බොහෝ දෙනෙක් එතරම් තේරුම් නොගත්තා වුනත් දිල්ලිය ඓතිහාසික ස්මාරක විශාල ප්‍රමාණයක් තියෙන නගරයක්. අපි කියනවා නෙ ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා විසින් කියල. 1857 ඉන්දියානු මහ කැරැල්ලෙන් පස්සෙ බ්‍රිතාන්‍යයන් දිල්ලිය විනාශ කරපු හැටි ගැන ලිව්වොත් ඉතිහාසය පිළිබඳ පොඩි හෝ හැඟීමක් තියෙන මිනිස්සු වැලපේවි. ඒ නිසා තමා විලියම් ඩැල්රිම්පල්ගෙ "ද ලාස්ට් මෝගල්" පොතට විචාරයක් ලියාපු කුෂ්වන්ත් සිං ලිව්වෙ "මේ පොත සියලු දිල්ලිවාසීන්ගේ නෙතට කඳුලක් ගෙනෙනු ඇත" කියල. නමුත් ඒ ඉතිහාසය ලියැවෙනවා හරි අඩුයි. ඒ වෙනුවට බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරලි ගහපු අයගෙ කුරිරුකම් තමයි කියැවෙන්නෙ. එහෙමයි ඉතිහාසය ලියැවෙන්නෙ.
අද දකින රතු බලකොටුව කියන්නෙ මූගල් රතු බලකොටුවෙ ශේෂයක් පමණයි. මූගල් රතු බලකොටුව කියන්නෙ වෙනමම නගරයක් වගේ (1780 දි රතු බලකොටුවෙ චිත්‍රයක් මෙහි පින්තූරයෙන් දැක්වේ). දිල්ලියෙන් අද ඉතිරි වෙලා තියෙන පෞරාණික අංග බොහොමයක් එහෙම ඉතිරි වුනේ ඒවා බ්‍රිතාන්‍ය හමුදා විසින් සිය අවශ්‍යතා සඳහා යොදාගත්තු නිසා. ඒ තියෙන එව්වත් විකාර බවට පත් කරලා. උදාහරණයක් වෙන්නෙ හුමායුන්ගෙ සොහොන. ඒකෙ මූගල් උද්‍යානය වෙනුවට ඉංග්‍රීසි උද්‍යානයක් ඇති කළා.
දැනට ඉතිරි වෙලා තියෙන ස්මාරකත් විනාශ වෙනවා බොහොම ඉක්මනින්. නගරය ප්‍රසාරණය වෙද්දි.
No comments:
Post a Comment