෝවියට් සෙබළුන් පිරිසක් මාස දෙකක කාලයක් ජර්මන් ප්‍රහාර ඉදිරියේ සටන් කරමින් සිටියා. ඔවුන් මෙම ගොඩනැගිල්ල ජර්මානුන් අතට පත්වීමට දුන්නේ නැහැ.

මෙම ගොඩනැගිල්ල ස්තලින්ග්‍රාද් සටනින් පසුව හඳුන්වන නම කුමක්ද?

Q 05

5. දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණේදී ජර්මානුන් දියත් කළ අවසන් දැවැන්ත ප්‍රහාරක මෙහෙයුම වූයේ "ඔපරේෂන් සිටඩෙල්". 1943 ජූලි 5 වනදා දියත් කෙරුණ මෙම මෙහෙයුම කුර්ස්ක් සංග්‍රාමයේ ඇරඹුම සංකේතවත් කළා. මෙහිදී ජර්මන් හමුදා උතුරින් හා දකුණින් කුර්ස්ක් අඩකවය වෙත කඩා වැදුණා.

දකුණින් පැමිණි ජර්මන් පැන්සර් සේනාංකයක් හා සෝවියට් යුධ ටැංකි අතර 1943 ජූලි 12 වනදා සිදුවූ සටන ඉතිහාසයේ විශාලම යුධ ටැංකි සටනක් ලෙස සැලකෙනවා. මේ දිනය නිම වෙද්දී දෙපාර්ශවයම සිය අරමුණු ඉටු කරගත්තේ නැහැ. එහෙත් ජර්මන් ඉදිරි ගමන එයින් ඇණහිටියා.

මෙම සටන සිදුවූ ස්ථානයේ එය සිහි වීමට යුධ ස්මාරකයක් ඉදි කර තිබෙනවා. ඔබ මේ පින්තූරයේ දකින්නේ එයයි.

අපි අහන්නේ මේ ඓතිහාසික යුධ ටැංකි සටන කුමක්ද යන්නයි.

Q 06

6. 1944 පෙබරවාරි අවසානයේදී 1 වන යුක්රේනියානු පෙරමුණේ අණදෙන නිලධාරියා වූ නිකොලායි වතූතින් වෙත යුක්රේනියානු ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල වුණා. වතූතින් රෝහල්ගත කෙරුණා. (අප්‍රේල් 15 වනදා ඔහු මියගියා). වතූතින් තුවාල ලැබීමෙන් හිස් වූ 1 වන යුක්රේනියානු පෙරමුණේ අණදෙන නිලධාරී තනතුර මාර්ෂල් ෂූකොෆ් විසින් තාවකාලිකව බාරගත්තා. ඉන්පසු එය පැවරුණේ මෙම නිලධාරියාට යි. ඔහු ජර්මනිය පරාජය වීම දක්වා එම පෙරමුණ මෙහෙයවූවා. මොහු කවුද?

Q 07

7. 1944 ජූනි මාසයේදි සෝවියට් හමුදා බෙලෝරුසියාවේ දැවැන්ත ක්‍රියාන්විතයක් දියත් කළා. මෙයට 1 වන බෙලෝරුසියානු පෙරමුණ, 2 වන බෙලෝරුසියානු පෙරමුණ, 3 වන බෙලෝරුසියානු පෙරමුණ හා 1 වන බෝල්ටික් පෙරමුණ යන සෝවියට් හමුදා පෙරමුණු දායක වුණා. මෙම මෙහෙයුමට නම ලබා දුන්නේ නැපෝලියන්ගේ යුද්ධවලදී රුසියාව වෙනුවෙන් සටන් වැදී, බොරෝදිනෝ සටනින් තුවාල ලබා, එම තුවාල හේතුවෙන් මරණයට පත් වූ ජෝර්ජියානු සම්භවයකින් යුතු සෙනවියකුගේ නමින්. මෙම සෙනවියාගේ නම කුමක්ද?

Q 08

8. සෝවියට් හමුදා ඉතිහාසයේ ලාබාලම ජෙනරාල්වරයා ලෙස සැලකෙන මොහු 3 වන බෙලෝරුසියානු පෙරමුණේ ආරම්භක අණදෙන නිලධාරියා වුණා. 1945 පෙබරවාරි 18 වනදා ක්‍යෝනිග්ස්බර්ග් (වර්තමාන කලිනින්ග්‍රාද්) නගරය අසළදී එල්ල වූ ප්‍රහාරයකින් මියයන විට ඔහු 37 හැවිරිදි වුණා. එමෙන්ම දෙවන ලෝක යුද්ධ සමයේදී සෝවියට් හමුදා පෙරමුණක අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ එකම යුදෙව්වා වූයේ ද මොහු යි.

මොහු කවුදැයි ඔබ දන්නවාද?

