Tuesday, February 4, 2014

දැනුම මිනුම 02: ආසියාවේ පෘතුගීසි අධිරාජ්‍යය​

දැනුම මිනුම තරඟවල එකම බලාපොරොත්තුව සියලු ප්‍රශ්නවලට උත්තර සෙවීම පමණක් නොවේ. යම් පැණයක් අසන ලද විට ඒ හා සබැඳුන වඩා පුලුල් කතාන්තරයක් තිබිය හැක​. මේ විස්තරය දැනගැනීමෙන් අපේ දැනුම වඩා පුලුල් පරාසයක් කරා යොමු කළහැකි වන්නේය​. එහෙයින්, ප්‍රශ්නය මෙන්ම එයින් කියැවෙන විස්තරයද එක සේ වැදගත් වේ.

1505 නොවැම්බර් මාසයේ 09 වනදා එක්තරා තරුණ පෘතුගීසි කපිතාන්වරයෙක් ලංකාද්වීපයට ගොඩ බැස්සේය​. ලොරෙන්සෝ ද අල්මේදා නම් වූ ඔහු ලංකාවට ගොඩබට මුල්ම පෘතුගීසි වැසියා ලෙස ඉතිහාසයට එකතු වී ඇත​. දශක කිහිපයකදී ලංකාවේ සැලකිය යුතු කොටසක් පෘතුගීසි පාලනයට නතු වූවා මෙන්ම ආසියාවේ පෘතුගීසි අධිරාජ්‍යයේ ප්‍රධාන කොටසක් බවට ලංකාව පත් විය​.
1572 දී කැලිකට් නගරය​

01. 1498 දී වස්කෝ ද ගාමා නම් පෘතුගීසි නාවිකයා ඉන්දියාවේ කැලිකට් වරායට සේන්දු වෙමින් එරටට පැමිණි පළමු පෘතුගීසි ජාතිකයා ලෙස ඉතිහාසයට එක් වූයේය​. අද කැලිකට් නගරය හඳුන්වනු ලබන්නේ කොසිකොඩේ (Kozhikode) යන නමිනි. එම නගරය වර්තමානයේ පිහිතියේ කිනම් ඉන්දීය ප්‍රාන්තයේද​?

02. ලොරෙන්සෝ ද අල්මේදා වනාහී ගෝවේ පළමු පෘතුගීසි ප්‍රතිරාජයා වූ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුත්‍රයාය​. ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා එම තනතුරට පත් කල, එවක පෘතුගාලයේ රජු කවුද​?

03. මේ කියන පෘතුගීසි නාවිකයා 1500 ගණන්වල මුල් කාලයේදී අන් කවරකුටත් වඩා වැඩි  ආසියාවේ පෘතුගීසි අධිරාජ්‍යයේ ව්‍යාප්තිය වෙනුවෙන් කළේය​. සොකොත්‍රා දූපත, ගෝව සහ මලක්කාව ඇතුලු වැදගත් ප්‍රදේශ ගණනාවක්ම අල්ලාගන්නා ලද්දේ ඔහු විසිනි. එමෙන්ම පර්සියානු බොක්කට පිවිසි පළමු පෘතුගීසි කප්පිත්තා වූයේ ඔහු ය​. ඔහුගේ වාසගමම තිබෙන ප්‍රසිද්ධ නගරයක් ඇමරිකාවේ නව මෙක්සිකෝ ප්‍රාන්තයේ වේ. නමුත් එම නගරය නම් කර ඇත්තේ ඔහු වෙනුවෙන් නම් නොවේ. මොහු කවුද​?
තුන්වන ප්‍රශ්නය අසන්නේ මොහු පිළිබඳවයි

04. 16 වන සියවසෙන් පසු ආසියාවේ පැවති බොහෝ පෘතුගීසි යටත් ප්‍රදේශ වෙනත් බටහිර බලවතුන් විසින් ඩැහැ ගන්නා ලදී. නමුත් ඉන් දියාවේ ගෝව​ (Goa), දමාන් (Daman) සහ ඩියු (Diu) ඇතුලු කුඩා ප්‍රදේශ කිහිපයක් මෑතක් වනතුරු පෘතුගීසි පාලනය යටතේ වූහ​. බ්‍රිතාන්‍යයෙන් ස්වාධිනත්වය ලද ඉන් දියාව පසු කලෙක පෘතුගාලය සමඟ යුධ වැදී ඉහත කී ප්‍රදේශවල බලය අල්ලාගන්නා ලදී. මේ සිදුවීම වූයේ කිනම් වසරකද​?

05. 1999 දෙසැම්බරයේදී පෘතුගාලය විසින් අවුරුදු 450 ක් ඔවුනගේ පාලනයට නතුව තිබූ ප්‍රදේශයක් යලි චීනයට භාරදෙන ලදී. ඒ, හොංකොං ප්‍රදේශය භාරදුන් ආකාරයටම "එක රටක්, ක්‍රම දෙකක්" යන ක්‍රමවේදය අනුව යමිනි. මේ ප්‍රදේශය කුමක්ද​?

ප්‍රශ්න සඳහා පිළිතුරු දැනුම මිනුම 03 සමඟ බලාපොරොත්තු වන්න​.

දැනුම මිනුම 01 සඳහා පිළිතුරු

1. Commonwealth Heads of Government Meeting

2. ලී ක්වාන් යූ (Lee Kwan Yew)

3. මොසැම්බික්

4. ගෝව​

5. මුරුසිය​ (Mauritius)

10 comments:

  1. ඉතා වැදගත් චාමර මලයා ! දිගටම යමු

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ වේවා බොස්!
      අපිට ලෙට් අප් එකක් නැතුව බකප් එක දෙන්න​... එච්චරයි ඕන​. :)

      Delete
  2. කල්කටා අයිති බෙංගාලය ප්‍රදේශයට බව පමණයි දන්නේ . කියන්න දුකයි අද නම් එකකටවත් හරි පිළිතුර නොදනිමි.

    ReplyDelete
    Replies
    1. මම අහන්නේ කැලිකට් ගැන මිස කල්කටාව ගැන නොවේ. :)

      Delete
  3. 1) කේරළ
    2) පලවෙනි manuel රජු
    3) Alfonso de Albuquerque
    4) 1961
    5) Macau
    හරිද මන්දා..
    This is really a great work chamara!! *two thumbs up*

    ReplyDelete
    Replies
    1. Thanks boss!

      තව දවස් දෙක තුනකින් මම උත්තර දානවා... එතකල් අපි අනිත් අයට චාන්ස් එකක් දෙමු.

      Delete
  4. උත්තර හිතා ගන්නත් අමරුයි.බලමුකෝ

    ReplyDelete
    Replies
    1. අයියෝ සහෝදරයා... ලංකාවටත් සම් බන් ධ කතාවක් නෙ. ඕන කෙනෙක් මෙයින් එකක් දෙකක් හරි දැනැගෙන ඉඳිවි කියලයි හිතුවෙ.

      Delete