Tuesday, November 1, 2016

ට්‍රම්ප් ක්ලින්ටන් පරදන ලකුණු මත විමසුමකින් පළ වේ

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට සතියක් තිබියදී මාධ්‍ය ආයතනය මගින් පවත්වන ලද මත විමසුමකදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරයා ඉදිරියට පැමිණීමට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය​.

මේ අනුව සියයට 46 ක කැමැත්ත ට්‍රම්ප්ට පළ වෙද්දී ක්ලින්ටන් වෙත සියයට 45 ක් සිය කැමැත්ත පළ කළ හ​. මේ අතර ලිබර්ටේරියානු පක්ෂ අපේක්ෂක ගැරී ජොන්සන්ගේ ජනප්‍රියත්වය සියයට 3 දක්වා පහත වැටී තිබීම ද වැදගත් සිදු වීමක් විය​. සියයට දෙකක් හරිත පක්ෂයේ ජිල් ස්ටයින් වෙත කැමැත්ත දක්වා සිටියෝය​.
ට්‍රම්ප් - ක්ලින්ටන් අවසන් විවාදයේ අවස්ථාවක්

මෙම සිදුවීම වැදගත් වන්නේ මීට සතියකට පෙර ක්ලින්ටන් සියයට 12 ක පමණ ප්‍රමාණයකින් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටි බැව් සැළකීමේදී ය​.

මෙතරම් තියුණු තරඟයකදී එක් මත විමසුමකින් පමණක් පැහැදිලි අනුමානයක් ලබා ගැනීම අපහසු වුවද මෙම ප්‍රතිඵලය මගින් පෙන්වා දෙන්නේ පසුගිය සතිය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් වඩා හොඳ සටනක් දීමේ හැකියාවක් ඇති කරගෙන තිබෙන බවය​.

හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් ව සිටි සමයේදී රාජ්‍ය කටයුතු සඳහා පුද්ගලික ඊමේල් භාවිත කිරීම පිළිබඳ වූ පරීක්ෂණ යළි ක්‍රියාත්මක කරන බවට එරට ෆෙඩරල් පොලීසිය හෙවත් FBI ආයතනය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති විය​.

කෙසේ වෙතත් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂ දෙකෙන් ම ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් කෙරෙහි විශාල ජන ප්‍රසාදයක් නොමැත​. එහෙයින් වඩා අඩුවෙන් නරක අපේක්ෂකයා තෝරාගැනීමට ඇමරිකානු ජනතාවට සිදුව ඇත​.

7 comments:

  1. 'එහෙයින් වඩා නරක අපේක්ෂකයා' ද නරක උන් දෙන්නගෙන් පොඩ්ඩක් හොඳ එකාද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔන්න මම පැහැදිලි කරා ඒක

      Delete
    2. අපිට නම් හැමදාම තියෙන එකම විකල්පයත් "අඩු නරක තොර ගන්න" එකනේ.

      Delete
  2. එහෙම වුනොත් ඉතිහාසයේ තියුණුම ජනාධිපතිවරණය වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපි බලමු. තව දවස් කීපයක් තියෙනව​. කොයි පැත්තට වුණත් යන්න පුලුවන්

      Delete
  3. Hilery awoth lankawata awasi. tamil diaspora support karanne hilery ta.

    ReplyDelete