Q 09

Q 09

9. ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ ආරම්භය සහ අවසානය සනිටුහන් වන ප්‍රසිද්ධම ඡායාරූප දෙක මේවා විය යුතුයි. මෙහි පළමුවැන්නේ දිස් වන්නේ ජූනි 22 වන දා ජර්මන් ආක්‍රමණය පිළිබඳ සෝවියට් රජයේ නිවේදනයට සවන් දෙන මොස්කව් වැසියන් පිරිසක්. දෙවැන්නේ දිස් වන්නේ බර්ලිනයේ රයික්ස්ටාග් ගොඩනැගිල්ල මත සෝවියට් ධජය එසවීමයි.

අද ප්රශ්නය පහසු එකක්. යුද්ධයේ ඇරඹුම හා නිමාව සටහන් වන මේ ඡායාරූප දෙකම ගන්නා ලද්දේ එකම ඡායාරූප ශිල්පියා විසින්. ඔහු කවුද?

පිළිතුරු

1. බ්‍රෙස්ට් බලකොටුව

2. ඔපරේෂන් ටයිෆූන්

3. 1941 සැප්තැම්බර් 8

4. පාව්ලෆ් නිවස (Pavlov House)

5. ප්රෝහරව්කා (Battle of Prokhorovka)

6. මාර්ෂල් ඉවාන් කෝනෆ් (Marshal Konev)

7. ජෙනරල් ප්යෝතර් බග්‍රතියෝන් (General Pyotr Bagration)

8. ජෙනරල් ඉවාන් චර්නිකෝව්ස්කි (General Ivan Chernyakovsky)

9. යෙව්ගෙනි හල්දෙයි (Yevgeny Khaldei)
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-86779174709029655042021-04-29T20:48:00.003+05:302021-04-29T20:48:30.908+05:30රුසියාවේ ත්සාර් දෙවන අලෙක්සන්දර්
1818 අප්‍රේල් 29 වනදා, මොස්කව් ක්‍රෙම්ලිනයේ කුඩා නිකුලස් මන්දිරයේදී රුසියාවේ ත්සාර් දෙවන අලෙක්සන්දර් උපත ලැබුවා. එකල රුසියාවේ ත්සාර් වූ පළමුවන අලෙක්සන්දර්ගේ බාල සහෝදරයා ද, අනාගත ත්සාර්වරයකු ද වූ පළමු නිකුලස්ගේ පුත්‍රයා වූ දෙවන අලෙක්සන්දර්, 1855 දී ත්සාර් ලෙස පත්වුණා.

මහා පීටර් විසින් රුසියාවේ අගනුවර පීතර්බුර්ග් වෙත ගෙනගිය බව ඔබ දන්නවා. 1725 න් පසු රුසියාවේ පාලනයට පත් වූ සියළු අධිරාජයින් හා අධිරාජිණියන් අතුරින් මොස්කව්වලදි උපන් අයකු වන්නේ දෙවන අලෙක්සන්දර් පමණයි. සම්ප්‍රදායිකව ත්සාර් පවුල පාස්කු නිවාඩුවට මොස්කව් පැමිණීමේ සිරිතක් වුණා. අලෙක්සන්දර් උපන්නේ එවන් අවස්ථාවකයි.

දෙවන අලෙක්සන්දර් වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ 1861 දී ප්රවේණිදාසයන් නිදහස් කිරීම නිසයි. එහෙයින් ඔහු "විමුක්තිදායකයා" ලෙස නම් ලැබුවා.

දෙවන අලෙක්සන්දර්ගේ ජීවිතය, ආදර කතා, ඔහු මුහුණදුන් ඝාතන ප්රයත්නයන් හා ඔහුගේ ඝාතනය ආදිය ගැන ලියන්න කරුණු බොහෝ තියෙනව. වෙලාවක් වුණොත් ලියන්නම්.

දෙවන අලෙක්සන්දර්ට මරණාත්මක බෝම්බ ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සාදවන ලද දේවස්ථානය ගැන මෙතැනින් කියවන්න: සාන්ත පීතර්බුර්ග් නගරයේ පාට පාට පල්ලිය
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-56998143480130082642021-04-26T12:28:00.001+05:302021-04-26T12:28:34.003+05:30ජර්මන් හරිත පක්ෂය පළමු වරට ජනප්‍රියම දේශපාලන පක්ෂය බවට පත්වෙයි
ජර්මනියේ පවත්වන ලද සමීක්ෂණයකදී පළමු වරට එරට හරිත පක්ෂය අන් දේශපාලන පක්ෂ සියල්ල අභිබවා ඉදිරියට පැමිණ තිබෙනවා.

Bild am Sonntag පුවත්පත වෙනුවෙන් Kantar ආයතනය විසින් සිදුකළ "ඉරිදා ප්රවණතා" සමීක්ෂණයේදී හරිත පක්ෂය සියයට 28 ක ජනප්‍රියත්වයක් පෙන්නුම් කළා. මෙය කලින් සතියට වඩා සියයට හයක් ඉදිරියට පැමිණීමක් වනවා.

