Wednesday, October 7, 2015

ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් ගැටලුව නොහොත් ලංකාවේදී ඇණ ගැනීම​

Sherlock Holmes: His Sri Lanka Debacle
ප්‍රබන්ධයකි. තොප්පි වැටෙන්නේ නම් දාගත්තාට අමනාපයක් නැත​.

හෝම්ස්: වොට්සන්, අද අපිට හරිම බැරෑරුම් ප්‍රශ්නයක් එන්න නියමිතයි

වොට්සන්: ඈ හෝම්ස්, ඒ මොකක්ද ඒ? අයිසිස් එකේ බ්‍රිතාන්‍ය මෙහෙයුමද?

හෝම්ස්: නෑ නෑ... ඒ ප්‍රශ්නෙ අපි උපාය දූතයො දාල ඉවර කළා නෙ. දැන් ඉතින් ලෙස්ට්‍රෙඩ් වගේ පොලිස්කාරයෙකුට වුණත් පුලුවන් ඕක ඉවර කරන්න. දැන් ඒ ඔපරේශන් එකේ කිසි ගතියක් නෑ... අනික අපේ මහ රැජිණගෙ ආණ්ඩුවට ඕඩර්ස් ඇවිත් තියෙනව ඒක පස්සෙන් වැඩිය එලවන්න එපා කියල.

වොට්සන්: අම්මප? ඒ කාගෙන් ද?

හෝම්ස්: වොට්සන්... මිසිස් හඩ්සන් උනත් ඒ කාගෙන් ද කියල කියාවි. ඔය මොළේ පාවිච්චි කරනව යකෝ!

වොට්සන්: ආ, තේරුණා. අත්ලන්තික් සාගරෙන් එහා පැත්තෙ ඉඳන් නේද?

හෝම්ස්: අන්න හරි

වොට්සන්: දැන් ප්‍රශ්නෙ මොකක්ද?

හෝම්ස්: මේක මේ ලංකාව කියන රටේ සිද්ධියක්. ලංකාව ගැන දන්නව නේද?

වොට්සන්: අපොයි මොකද මම නොදන්නෙ? අර මෙහෙ වෙන දේවල් මුකුත් නොවෙන රට නේද? එංගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ කියන එක

හෝම්ස්: ඔව් ඔව්. ඒ රටේ තමා. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ කොටදෙණියාව කියල පළාතක.

වොට්සන්: ආ, ඔව් ඔව්. මට ආරංචි. අද මෙහෙ පත්තරවලත් තිබ්බ ඕකෙ DNA ඉෂූ එකක් කියල.

හෝම්ස්: ඒක නෙවෙයි බං ප්‍රශ්නෙ. ඒක නම් උන් දඟලල දඟලල විසඳගනී. ඕක ඔය තුන්වෙනි ලෝකෙ රටවල ප්‍රශ්නයක්. ලොකුවට හිතන්න දෙයක් නෙවෙයි. ප්‍රශ්නෙ ඒක නෙවෙයි

වොට්සන්: එහෙනම්?

හෝම්ස්: මට ඒ රටේ ඉහළම නිලධාරියෙක් කතා කළා අදම එන්න කියල. සම්පූර්ණ වියදම් එක්ක ඉල්ලන ගාණක් දෙන්නම් කීව. අනිවාර්යයෙන්ම උන් IMF එකෙන් හරි ලෝක බැංකුවෙන් හරි ණයක් දාල හරි ඕක ගෙවයි. ඒක නෙවෙයි ප්‍රශ්නෙ.

වොට්සන්: එහෙනම්?

හෝම්ස්: උන් මට දීපු ගැටලුව මට විසඳන්න බෑ!!!

වොට්සන්: මොකා?

හෝම්ස්: ඔව් වොට්සන්... හරිම භයානක තත්ත්වයක්

වොට්සන්: හරි මොකක්ද දැන් ගැටලුව?

හෝම්ස්: මතක් වෙද්දිත් ඇඟ කිළි පොළා යනවා... කො.. කොටදෙණියාව පොලිසියෙ OICගෙ මොළේ කොහෙද තියෙන්නෙ කියල හොයන එක!

