Thursday, March 31, 2016

ISIS ත්‍රස්තයින් මරාගෙන මැරුණ පැල්මයිරාවේ රුසියානු වීරයා

ඔහු නමින් ඇලෙක්සැන්ඩර් ප්‍රොකොරෙන්කෝ. වයස අවුරුදු 25 ක්. ජීවත් වූයේ රුසියාවේ ඔරෙන්බර්ග් ප්‍රාන්තයේ ගොරොඩ්කි නම් කුඩා ගම්මානයේ. මියගියේ වසර 2000 ක් ඉපැරණි සිරියාවේ පැල්මයිරා නගරයේදී.

මේ යුද්ධයට මැදිවූ එක් තරුණයකුගේ කතාවක් පමණක් නොවේ. ලොව පහළ වූ අන්ත කෲරතර ත්‍රස්ත කල්ලිවලින් එකක් ලෙස අවිවාදයෙන් පිළිගත හැකි ISIS නඩයට එරෙහිව කළ සටනේදී වීරයකු ලෙස දිවි දුන් රුසියානු තරුණයෙකි ප්‍රොචොරෙන්කෝ.

බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත ඔහුව හඳුන්වා දුන්නේ රුසියාවේ රම්බෝ ලෙසයි. මෙය ප්‍රොකොරෙන්කෝට කළ නිගරුවකි. රම්බෝ යනු ප්‍රබන් ධයකි. ප්‍රොකොරෙන්කෝ යනු සත්‍ය ලෝකයේ ජීවත් වූ තරුණයෙකි.

රුසියානු විශේෂ බලකා සාමාජිකයකු වූ ප්‍රොකොරෙන්කෝ පැල්මයිරාවට යවන ලද්දේ විශේෂ මෙහෙයුමකටය​. රුසියානු ගුවන් හමුදා ආධාර සහිතව සිරියානු හමුදා පැල්මයිරාව වෙත ගමන් කරමින් තිබුණි. ප්‍රොකොරෙන්කෝ එහි යවන ලද්දේ සතුරු ඉලක්ක හඳුනාගෙන ඒවා පිළිබඳ ගුවන් හමුදාවට වාර්තා කිරීමටය​.

මෙය ඉතා භයානක මෙහෙයුමක් වූයේය​. ඒ වනවිට ද නගරය පැවතියේ ISIS ත්‍රස්ත ග්‍රහණයේය​. ඔවුහු ප්‍රොකොරෙන්කෝ සිටින තැන සොයාගෙන එම ස්ථානය වටලෑමට වූහ​.

ප්‍රොකොරෙන්කෝ තම අවසානය ළඟ බව දැනගෙන​, තමා සිටි ස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියානු ගුවන් හමුදා යොමු කළේය​. ඔහු මිය ගියේ සතුරන් පිරිසක් ද නසමිනි.

ප්‍රොකොරෙන්කෝ සිරියාවේ සටනට ගිය බව ඔහුගේ බිරිඳවත් පවුලේ අනෙක් අයවත් දැන සිටියේ නැත​. ඔහුගේ බිරිඳ එකටරීනා ඔවුනගේ පළමු දරුවා කුස දරා සිටින්නීය​. ඇය සිතා සිටියේ ඇගේ ස්වාමියා රුසියාවේ කොකේසස් කඳු ප්‍රදේශයේ කඳවුරක සිටින බවය​.

7 comments:

  1. හොදවිස්තරයක්. දැනුවත් කිරීමක්.

    අපේ රටෙත් මෙහෙම වීරයෝ හිටියා. ඒත් වැඩේ කියන්නේ වීරයා කියන චරිතය දේශපාලන මතවාද එක්ක වෙනස් ආකාරයෙන් අර්ථදැක්විමක් අපේ රටේ තිබීමයි. එය අනාගතයේ වීරයන් වන්නට විය හැකි අයට නරක පූර්වාදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ වේවා! :) වීරයා කියන එක ඉතින් එක එක අයට වෙනස් විදියට නෙ දැනෙන්නෙ. අපිට වීරයෙක් වෙන කෙනෙක් තව කෙනෙක්ට වීරයෙක් නොවෙන්න පුලුවනි. එකම දේ, වීරයො කියන අය එක රටකට සීමා වෙන්න ඕනි නෑ.

      Delete
    2. එහෙම බැලුවම, සිංදු කියන, රඟපාන, බෝල වලට තඩි බාන පුහු වීරයෝ තමා සැබෑම වීරයො නේද ? හෙහ්

      Delete
    3. අනේද කියන්නෙ

      Delete
  2. හැබෑ වීර කතාවක් තමා....

    ReplyDelete
  3. ප්‍රොකොරෙන්කෝ ජීවග්‍රහණයෙන් SIS ත්‍රස්තයෝ අල්ලා ගත්තා නම් ප්‍රොකොරෙන්කෝ ඉරණම මීටත් වඩා බිහිසුණු වෙන්නත් ඉඩ තිබුණා.

    ReplyDelete