බෙයර්බොක් සහ මර්කල් (DPA)

චාන්සලර් ඇන්ගෙලා මර්කල්ගේ CDU/CSU සන්ධානය සියයට 27 ක ජනප්‍රියත්වයක් පෙන්වන අතර සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය සියයට 13 ක ජනප්‍රියත්වයක් පෙන්වනවා.

අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය පක්ෂය සියයට 10 ක ජන ප්‍රසාදයක් ලබාගනිද්දී අන්ත වාමාංශික "වාම පක්ෂය" සියයට 7 ක ජන ප්‍රසාදයක් වාර්තා කර තිබෙනවා. නිදහස් ප්රජාතන්ත්රවාදී පක්ෂය සියයට 9 ක ප්‍රසාදයක් වාර්තා කළා.

කියවන්න: ජර්මනියේ ප්‍රධාන දේශපාලන පක්ෂ

හරිත පක්ෂය මෙම ජනප්‍රියත්වය පෙන්නුම් කරන්නේ අන්නාලීනා බෙයර්බොක් පක්ෂයේ චාන්සලර් අපේක්ෂකයා ලෙස නම් කරන ලද පසුවයි. CDU/CSU සන්ධානය ද තම අපේක්ෂකයා ලෙස අමීන් ලැෂෙට් නම් කළේ ජනතාව අතර වඩා ජනප්‍රිය පුද්ගලයා වන CSU නායක මාර්කස් ෂ්යෝඩර් පසෙකට දමමින්.

මේ අතර සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය සිය චාන්සලර් අපේක්ෂකයා ලෙස ඔලාෆ් ෂොල්ට්ස් නම්කළා. ඔහු පසුගිය දා බෙයර්බොක් විවේචනය කළේ ඇය පරිපාලනයේ අත්දැකීම් අඩු අයකු බව ප්‍රකාශ කරමින්. දැනට උප චාන්සලර් ධුරය දරන ෂොල්ට්ස් පවසන්නේ ජර්මනිය වැනි විශාල කාර්මික රාජ්‍යයක් මෙහෙයවීමට සුදුසු වන්නේ තමන් වැනි පළපුරුදු අයකු බවයි. ෂොල්ට්ස් සහ බෙයර්බොක් එකම ප්‍රදේශයේ දේශපාලකයන් වන හෙයින් ඔවුන් අතර පැහැදිලි තරගයක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතර පසුගිය සතිය තුළ හරිත පක්ෂයට අලුතින් සාමාජිකයන් 2,159 ක් එක්ව ඇතැයි එම පක්ෂය සඳහන් කළා.
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-73575491928463628522021-04-24T13:45:00.002+05:302021-04-24T13:45:22.482+05:30G5 සහේල් සංවිධානයඅප්රිකාවේ සහරා කාන්තාරය සහ නිවර්තන කලාපීය ප්‍රදේශ අතර පිහිටි අර්ධ ශුෂ්ක සහේල් කලාපය ආශ්‍රිතව පිහිටි රටවල් පහක එකමුතුවක් G5 සහේල් (G5 du Sahel) නමින් හඳුන්වනු ලබයි.

මෙම සංවිධානය පිහිටුවාගනු ලැබුනේ 2014 පෙබරවාරි 15 සිට 17 දක්වා පැවති අන්තර්ජාතික සමුලුවකදී ය.

මෙම සංවිධානයේ සාමාජිකයන් වන්නේ මොරිටානියාව, මාලි, බුර්කිනා ෆාසෝ, නයිජර් සහ චැඩ් ය. මෙම සියල්ල පැරණි ප්‍රංශ යටත් විජිත වේ. එහෙයින් මෙම සංවිධානය සහ ප්‍රංශය අතර සමීප සබඳතාවයක් දක්නට ලැබේ.

2014 දෙසැම්බරයේදී මෙම සංවිධානයට අයත් වන රටවල් ගිවිසුමකට එළඹියේය. එමෙන්ම සංවිධානයේ නිත්‍ය ලේකම් කාර්යාලය මොරිටානියවේ පිහිටු වීමට කටයුතු කෙරිණ.

මෙම රටවල්වල ආර්ථික දියුණුව සහ ආරක්ෂාව සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳ මෙම සංවිධානය අවධානය යොමු කරයි. මෑත කාළයේදී ඉස්ලාමික අන්තවාදී සංවිධානවලින් එන තර්ජනයන් පිළිබඳ ද විශේෂ අවධානයක් ඔවුන් යොමු කර තිබේ. ප්‍රංශය විසින් කලාපයෙහි 5,100 ක පමණ වන හමුදාවක් මේ වනවිට නවත්වා තිබේ.

G5 සහේල් සංවිධානය ධරණීය සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. සංවර්ධන අවශ්‍යතා වන පරිපාලනය, ආරක්ෂාව, ආර්ථික ශක්තිය සහ යටිතල පහසුකම් ආදිය පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා ආයෝජන ප්‍රමුඛතා වැඩසටහන නම් වැඩ පිළිවෙලක් ද ඔවුහු අනුගමනය කරති.

Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-33153893709056270352021-04-23T19:50:00.001+05:302021-04-23T19:58:02.506+05:30ලෙනින් තම ආරූඪ නාමය තෝරාගත්තේ කෙසේද?
සෝවියට් රුසියාවේ සහ සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලදිමීර් ඉලීච් උල්යානෆ් වඩාත් ප්‍රසිද්ධ වුණේ ලෙනින් යන නමින්. ලෙනින් යනු ඔහු 1901 දි පමණ භාවිතයට ගන්නා ලද ආරූඪ නාමයක්. සාමාන්‍යයෙන් රහසිගත දේශපාලනයේ යෙදුණ බල්ෂවික්වාදීන් මෙවැනි ආරූඪ නාම භාවිතා කිරීම ප්‍රකට කරුණක් වුණා. එමෙන්ම ඔවුන් ඇතැම්විට එවන් නම් ගණනාවක් භාවිතා කළා.

ලෙනින් යනු උල්යානෆ් භාවිතා කළ ආරූඪ නාම 146 කින් එකක්. මේ නම් අතර රුසියානු නම් 129 ක් සහ විදෙස් නම් 17 ක් වූ බවයි කියවෙන්නේ.

නමුත් ඔහු භාවිතා කළ අන් සියළු නම්වලට වඩා ප්‍රකට වූයේ ලෙනින් යන නමයි. ඔහු ඒ නම තෝරාගත්තේ කවර හේතුවක් නිසාද යන්නත් විවාදයට තුඩුදෙන කතාවක්. උල්යානෆ් කිසිදු දිනෙක ලෙනින් යන නමෙහි උපත පැහැදිලි නොකළ හෙයින් මෙම විවාදය කිසිදිනෙක සම්පූර්ණයෙන් විසඳෙනු ඇතැයි සිතන්නත් අපහසුයි.

ලේනා නදියෙන් ලෙනින්

මෙයින් වඩාත් ජනප්‍රිය සහ වැඩි පිළිගැනීමක් ලැබී ඇති මතය වන්නේ ලෙනින් සිය නාමය රුසියාවේ මහා ගංගාවක් වන ලේනා නදිය ඇසුරින් ගෙතූ බවයි. ඇතැමුන් විශ්වාස කරන්නේ එය ලේනා හෝ එලේනා හෝ යන කාන්තා නම ඇසුරින් ගොඩනගන ලද බවයි. එහෙත් එය එතරම් ජනප්‍රිය මතයක් නොවේ.

Pic - The Moscow Times

ලෙනින්ගේ ලේලියක වූ ඔල්ගා උල්යානවා ද විශ්වාස කරන්නේ ලේනා නදිය ඇසුරින් ලෙනින් යන නම පටබඳින්නට ඇති බවයි. එකල වොල්ගා නදිය ආශ්රයෙන් පටබැඳුණ වොල්ගින් යන නම බොහෝදෙනා භාවිතා කරන ලද හෙයින් එය උල්යානෆ් භාවිතා නොකළ බව ඇය විශ්වාස කරනවා.

රුසියානු මාක්ස්වාදයේ පියාලෙස සැලකෙන ප්ලෙහානෆ් වොල්ගින් යන නම භාවිතා කළ නිසා ඔහුව උපහාසයට ගැනීමටත් උල්යානෆ් ලෙනින් යන නම ගත්තේ යයි මතයක් තිබෙනවා. එසේ වී නම් එය රුසියානු වාමාංශිකයන්ට පමණක් වැටහෙන දේශපාලන උපහාසයක් වන්නට ඇති.

ගමන් බලපත්‍රයක්

ලෙනින් තමන්ව "එන්. ලෙනින්" යනුවෙන් හඳුන්වාගන්නට පටන්ගෙන ඇත්තේ 1901 දී යි. එයට සමකාලීනව ඔහුට ඔහුගේ මිතුරකු සිය පියාගේ පැරණි ගමන් බලපත්‍රයක් දුන් බවට සඳහන් වනවා. එහි අයිතිකරුගේ නම නිකොලායි ඊගරවිච් ලෙනින් වූ අතර එහි උපන්දිනය වෙනස් කර තිබුණ බව සඳහන්. රටින් පිටවීමට වරක් ලෙනින්ට මෙම ගමන් බලපත්‍රය උපකාර වූ බව කියවෙනවා. කෙසේ නමුත් පසුව ඔහු ඒ නම භාවිතා කරන්නට අදහස් කර ඇතැයි මේ මතය අනුව පැවසෙනවා.

