නව-නට්සිවාදී පක්ෂයක් ලෙස සැලකෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (NPD) තහනම් කිරීම සඳහා ජර්මන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් බුන්ඩස්‍රාටය විසින් කරන ලද ඉල්ලීමක් එරට ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉදිරියේ අද සිට සළකා බැලෙනු ඇත.
මෙහිදී බුන්ඩස්රාටය විසින් සනාථ කිරීමට උත්සාහ දරනුයේ NPDය යනු ජර්මනියේ තහනම් කරන ලද දේශපාලන දර්ශනයක් වන ඇඩොල්ෆ් හිට්ලර්ගේ නට්සි මතවාදය මත පදනම් වූ පක්ෂයක් බවය. තවද, 2000 සිට 2006 දක්වා සිදුවූ දේශපාලන ඝාතන දහයකට පමණ සම්බන්ධ ජාතික සමාජවාදී යටිබිම්ගත සංවිධානය සමඟ මෙම පක්ෂය සම්බන්ධ බව ද බුන්ඩස්රාටය ඔප්පු කිරීමට බලාපොරොත්තු වේ.
ජර්මන් රජය මෙම නඩුවේදී බුන්ඩස්‍රාටයේ පක්ෂය ගෙන ඇතත් ක්‍රියාකාරී ලෙස ඊට සහය නොදක්වයි. මේ අතර NPDය ප්‍රකාශ කරන්නේ මෙහිදී අධිකරණයේ තීන් දුව කවරක් වුවද එය තමනට ගැටලුවක් නොවන බවයි.
NPDය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ප්‍රධානම ප්‍රති තර්කය වනු ඇත්තේ මෙම නඩුව නිර්මාණය කරන ලද සාක්ෂි මත පදනම් වන බවය. මින් පෙර 2001 දී මෙම පක්ෂය තහනම් කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් වූ අවස්ථාවේ මෙම කරුණ මත එම නඩුව බිඳ වැටුණි.
එහිදී හෙලි වූයේ රජය විසින් පක්ෂය තුළට උපාය දූතයන් යොදවා ඇති අතර ඔවුන් ඇතැම් සාක්ෂි නිර්මාණය කර ඇති බවය. රජයේ උපාය දූතයන් පක්ෂය තුළ තීරණ ගැනීමේ තත්ත්වයට පවා ඉහලට නැග සිටි බැව් එවකට හෙළි විය.
1964 දී ජර්මන් රයිෂ පක්ෂයේ (German Reich Party) අනුප්‍රාප්තික පක්ෂය ලෙස පිහිටුවන ලද NPDය අද වනතුරු ජර්මන් ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දිනා නොමැත. නමුත් මෙක්ලන්බර්ග්-බටහිර පොමරේනියා ප්‍රාන්ත සභාවේ ඔවුනගේ සමාජිකයෝ වෙති. එමෙන්ම පසුගිය යුරෝපා මැතිවරණයේදී යුරෝපා පාර්ලිමෙන්තුවට එක් නියෝජිතයකු තෝරාපත්කරගැනීමට එම පක්ෂයට හැකි විය.

දැන් ඉතිං හිට්ලර් මැරිල ගොඩක් කල් නේ..ඒයාලට ආයෙ එන්න දුන්න නම් හරි..
ReplyDeleteහිට්ලර් මැරිල ගොඩක් කල් ය කියල ඉතින් නට්සිවාදයට ඔලුව උස්සන්න දෙන්න බෑ නෙ
Deleteආයෙම හිට්ලර්............
ReplyDeleteදන්න දෙයක් ගැන ලියන්න එපැයි නොදන්න මගුල් කරන්නෙ නැතිව :)
Deleteමේ දවස් වල කියවන්නේ අභය හේවාවසම් මහත්මයා පරිවර්තනය කරපු "හිට්ලර්ගේ එස් එස් හමුදාව" කියන පොත.ඒ පොතේ එන "සැලමොන් තවුබර්'වගේ මිනිස්සු වින්ද අපා දුක ගැන කියෙව්වත් ඇති නාසි කාරයෝ ගැන පිළිකුලක් දැනෙන්න.
ReplyDeleteඒ වුනාට මේ අපේ රටෙත් ඉන්නෙ හිට්ලර් හොඳයි කියන උන්
Deleteඅපෝ ඒ ගැන කියලා වැඩක් නැහැ.
Deleteහිට්ලර් හොඳයි කියන උන් කියන එක දෙයක් තමයි පොර දේශප්‍රේමියෙක් කියන එක.
යකෝ මිනිමරුවොත් දේශපේමින් වෙන රටක් නේ මේක.
තවත් තර්කයක් තමයි හිට්ලර්ගේ දෙවෙනි ලෝක යුද්දේ හේතුවක් වුනා කියන එක බිර්තන්ය අධිරාජ්‍යවාදීන්ට අපේ වගේ රටවල් වලට නිදහස දෙන්නත්.
හැබැයි මම නම් හිතන්නේ අපිට නිදහස ලැබෙන්න හේතු වුනේ "ඉන්දියානු නිදහස් අරගලය" ඉන්දියාවට නිදහස දුන්නට පස්සේ අපිව නිකම් තියන් ඉන්න එක තේරුමක් නැති නිසා අපිටත් නිදහස දෙන්න ඇති කියලායි මගේ අදහස.
"ඉන්දියානු නිදහස් අරගලය"
Deleteහෙහ් .....ඔය කියන්නේ අර හැමතැනම රීල කරපු අරගලය වෙන්න ඇති...
ඇයි නිදහස් අරගලයක් තිබ්බේ නැතිද ?
ReplyDeleteදැන් ඔය මහත්මා ගාන්ධි කෙසේ වෙතත් අර සුභාෂ් ච්න්ද්ර්බොස්ලා අරගලයක් කෙරුවේ නැතිද ?ඇයි සෙන්නයියේ අර ලංකාවේ වාමාංශික නායකයෝ පවා ඔය නිදහස් සටනේ හිටියා කියලා කියන්නේ හිටං.
ඉන්දියාවෙ, ලංකාවෙ දෙකේම නිදහස් සටනට වාමාංශික පක්ෂවල දායකත්වය ඉතා වැදගත් වුණා. අවාසනාවට ඒ ගැන කවුරුත් කතා කරනෙ නෑ. ඒ වෙනුවට අර සම්මුතිවාදී "නිදහස් සටන්" ගැන තමයි කියවන්නෙ.
Delete