Saturday, November 14, 2015

ජවිපෙට කුමාර් ගුණරත්නම් අදාළ​ නැත​

ජනතා විමුක්ති පෙරමුණට​, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෝ එහි නායකයකු බව කියන කුමාර් ගුණරත්නම් හෝ අදාළ නැත​.

ජවිපෙ නායකයින් ඡන්ද අඩු වූ විට කියන්නේ තමන්ගේ ඡන්ද අඩු වුවද​, මතවාදය පැරදී නැති බවත්, විප්ලවීය පක්ෂයකට ඡන්ද ගණන එතරම් වැදගත් නැති බවත් ය​.

මැතිවරණ යනු විප්ලවීය පක්ෂයක අරගලයේ එක් සාධකයක් පමණක් බව ඔවුහු කියති.

ඒ අතරම​, ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද ගණනවත් ගන්නට බැරි වූ පෙරටුගාමීන් තමන්ට අදාළ නැති වග ඔවුහූ පුන පුනා කියති.

කුමාර් ගුණරත්නම් ද තමන්ට අදාළ නැති බව ඔවුහු පුන පුනා කියති.

ටීවී වැඩසටහනක හෝ මාධ්‍ය සාකච්ඡාවක හෝ කටට උත්තරය දී අමාරුවේ දැමූ අවස්ථාවක එවැනි උත්තරයක් දීමෙන් නොනවතින ඔවුහු ප්‍රසිද්ධ රැළිවලදීද එවැනි දෑ කියති.

තමන්ට එරෙහිව නඩු මගට ගිය චිත්‍රාංගනීගේ සැමියා වර්ණනයට ගත් වචන ප්‍රමාණය හා සමාන​ වචන ප්‍රමාණයක්,ඇතැම්විට ඊටත් වඩා වැඩි වැඩි වචන ප්‍රමාණයක්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි නායකයකු බව කියන කුමාර් ගුණරත්නම් ගැන පැවසීමට මෙවර ඉල් මහ විරු සමරුවේදී අනුර දිසානායක සහ ටිල්වින් සිල්වා යන දෙදෙනා වැය කළහ​.

ඒ කුමාර් ගුණරත්නම් ඔවුනට අදාළ නොවන බැවිනි.

එනයින් ගම්‍ය වන්නේ, ඔවුන් වැඩි කළක් මිඩංගු කරන්නේ ඔවුනට අදාළ නොවන දේ පිළිබඳ කියැවීමට වගයි.

7 comments:

  1. ඒක සාමාන්‍ය දෙයක් නෙ
    කෝමත් ජෙප්පෙ වර්තානය වෙනකොට ප්‍රසිද්ධ වෙමින් ඉන්නෙ අනුන්නෙ ලොක්ක කාඩ් වලට අත ගහන අය විදියට නෙව

    ReplyDelete
  2. ඒතකොට කුමාර් අපේද?????? අපිට වැඩි නැහැ.. දැනටත් ඒකොළහක් ඉන්න ඒකේ තව නමක් දාන ඒක විතරනේ.... අපිට කුමාර් වැඩි නැත.... අපි භාරගන්නම්

    ReplyDelete
  3. මතවාද වෙනස් වූ පමණින් තමන් සමග කටයුතු කරන ලස සගයින් නාඳුනනා බව පැවසීම විප්ලවීය පක්‍ෂයකට තරම් නොවේ.(මතවාද නොගැලපේ නම් ද්‍රෝහීන් වීම වෙනම කරුණක් ) කුමාර් ගුණරත්නම් ගැන ජවිපෙ දිගින් දිගටම කිව්වේ තමන් එවැනි අයෙක් ගැන නොදන්නා බවයි.

    ඉතින් නොදන්නා අය /දේවල් අදාළ නොවීම අරුමයක් නෙමේ.හැබැයි අනුරලා නොදන්නා දේ අදාළ කරගන්න යන බවක් තමයි දැන් පේන්න තියෙන්නේ හිටං.

    ReplyDelete
    Replies
    1. අදාළ නැති දේ ගැන ඇරුණම කතා කරන්න දෙයක් නැතුව ඇති :P

      Delete
  4. ඉහත පින්තුරය තැන් කිහිපයකම දුටුවා.ඇත්තටම කවුද එකේ ඉන්නේ ? ටිල්වින් ඉන්න බවක් පේනවා.

    ReplyDelete
    Replies
    1. පින්තූරයෙ වමේ සිට දෙවැන්නා කුමාර් ගුණරත්නම් කියලයි කියන්නෙ

      Delete