නිකොලායි ලෙනින්ගේ පවුල රදළ පවුලක්. සයිබීරියාවෙහි රුසියන් බලය තහවුරු කිරීමේදී එක්තරා කොසැක්වරයෙක් සැලකියයුතු කර්තව්‍යයක් කර තිබෙන අතර එක් සීත කාලයක් ලේනා නදිය අසළ ගතකර තිබෙනවා. එහෙයින් ඔහුට ලෙනින් යනුවෙන් නමක් ලැබී තිබෙනවා. නිකොලායි ලෙනින් ඔහුගෙන් පැවතෙන්නෙක්. ඔහු කලක් රජයේ උපදේශකයකුව සිටි අතර විශ්‍රාම ගැනීමෙන් අනතුරුව යරොස්ලාව් ප්‍රදේශයේ ජීවත් වුණා.

කෙසේ වෙතත් නිකොලායි ලෙනින් මියගියේ 1902 දී බවයි සඳහන් වන්නේ. ඒ වනවිට ව්ලදිමීර් ඉලීච් සිය ආරූඪ නාමය භාවිතා කිරීමට පටන්ගෙන තිබුණා.

තොල්ස්තෝයි පාඨකයා

ලෙනින් රුසියාවේ මහා ගත්කතුවර ලෙව් තොල්ස්තෝයි මහත් රුචියෙන් කියවූවෙක්. එමෙන්ම ඔහු තොල්ස්තෝයි හඳුන්වා දුන්නේ "රුසියානු විප්ලවයේ කැඩපත" ලෙසයි. තොල්ස්තෝයි ලියූ "කසාකි" (කොසැක්වරු) නම් නවකතාවක අලේනින් (Olenin) නම් චරිතයක් වනවා. කොකේසස් ප්‍රදේශයට පිටුවහල් කෙරෙන අලේනින් එහි ස්වභාව සෞන්දර්යයට ආශක්ත වනවා. 1898 දී තමන් සයිබීරියාවට පිටුවහල් කෙරෙද්දී ව්ලදිමීර් ඉලීච් මෙම නවකතාව කියවූ බව ඔහුගේ බිරිඳ නදේස්දා කෘප්ස්කායා පවසනවා. අලේනින් සහ තමන් අතර සමාන්තර ස්වභාවයක් ලෙනින්ට හැඟෙන්නට ඇතැයි සිතන්න පුළුවන්. මෙම නම ඇසුරින් ලෙනින් තමන්ගේ නම ද තෝරාගන්නට ඇතැයි සිතිය හැකි බවයි ඇතැම් ඉතිහාසකරුවන් පෙන්වා දෙන්නේ.

ප්‍රධාන මූලාශ්‍රය: Why did Vladimir Lenin adopt the name ‘Lenin’? (Russia Beyond)
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-46182155905362652252021-04-22T20:23:00.002+05:302021-04-22T20:26:33.533+05:30වෙනත් රටක ආරක්ෂක ඇමති වූ සෝවියට් මාර්ෂල්වරයා
දෙවන ලෝක යුධ සමයෙන් අනතුරුව කොමියුනිස්ට් පාලනය නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයකටම ව්‍යාප්ත වුණා. මේ අතරින් එක් රටක් වුණේ පෝලන්තය යි. සෝවියට් හමුදාවන්හි සහ එහි සහය ලද පෝලන්ත කොමියුනිස්ට් හමුදාවන්හි බලපෑමෙන් පෝලන්තයේ කොමියුනිස්ට් රජයක් බිහිවුණා.

නැගෙනහිර යුරෝපයේ බොහෝ රටවල මෙන්ම පෝලන්තයේ ද කොමියුනිස්ට්වාදීන් මුලින්ම සිය ප්‍රතිවාදීන් මර්ධනය කළා. පසුව කොමියුනිස්ට් පක්ෂය තුළම සිටි ස්ටාලින්වාදී සෝවියට් ක්‍රමය සමග අනුගත නොවූවන් මර්ධනය කළා. කොමියුනිස්ට්වාදය පෝලන්තයට ගැලපෙන ලෙස සකස් කරගතයුතු බව විශ්වාස කළ ව්ලැඩිස්ලාව් ගොමුල්කා පෝලන්ත කම්කරු පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් නෙරපන ලද්දේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි. මේ අනුව 1948 දී බොලෙස්ලාව් බේරූට් එම තනතුරට පත්වුණා.

බේරූට් පෝලන්ත නායකයා වූ පසු සෝවියට් හමුදා වැඩියෙන් පෝලන්තයේ කටයුතුවලට සම්බන්ධ කෙරුණා. පෝලන්ත හමුදා ඒකක බොහොමයක අණදෙන නිලධාරී තනතුරු සෝවියට් නිලධාරීන් වෙත ලැබුණා. නමුත් වැදගත්ම සිදුවීම වූයේ 1949 දී සෝවියට් මාර්ෂල්වරයකු වූ කොන්ස්තන්තින් රකසෝව්ස්කි පෝල්න්තයේ ආරක්ෂක ඇමති ධුරයට පත්වීමයි.

