Showing posts with label Russia. Show all posts
Showing posts with label Russia. Show all posts

Thursday, April 29, 2021

රුසියාවේ ත්සාර් දෙවන අලෙක්සන්දර්

1818 අප්‍රේල් 29 වනදා, මොස්කව් ක්‍රෙම්ලිනයේ කුඩා නිකුලස් මන්දිරයේදී රුසියාවේ ත්සාර් දෙවන අලෙක්සන්දර් උපත ලැබුවා. එකල රුසියාවේ ත්සාර් වූ පළමුවන අලෙක්සන්දර්ගේ බාල සහෝදරයා ද, අනාගත ත්සාර්වරයකු ද වූ පළමු නිකුලස්ගේ පුත්‍රයා වූ දෙවන අලෙක්සන්දර්, 1855 දී ත්සාර් ලෙස පත්වුණා.

මහා පීටර් විසින් රුසියාවේ අගනුවර පීතර්බුර්ග් වෙත ගෙනගිය බව ඔබ දන්නවා. 1725 න් පසු රුසියාවේ පාලනයට පත් වූ සියළු අධිරාජයින් හා අධිරාජිණියන් අතුරින් මොස්කව්වලදි උපන් අයකු වන්නේ දෙවන අලෙක්සන්දර් පමණයි. සම්ප්‍රදායිකව ත්සාර් පවුල පාස්කු නිවාඩුවට මොස්කව් පැමිණීමේ සිරිතක් වුණා. අලෙක්සන්දර් උපන්නේ එවන් අවස්ථාවකයි.


දෙවන අලෙක්සන්දර් වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ 1861 දී ප්‍රවේණිදාසයන් නිදහස් කිරීම නිසයි. එහෙයින් ඔහු "විමුක්තිදායකයා" ලෙස නම් ලැබුවා.

දෙවන අලෙක්සන්දර්ගේ ජීවිතය, ආදර කතා, ඔහු මුහුණදුන් ඝාතන ප්‍රයත්නයන් හා ඔහුගේ ඝාතනය ආදිය ගැන ලියන්න කරුණු බොහෝ තියෙනව. වෙලාවක් වුණොත් ලියන්නම්.

දෙවන අලෙක්සන්දර්ට මරණාත්මක බෝම්බ ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සාදවන ලද දේවස්ථානය ගැන මෙතැනින් කියවන්න​: සාන්ත පීතර්බුර්ග් නගරයේ පාට පාට පල්ලිය