Friday, August 4, 2017

මට නෛතික​ බලය තිබ්බා නම් කල් ගියපු ආයතනවල ඡන්දෙ තියලා සමහරක ඊළඟ ධූර කාළයත් ඉවරයි - මහින්ද දේශප්‍රිය

ප්‍රවීණ මාධ්‍යවේදී කේ.ඩබ්. ජනරංජන මෙහෙයවූ 2017 අගෝස්තු 4 උදෑසන ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ සුභාරතී වැඩසටහනේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැක්වූ අදහස් සමහරක්



* ඡන්ද කල් යන්නෙ 2013 සිට​ (මඩකලපු දිස්ත්‍රික්කයෙ ආයතන 9 ක​)
2012 අංක 22 දරන පනත සම්මත වූ පසු සීමා නිර්ණය කරනකල් ඡන්ද තියන්න විදියක් නෑ
පනතෙ තාක්ෂණික ගැටලුත් තිබ්බා

* 2016 අංක 1 දරන පනත අනුව කාන්තා නියෝජනය වැඩි කළා
ඒකෙන් සභික සංඛ්‍යාවල් ආයෙ වෙනස් කළා. දැන් සභික සංඛ්‍යාව නිශ්චිත කිරීම තාම වෙලා නෑ.
ඒක ගැසට් නිවේදනයකින් ඔක්. 1 වනදා වනතෙක් කල් දමා තිබෙනවා
සභික සංඛ්‍යාව නොදැන ඡන්දය තියන්න බැරි තත්ත්වයක ඉන්නව​. මේ අතරෙ නඩුත් තිබෙනවා මේ පිළිබඳව​.
නීති හදන්න මැතිවරණ කොමිසමට බැහැ

* මට බලය තිබ්බා නම් 2013 කල් ගියපු පළාත් පාලන ආයතනවල (මඩකලපු දිස්ත්‍රික්කයෙ) ඡන්දෙ තියල දැන් ඒවයෙ ඊළඟ නිල කාළයත් ඉවරයි.
මට ඒකට නෛතික​ බලය නැහැ.

* ඡන්ද කල් යෑම පිළිබඳ​, නිලධාරියෙක් විදියට නෙවෙයි, සාමාන්‍ය පුරවැසියෙකු විදියට පවා මට කළකිරීම තියෙනව​

* ඡන්දෙ කල් යෑම පිළිබඳ ජනතාව චෝදනා කළ යුතු අයට චෝදනා කරන්නෙ නැහැ.
කාළයක තිස්සේ මේ පිළිබඳ වග කිව යුතුව තිබූ සියලු දේශපාලකයන් මීට වගකිව යුතුයි
නමුත් ජනතාව කරන්නෙ ෆේස්බුක් එකේ මටයි කොමිසමටයි බනින එක​
නියම වැරැදිකරුවන්ට නෙවෙයි ඔවුන් බනින්නෙ.
මේ පිළිබඳ ජනතාව දැනුවත් විය යුතුයි

* ඡන්දය කල් දාන්න හේතු ඕන තරම් හොයන්න පුලුවන්
සීමා නීර්ණය​, සභික සංඛ්‍යාව​, කාන්තා නියෝජනය ආදිය ගැන දේ...
නමුත් මේක ජනතා පරමාධිපත්‍යයට බාධාවක් කියන එක මැතිවරණ දෙපාර්තමේන්තුවත් කිව්වා, කොමිසමත් කියනවා, මහින්ද දේශප්‍රියත් කියනවා

* ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුලත් වීමේ සීඝ්‍රතාව අඩු වෙලා තියෙනව​
තරුණයො අතර දේශපාලනය ගැන උනන්දුව අඩු වෙලා තියෙනව​

පළාත් සභා ඡන්ද විමසීම කල් දැමීම

පළාත් සභා ඡන්ද විමසීම කල් දැමීමට සූදානමක් තියෙනව කියල චෝදනාවක් අපට අසන්න ලැබී තිබෙනව​.
නමුත් අපට පෙනෙන විදියට, ආණ්ඩුක්‍රම​ ව්‍යවස්ථාවෙ හැටියට පළාත් සභාවක කාලය දිගු කරන්න බෑ. එහෙම කරනවා නම්, ජනමත විචාරණයක් අවශ්‍යයි. ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවලදි තීරණය කර තිබෙනව එය ජනතා පරමාධිපත්‍යයේ කොටසක් කියල​.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද​?

සරලව කිව්වොත් කතා කරල තීරණය කිරීම​

බලන්න​, ළමයි කණ්ඩායමක් ක්‍රීඩා කරනව නම් කතා කරල නෙ තීරණය කරන්නෙ අද සෙල්ලම් කරන ක්‍රීඩාව මොකක්ද කියල​.
ළමයි ටික දෙනෙක් ක්‍රිකට් ගහනවා නම් කතා වෙලා නෙ කැප්ටන් තෝරගන්නෙ

ජනතා නියෝජනය පත් කරන්නෙ ඒකට​. ඒක වෙන්නෙ නැත්නම් කෝ ප්‍රජාතන්ත්‍රවාදය​?
නිලධාරීන් විසින් පාලනය කරනව කියන්නෙ විධායකය විසින් පාලනය කරන එක​.

ඒක හරියට පන්තියෙ මොනිටර් විදියට ටීචර්ගෙ පුතා පත් කරනවා වගේ

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් එන්න ඕන නීති

අතුරු මැතිවරණ ඇතුලත් කළ යුතුයි
අපි කොට්ඨාස ක්‍රමයක් ඇති කරනව​. ඒත් කෝ අතුරු මැතිවරණ​? මොන විහිලුවක් ද​?
ඡන්ද පෙස්සම් ක්‍රමය එන්න ඕන​. අතුරු මැතිවරණ එන්න ඕන​.

ඡන්දයේදී අපේක්ෂකයො වියදම් වාර්තා දෙන්න අවශ්‍යයි.
ඒක ව්‍යවස්ථාවට එන්න ඕන​

මේවා නැත්නම් මොන කොමිසන් සභාව තිබ්බත් වැඩක් නැහැ

ඡන්ද කල් දානවා නම් ජනමත විචාරණයක් තියන්න​ ඕන කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එන්න ඕන​

1 comment:

  1. ඒ අදහස් හරි.විශේෂයෙන්ම අලුත් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබිය යුතු නීති ගැන කියලා තිබෙන කොටස හරි වැදගත්.

    ReplyDelete