රකසෝව්ස්කිගේ පවුල පෝලන්ත රදළ පවුලක්. රකසෝව්ස්කි උපන්නේ 1896 දී, එවක රුසියානු අධිරාජ්‍යය යටතේ නාමිකව ස්වතන්ත්‍ර ප්‍රදේශයක් වූ "සංගම් පෝලන්තයේ" අගනුවර වූ වෝර්සෝ නගරයේ යි. 1914 දී රුසියානු අධිරාජ්‍යය වෙනුවෙන් හමුදාවට එක්වූ ඔහු 1917 න් පසු සෝවියට් පාලනය තෝරාගත්තා. පෝලන්තය ස්වාධීන රාජ්‍යයක් වූ පසුත් ඔහු පෝලන්තයට පැමිණියේ නැහැ.

දෙවන ලෝක යුද්ධයේ විශිෂ්ට සෝවියට් සෙන්පතීන් අතුරින් අයකු වූ ඔහු 1944 දී බග්‍රතියෝන් මෙහෙයුම සැලසුම් කරන තැන සිට සිදුකළ කාර්යයභාරය හේතුවෙන් මාර්ෂල්වරයකු බවට උසස් කෙරුණා.

1949 දී පෝලන්තයේ ආරක්ෂක ඇමති ලෙස ඔහු පත්වීම එරට තුළ සෝවියට් පාලනය පිළිබඳ පැහැදිලි සාධකයක් වුණා.

රකසෝව්ස්කිව පෝලන්ත වැසියන් දුටුවේ පෝලන්ත ජාතිකයකු ලෙස නොව රුසියානුවකු ලෙසයි. එහෙයින් ඔහු කළේ ජනප්‍රිය රාජකාරියක් නොවේ. පෝලන්ත ජාතිකයන් සහ රුසියානුවන් අතර ඓතිහාසික එදිරිවාදිකම ඉතා දිගු එකක් වූයෙන් කොමියුනිස්ට්වාදයට එය බලෙන් මර්ධනය කරනවා විනා, මුලිනුපුටා දමන්න හැකියාවක් වූයේ නැහැ.

"රුසියාවේදී ඔවුන් මා පෝලන්තකාරයකු යයි කියනවා. පෝලන්තයේදී ඔවුන් මා රුසියානුවකු යයි කියනවා" යනුවෙන් රකසෝව්ස්කි ම මේ පිළිබඳ සඳහන් කර තිබෙනවා.

1956 ජූනි මාසයේදී පෝලන්තයේ ඇතිවූ ජනතා විරෝධයෙන් අනතුරුව එරට ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදුවූ අතර සෝවියට් ඍජු අධීක්ෂණය අඩු කෙරුණා. රකසෝව්ස්කිගේ ආරක්ෂක ඇමති රාජකාරිය ද එයින් අවසන් වුණා.
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-5323133072126754932021-04-20T02:49:00.002+05:302021-04-20T02:49:13.260+05:30ජර්මන් හරිත පක්ෂයේ චාන්සලර් අපේක්ෂිකාව
ජර්මනියේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත මහමැතිවරණයේදී සිය පක්ෂයේ චාන්සලර් ධූර අපේක්ෂිකාව ලෙස අන්නාලීනා බෙයර්බොක් නම් කරන බව එම පක්ෂය නිවේදනය කළා. මෙයින් පෙර කිසිදු අවස්ථාවක හරිත පක්ෂය චාන්සලර් ධුරයට අපේක්ෂකයකු නම්කර නැහැ.

හතළිස් හැවිරිදි බෙයර්බොක් 2018 සිට පක්ෂයේ සම නායිකාව වනවා. බ්‍රැන්ඩන්බර්ග් ප්‍රාන්තයේ හරිත පක්ෂ නායිකාව ලෙස 2009 සිට 2013 තෙක් කටයුතු කළ බෙයර්බොක් 2013 සිට ජර්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වනවා. ඇය හැම්බර්ග් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් ලබාගෙන ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් වෙතින් අන්තර්ජාතික නීතිය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තා. ඇය ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි බස හසුරවන අයෙක්.

මෙවර මැතිවරණය සඳහා හරිත පක්ෂය ඉදිරිපත් වන්නේ අන් කිසිදු අවස්ථාවකට වඩා ප්රබලවයි. එහෙයින් තනිව ආණ්ඩු පිහිටුවීමක් පිළිබඳ සිතිය නොහැකි වුවද මීළඟ මැතිවරණයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගන්නා පක්ෂය බවට පත්වීමේ සැලකියයුතු අවස්ථාවක් හරිත පක්ෂයට තිබෙනවා.
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-10264644803318254852021-04-19T12:50:00.004+05:302021-04-19T12:50:34.673+05:30අගමැතිවරයකුගේ දිවි නසාගැනීම - 1941
1941 අප්‍රේල් 18 වනදා ග්‍රීක අගමැති අලෙක්සන්ද්රොස් කොරිසිස් හිසට වෙඩි තබාගෙන දිවි නසාගත්තා.

