Friday, October 9, 2015

අන්න ඒ නිසා, Hasta Siempre Commandante!


ආර්ජන්ටීනාවේ පොහොසත්ම පවුලක උපත ලබා,
දකුණු ඇමරිකාව පුරා සැරි සරා,
පීඩිතයාගේ දුක සියලු ලෝකයාටම පොදු යයි දැන,
සියලු ලෝකයා වෙනුවෙන්,
විමුක්ති මාර්ගය මේ යයි තමා සිතූ මාර්ගයේ යමින්,
ග්වාතමාලාවේදී දේශපාලනයේ අලුත් පාඩමක් ඉගෙන,
මෙක්සිකෝවේදී සිය අතිජාත මිත්‍රයා හැඳින,
පුන්චි බෝට්ටුවක කියුබාවට පැමිණි චේ,
කියුබානු, කොංගෝ සහ බොලිවියානු ජනතාව වෙනුවෙන් අවි අතට ගෙන,
බොලීවියාවේ ලා හිගුවේරාවේදී ඝාතනය කරනු ලැබීය.
ඝාතනය කලද,
ඔහුගේ රුව ලෝකයාට අමතක නොවීය.
ඔහු මරා දැමූ ධනපති පන්තිය,
අද ඔහු වෙලෙඳ මෙවලමක් කරගෙන ඇත.
එමෙන්ම,
තමන් සතු කිසිදු විප්ලවීය ගුණයක් නැති බොරුකාරයන්,
අද චේගේ රුවට මුවා වී වීරයන් වන්නට මාන බලති.
චේ මරා දැමුණේ 1967 දී නොවේ.
චේ මරා දමන්නේ වර්තමානයේය.
කයින් එක් වරක් මරා දැමුනු චේ,
අද නැවතත්,
නැවත නැවතත්,
මරා දමනු ලබයි!!!
එසේ වෙතත්,
ඒ මරා දැමෙන ඔහුගේ,
රුව තුළින් දිස්වන්නේ,
ජයග්‍රහණයේ බලාපොරොත්තුවකි.
අන්න ඒ නිසා,
Hasta Siempre Commandante!!!

* මා 2013 දී ලියූ මෙම අදහසට වස්තු බීජය වූයේ මාලින්ද සෙනවිරත්නගේ COMMANDANTE පබැඳුමයි

4 comments:

  1. එක නම් ඇත්ත."චේ"හිටියා නම් මේ දේවල් දැක්කාම සියතින්ම ගෙල මිරිකා ගනීවි.

    ReplyDelete
  2. කොහොමත් චේ කියන්නේ මිනීමරුවෙක් - ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස බොලීවියානු ජනතාවගේ අනුමැතියකින් තොරව ඒ රටේ විප්ලව කරන්නට ගොස් මැරුම් කෑවේය - චේ හා රෝහණ විජේවීර ප්‍රබාකරන් වැන්නන්‍ෙට ඊට වඩා හොද අවසානයක් උරුම නැත

    ReplyDelete
    Replies
    1. එසේය​
      ඒ ගැනත් මම ලියා ඇත්තෙමි :)

      Delete