Sunday, February 21, 2016

පැරණි ගොඩබිම් සේද මාවතට යළි පණ දෙයි

චීනය බාහිර ලෝකය සමඟ සිය ආර්ථික සබඳතා පුලුල් කිරීමේ වැඩපිළිවෙල කිහිපයක් මෑතකදී දියත් කොට තිබේ. මේ අතර 21 වන සියවස මුහුදු සේද මාවත සහ ගොඩබිමින් මධ්‍යම ආසියාව සහ ඉරානය දෙසට විහිදෙන නව සේද මාවත වැදගත් තැනක් උසුලයි. මෙම ව්‍යාපෘතීන් දෙක​, පැරණි ගොඩබිම් සහ මුහුදු සේද මාවත් යළි නිර්මාණය කිරීමේ වෑයමකි.
Pic: AFP

ගොඩබිම ඔස්සේ දිවෙන නව සේද මාවතේ ආරම්භය සනිටුහන් කරමින් මීට දින කිහිපයකට පෙරදී චීනයෙන් ඇරඹි දුම්රියක්, ඉරානයට ළඟා වූයේය​. පෙට්ටි 32 කින් සමන්විත වූ මෙය චීනයේ ෂෙජියෑං (Zhejiang) පළාතෙන් ගමන් අරඹා, කසාක්ස්තානය සහ තුර්ක්මෙනිස්තානය ඔස්සේ ඉරානයේ ටෙහෙරාන් අගනුවර තෙක් වූ කිලෝමීටර 9,500 ක දුර දින 14 කින් ගෙවා දැමීය​.

මෙම ගමන් කාළය චීනයේ ෂැංහයි සිට ඉරානයේ බන් ඩාර් අබ්බාස් වරාය තෙක් වන ගමන් කාළයට වඩා දින 30 ක පමණ අඩු කාළයකි.

2014 දී චීනය විසින් එළිදක්වන ලද ව්‍යාපෘතිය නැතහොත් නව සේද මාවත​, චීනය සහ බටහිර ආසියාව​, මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාව සම්බන්ධ කෙරෙන මහාමාර්ග​, දුම්රිය මාර්ග සහ වරාය සහිත ඉතා පුලුල් ව්‍යාපෘතියකි.

ඉහත සඳහන් නව සේද මාවත ඉරානයෙන් නවතිනු ඇත යන්න ඉරානයේ මෙන්ම චීනයේද බලාපොරොත්තුව නොවේ. ඔවුනගේ අභිලාෂය වන්නේ මෙම මාර්ගය යුරෝපය තෙක්ම එකිනෙක රටවල් සබැඳෙන නව මාර්ගයක් වනු දැකීමයි.

2 comments:

  1. අපිටත් ඉන්දියාවට යන්න හැකි වුනානං ගොඩ.. ඉන්දියාවටත් ඕක දික් කොරයි නේ..

    ReplyDelete
    Replies
    1. දැනට නම් අපට තියෙන හොඳම ක්‍රමේ මුහුද තමා. ඒකටත් චීනා ප්ලෑනක් ගසා තියෙනෝ!

      Delete