අප්‍රේල් 6 වනදා ඇරඹුණ ජර්මන් ආක්‍රමණය හේතුවෙන් ග්‍රීක හමුදා වේගයෙන් පරාජය වීම මීට හේතුව ලෙස සැලකුණා. ග්‍රීක හමුදා 1940 ඔක්තෝබරයේ ඇරඹි ඉතාලි ආක්‍රමණය සාර්ථක ලෙස මැඩ පැවැත්වූවත්, ඉතාලි ප්‍රහාර හේතුවෙන් හමුදාවේ වැඩි කොටස වූයේ ඇල්බේනියා දේශසීමාවේ යි. එහෙයින් බල්ගේරියාවේ සිට ජර්මන් සේනා ග්‍රීසියට කඩා වැදෙද්දී ඊට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දැක්වීමට ග්‍රීක සේනා අසමත් වුණා.

1885 දී පෝරස් නම් කුඩා දිවයිනේ උපත ලද කොරිසිස් අගමැති ධුරයට පත් වූයේ 1941 ජනවාරි 29 වනදා යි. ඒ අගමැති ඉයොආන්නිස් මෙටක්සාස්ගේ මරණයෙන් පසුවයි.

ඇතැන්ස් නගරයේ කලබල ඇතිවේ යයි සැකය හේතුවෙන් කොරිසිස්ගේ මරණයට හේතුව මුලින් අනාවරණය කෙරුණේ නැහැ.

කෙසේ වෙතත් ග්‍රීසියේ දෙවන ජෝර්ජ් රජු යුධ නීතිය පනවා ඇතැන්ස් හි මහජන සාමය තහවුරු කළා. මේ අතර ජර්මන් සේනා නගරය දෙසට වේගයෙන් ඇදෙමින් සිටියා. ඔවුනට ඇතැන්ස් නුවරට ළඟාවීමට ගතවූයේ තවත් දින නවයක් පමණයි.
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-34676196761277428752021-04-18T11:43:00.008+05:302021-04-18T11:44:33.044+05:30ජර්මනියේ ප්‍රධාන දේශපාලන පක්ෂජර්මන් ෆෙඩරල් ජනරජයෙහි ක්‍රියාත්මක වන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකි.

Pic - DPA

ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුව

(ඉංග්‍රීසි: Christian Democratic Union; ජර්මන්: Christlich Demokratische Union Deutschlands; කෙටි නම CDU)

1946 ජූනි 26 වනදා පිහිටුවන ලද මෙම පක්ෂය ජර්මනියේ ප්‍රධානම දක්ෂිනාංශික පක්ෂය වේ. කන්සර්වේටිව් හෙවත් පැරණි සිරිත් විරිත් අගයන, ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රිකවාදී පක්ෂයක් වන මෙය ජර්මනියේ බැවේරියාව හැර අන් ප්‍රාන්තවල ක්‍රියාත්මකය.

ක්‍රිස්තියානි සමාජ එකමුතුව

(ඉංග්‍රීසි: Christian Social Union; ජර්මන්: Christlich-Soziale Union in Bayern; කෙටි නම CSU)

ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික එකමුතුවේ බැවේරියානු සගයා ය. මෙම පක්ෂය ද කන්සර්වේටිව්, ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික පක්ෂයක් වන අතර CDU පක්ෂයට වඩා කන්සර්වේටිව් පක්ෂයක් ලෙස සැළකේ.

සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය

(ඉංග්‍රීසි: Social Democratic Party; ජර්මන්: Sozialdemokratische Partei Deutschlands; කෙටි නම SPD)

ජර්මනියේ ප්‍රධානම වාමාංශික පක්ෂය මෙයයි. 1863 මැයි 23 වනදා පිහිටුවන ලද සමස්ථ ජර්මන් කම්කරු සංගමය මෙහි මූලාරම්භකයා වේ. සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය යන නම එය විසින් 1890 සිට භාවිතා කරයි.

වාම පක්ෂය

(ඉංග්‍රීසි: The Left; ජර්මන්: Die Linke; කෙටි නම LINKE)

සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයට වඩා වාමාංශික දේශපාලන පක්ෂයකි. මෙය 2007 දී පිහිටුවන ලද්දේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදයේ පක්ෂය (PSD) සහ කම්කරු සහ සමාජ සාධාරණත්වය සඳහා ඡන්දදායකයන්ගේ විකල්පය නම් වූ පක්ෂ දෙකේ එකමුතුවෙනි. මෙයින් PSD යනු නැගෙනහිර ජර්මනියේ පාලක පක්ෂය වූ සමාජවාදී එක්සත් පක්ෂයේ අනුප්‍රාප්තිකයා ය. මෙම පක්ෂය ප්‍රධාන වශයෙන් පැරණි නැගෙනහිර ජර්මනියේ ප්රබලය.

