කුලියාපිටියේ කර්මාන්තශාලාව ගැන විවිධ අදහස් පළ වූ බව දැක්කත් මට ඒ පිළිබඳ අදහස් දක්වන්නට වෙලාවක් වූයේ නැහැ.
මේ විවාදයේදි ෆොක්ස්වැගන් එකකට හිර වූ අපි තේරුම් නොගන්නා, ඒත් තේරුම් ගතයුතු කරුණක් තියෙනවා.
(ඊට කළින් කියන්න ඕන, ෆොක්ස්වැගන් කොම්පැණියට කෙල වී ඇති විටෙක, මේ ආකාරයෙන් හෝ මේ කර්මාන්තශාලාව හැදෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන. අනික් අතට රජයේ සන්නිවේදන හැකියාවන් තියෙන්නෙ ගල් යුගය ආසන්නයේ කියන එකත් කියන්න ඕන)
දැන් මගේ අදහස කරා එමු. වාහන එකලස් කිරීමේ කර්මාන්තයක් ලංකාවේ හැදෙන එක ගැන මම සතුටුයි. කොහෙන් හරි කබල් කෑලි ටිකක් ගෙනල්ලා මොකක් හෝ අටවලා ෆැක්ටරි එකක් කියලා නම් කරාවි කියන මහින්ද රාජපක්ෂ සිදු කළ ප්රකාශය එක්ක මම එකඟ නැහැ. පරණ සෝවියට් දේශයේ නම් එහෙම දෙයක් කරන්න පුලුවන්. මොකද එතන වෙළඳපල ආර්ථිකයක්, තරඟකාරීත්වයක් තිබ්බේ නැහැ. පරණ සෝවියට් දේශයේ රජයේ කම්හල්වලින් එන කසි කබල් බඩු මිනිස්සු අකැමැති වුනත් ගන්න ඕන. දැන් ලෝකෙ එහෙම නෑ. මේ කම්හලෙන් එන්නෙ කබල් වාහන නම්, වැඩි කල් නොගොස් කම්පැණිය බංකොලොත් වේවි. මේක පෞද්ගලික කම්පැණියක් නිසා එහෙම වෙන්න විදියක් නෑ. අවසාන විශ්ලේෂණයෙදි උන් කරන්නෙත් බිස්නස් එකක්.
ඒ නිසා මෙහෙම හෝ මේක පටන් ගැනීම ගැන මම සතුටුයි. රජයේ සන්නිවේදනය ගැන ඉතින් අපි කතා නොකර ඉමු. මොකද ඒක නම් අන්තිමයි.
කොහොමත් volkswagon assembly plant එකක් දානවා කිව්වම මම එච්චර විශ්වාස කලේ නෑ.මොකද ඉන්දියාවෙත් වොක්ස්වැගන් assembly plant එකක් තියන නිසා. මොන වැගන් වුනත් ලංකාවට එහෙම දෙයක් එන එක හොඳ දෙයක්.
ReplyDeleteඔය වැඩේ කරන්නෙ සෙනොක් සමාගමෙන් (මං කලින් වැඩ කල තැනටත් සම්බන්ධයි) නිසා වැඩේ කෙරෙයි අනිවාර්යයෙන්ම. මහින්ද කියන විදියට කසිකබල් අටවන්න තරම් බංකොලොත් කම්පැනියක් නෙමෙයි සෙනොක් කියන්නෙ.
රජයේ සන්නිවේදනය සහ මහින්ද ඉතිං......? ?
මේ ඉඩම අයිතිය තිබුණෙ ආණ්ඩුවට නෙ. ඒක පොල් ඉඩමක්. ඒකෙන් එන ආදායම කුලියාපිටිය ඉස්පිරිතාලෙ නඩත්තු කරන්න ලු යෙදවුණේ. මේ කම්පැණි එක හොස්පිටල් එක නඩත්තුවට ලොකු මුදලකුත් දුන්නා කියා ආරංචියි.
Delete