ඒ 1982 වසරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවක දැඩි අර්බුදයක ගැලී සිටියේය. පක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තිබිණ. මේ අතර ලක් ඉතිහාසයේ පළමු ජනාධිපති මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් වූයේය.
මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් එවකට ජනාධිපති ධූරය දැරූ ජේ. ආර්. ජයවර්ධන ඉදිරිපත් වූයේය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයකු තෝරාගැනීම පිළිබඳ බරපතල ගැටලුවකට මුහුණ දුන්නේය.
පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකගේ අවශ්‍යතාවය වූයේ තම පුත් අනුර බණ්ඩාරනායකට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීමය. නමුත් පක්ෂයේ විශාල පිරිසකගේ, වෙසෙසින්ම එහි තරුණ සාමාජිකයන්ගේ දැඩි විරෝධයක් මෙම තීරණය කෙරෙහි මතු වූයේය.
විජය කුමාරතුංග ඇතුලු පක්ෂයේ තරුණ සාමාජිකයන් පිරිසක් හෙක්ටර් කොබ්බෑකඩුව මුණ ගැසීමට යන්නේ මේ අතරතුරය. ඔවුන් හෙක්ටර් කොබ්බෑකඩුවගෙන් ඉල්ලා සිටිනුයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙසය.
හෙක්ටර් කොබ්බෑකඩුව ආදර්ශමත් දේශපාලකයකු වූයේය. 1970-77 රජයේ කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා වූ ඔහුට අක්කර 50 නීතිය හේතුවෙන් විශාල ඉඩකඩම් ප්‍රමාණයක් අහිමි වූ අතර, ඉඩම් අහිමි වූ බොහෝ නෑදෑයෝ ඔහු හා අමනාප ද වූහ. තත්ත්වය කෙතරම් බරපතල වී ද යත්, ඔහුගේ සහෝදරයකු ඔහුගේ නිවසද බෙදාගෙන ඔහුගේ කොටසට අයිතිවාසිකම් කීවේය. කොබ්බෑකඩුව දේශපාලනයෙන් මුදල් සෙවූවකු ද නොවීය.
මේ හේතුවෙන්ම විජය ඇතුලු පිරිසගේ ඉල්ලීම ඔහු කරුණාවෙන් ඉවත දැම්මේය. "මේ ගේත් තාප්පයක් ගහල දෙකට බෙදල. මම අඳින්නෙත් අණ්ඩ දාපු කමිස. කැබිනට් ඇමතියෙක් වුනාට මම හොයාගත් මුදලක් නෑ. එහෙව් මම කොහොමද ඡන්ද කරන්නෙ. මම ඔයාල හොයන අපේක්ෂකයා නෙවෙයි. කරුණාකර වෙන කෙනෙක් හොයාගන්න" ඔහු කීවේය.
නමුත් එයින් විජය කුමාරතුංග ඇතුලු පිරිස පසුබට නොවූහ. "සර් තරග කරන්න. අපි වියදම් බලාගන්නම්" ඔවුහු කීහ.
සිරිමා බණ්ඩාරනායකගේ විරුද්ධත්වය හේතුවෙන් පක්ෂයෙන් කොබ්බෑකඩුවට වියදම් නොකළද ඔහුගේ සහචරයෝ කෙසේ හෝ මුදල් සපයා ගත් හ. 1982 සැප්තැම්බර් 17 වනදා නාම යෝජනා කැඳවන ලද අතර අපේක්ෂකයෝ සය දෙනෙක් මෙහිදී තරග බිමට බටහ. මෙයින් ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා අපූරු තර්කයක් ඉදිරිපත් කරමින් පැවසූයේ කොබ්බෑකඩුවගේ පක්ෂයේ නායිකාවට ප්‍රජා අයිතිය නොමැති බවත්, ඔහුට ඡන්දය දීම නිශ්ඵල බවත් ය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම වූ සිරිමා පාර්ශවයේ වූවෝ කොබ්බෑකඩුව සමච්චලයට ලක් කළහ. අනුර බණ්ඩාරණායක වරක් ප්‍රකාශ කළේ සිය පක්ෂයේ අපේක්ෂකයාට 'මෝටර් රථයට පෙට්‍රල් ගහගන්නටවත් මුදල් නැති' බවය. මේ සියලු ප්‍රශ්න මැද හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්ද ව්‍යාපාරය ඉදිරියට ඇදී ගියේය.
කෙසේ වෙතත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරණ සටන ජයගත්තේය. ජයවර්ධන ඡන්ද 3,450,811ක් (52.91%) ලබාගනිද්දී කොබ්බෑකඩුව ඡන්ද 2.548,438 ක් (39.07%) ලබාගත්තේය.

මේ මැතිවරණය සහ කොබ්බෑකඩුව ගැන මගේ අත්දැකීමක්:
ReplyDeletehttp://rasikalogy.blogspot.com/2015/03/our-politicians-and-their.html
දේවාලෙක කපුකමක් කොළා නම් ගොඩම තමා :D
Deleteදැන් නම් ඔය අපේක්ෂකත්වය ගන්න ඕනේ තරම් කට්ටිය ඉන්නේ. අර ගිය ජන්දේදී කිව්වේ මර්වින් සිල්වා වගේම දයා ගමගේ වුනත් ඉල්ලන්න සුදානමින් හිටියා කියලා ඕනෙනම්.
ReplyDeleteඅනේද කියන්නෙ
Delete