90 සන්ධානය/හරිතවේදීන්

(ඉංග්‍රීසි: Alliance '90/The Greens; ජර්මන්: Bündnis 90/Die Grünen; කෙටි නම GRÜNE)

සාමාන්‍යයෙන් හරිතවේදීන් (The Greens) ලෙස කියැවෙන මෙම පක්ෂය 1993 දී පිහිටුවන ලද්දේ පැරණි බටහිර ජර්මනියේ හරිත පක්ෂය සහ නැගෙනහිර ජර්මනියේ බිහිවූ 90 සන්ධානය යන පක්ෂ දෙක එකතු වීමෙනි.

නිදහස් ප්රජාතන්ත්රවාදී පක්ෂය

(ඉංග්‍රීසි: Free Democratic Party; ජර්මන්: Freie Demokratische Partei; කෙටි නම FDP)

1948 දෙසැම්බර් 12 වනදා පිහිටවුන මෙම පක්ෂය විවෘත ආර්ථිකයට පක්ෂ, ලිබරල්වාදී දේශපාලන පක්ෂයකි. මෙය පැරණි බටහිර ජර්මනියේ තුන්වන ප්‍රධානම පක්ෂය වූ අතර වර්තමාන ජර්මනියේද වැදගත් පක්ෂයකි. කෙසේ වෙතත් 2013 මැතිවරණයේදී ඊට සියයට 5 ජාතික ඡන්ද ප්‍රතිශත සීමාවට ළඟා වීමට නොහැකි වූයෙන් පාර්ලිමේන්තු නියෝජනය අහිමි විය.

ජර්මනිය සඳහා විකල්පය

(ඉංග්‍රීසි: Alternative for Germany; ජර්මන්: Alternative für Deutschland; කෙටි නම AfD)

2013 පෙබරවාරි 6 වනදා පිහිටුවන ලද ජර්මනිය සඳහා විකල්පය අන්ත දක්ෂිනාංශික, ජාතිකවාදී පක්ෂයකි.

මීට අමතරව ජර්මනියේ අනෙකුත් පක්ෂ අතර නව-නට්සිවාදී පක්ෂයක් ලෙස සැළකෙන ජර්මන් ජාතික ප්රජාතන්ත්රවාදී පක්ෂය, පයිරට් පක්ෂය සහ තවත් කුඩා පක්ෂ ගණනාවක් වේ.
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0tag:blogger.com,1999:blog-6319254911611388907.post-43175232977220706002021-04-12T08:47:00.005+05:302021-04-12T08:47:54.986+05:30සර්බියාවෙන් සෝවියට් අභ්‍යවකාශගාමීන් සමරා මුද්දර එකතුවක්
අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වූ යූරි ගගාරින්ගේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනට අද වසර 60 ක් සපිරෙනවා. 1961 අප්‍රේල් 12 වනදා වස්තොක්-1 යානයෙන් ඔහු අභ්‍යවකාශගත වුණා.

මෙම අවස්ථාව සැමරීමට සර්බියාව සමරු මුද්දර එකතුවක් මුද්‍රණය කර තිබෙනවා. එම එකතුවෙහි ගගාරින් මෙන්ම දෙවන සෝවියට් අභ්‍යවකාශගාමියා වූ ගර්මන් තිතෝෆ් (Gherman Titov) සහ පළමු කාන්තා අභ්‍යවකාශගාමියා වූ වැලන්තිනා තෙරෙෂ්කෝවා ද සැමරීම සඳහා මුද්දර සහ මුල් දින කවර වනවා.

ගර්මන් තිතෝෆ්ගේ අභ්‍යවකාශ ගමන සිදුවූයේ 1961 අගෝස්තු 6 වනදා වස්තොක්-2 යානයෙන්. ඒ වනවිට ඇමරිකාවේ ඇල්න් ෂෙපර්ඩ් සහ ගස් ග්‍රිසම් අභ්‍යවකාශ ගමන්වල නිරතව තිබුණෙන් ඔහු අභ්‍යවකාශගත වූ ලොව සිව්වැන්නා වුණා. කෙසේ වෙතත් පැය විසි පහක් වූ සිය සම්පූර්ණ ගමනේදී ඔහු පෘථිවිය වටා එක්වරකට වඩා ගමන් කළ මුල්ම තැනැත්තා වෙමින් 17 වරක් ඒ වටා ගමන් කළා. තිතෝෆ් ඒ වනවිට 26 වන උපන් දිනය ද පසුකර තිබුණේ නැහැ. එහෙයින් ඔහු අදටත් අභ්‍යවකාශගතවූ ලාබාලම පුද්ගලයා වනවා.

තෙරෙෂ්කෝවා වස්තොක්-6 යානයෙන් අභ්‍යවකාශගත වූයේ 1963 ජූනි 6 වනදා යි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 26 යි මාස 5 ක් වුණා.
Chamara Sumanapalahttp://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com0