(වොට්සන්ට ක්ලාන්තය දමයි)

25 comments:

  1. අන්තිමට නරක මිනිහා වුනේ OIC නේද? දැන් අර කොලුවටයි, කොණ්ඩයාටයි ගහපු ගල්ම ආයේ අහුලගෙන ඒ පොලිස්කාරයාට ගහමු.

    ReplyDelete
    Replies
    1. කියන්නෙ ලොකු ප්‍රශ්නයක එක කොණක්. ගහල විසඳන්න පුලුවන් එකක් නෙවි

      Delete
    2. කොටදෙනියාවේ පමණක් නොව...ලංකාවේ පොලිසි වැඩිහරියක එවුන්ගේ මොලේ හොයන්න..උන්ගේ දෙමවපියන්ටත් බහැ ..

      Delete
  2. ඕකට හොඳ වැඩේ.....

    ReplyDelete
    Replies
    1. හෝම්ස්ට ද ? (මේ වගේ ප්‍රශ්න කරගහනවට)

      Delete
  3. පීලිං හුකැස්
    උන්දැ වුණත් දැනගන්න ඕන අනුන්ට ගහන්න අසූචි ගත්තොත් තමන්නෙ ඇගේ ගෑවෙන එක නවත්තන්න බෑ කියල

    ReplyDelete
    Replies
    1. කරන කලට පව් මිහිරිය මී සේ කියල අපේ කවියෙක් කිව්වෙ කට කහනවටයැ :)

      Delete
  4. හත්තිලව්වයි........... නෙලලා නොවැ බොක්කට ම ............

    ReplyDelete
  5. හුගක් අයට වැරදිලා මේ තැනදි. දැන් ඔබ උපහාසාත්මක කතාවකින් ඕඅයිසී ට ඇටැක් කරනවා. සිද්දිය වුණු ගමන් ජනතාව දඩුවම් දෙන්න තිරණය කරලා කීප දෙනෙක්වම ගහල මරන්න හැදුවා. කොටදෙණියාව පොලිසිය විතරක් නෙමේ රහස් පොලිසියයි මේ පරික්ෂණ දැන් සිදු කරන්නේ. ඒ ගැන කාටවත් වගේ වගක් නැ. ඇත්තටම එදා එතැනට එක්වු ජන ගග හා අනවශ්‍ය මාධ්‍ය ප්‍රචාරය නිසා බොහෝ සාක්ෂි සැගවුණා කියලත් හිතෙනවා. මේගැන තීන්දු දීමට මම නම් තාම උත්සාහයක් ගන්නේ නෑ. ටිකක් බලන් ඉමු. වු අසාධාරණයන් ගැන නම් කතාකරනවා. එත් ඒ පාසල් සිසුවා හා පියා අත්අඩංගුවට ගන්නේ ආවට ගියාට නෙමේ. ගමේම උන් දීපු කට උත්තරත් එයට බලපානවා

    ReplyDelete
    Replies
    1. කොටදෙණියාව පොලිසිය සහ රහස් පොලිසිය දෙක ගැන මහේස්ත්‍රාත්තුමා ප්‍රකාශයක් කළා.

      Delete
  6. කොටදෙණියාව පොලිසියෙ OICගෙ විතරක් නෙමේ අපෙත් ඇතුළුව මේ රටේ බහුතරයකගේ මොළේ තියෙන තැන හොයන්න වෙනම මෙහෙයුමක් කරන්ට ඕනේ.

    ReplyDelete
  7. ඇනොනිමස් කමෙන්ට්කරුවන් වෙත​. ඇනොනිමස් විවේචන පබ්ලිෂ් නොකරමි.

    ReplyDelete
  8. අම්මේ පොලොසියේ සත්ගුණවත් මහත්වරැන්ට අපහාස කරන්න එපා.ආයුධ පෙන්නන්න එක්කගෙන යයි.

    ReplyDelete
    Replies
    1. මට බය ෂර්ලොක් අයියවත් ඒ විදියට ගෙනියයි කියල​

      Delete
  9. හුකෑස්! මරු කතාව..

    ReplyDelete
  10. හැක හැක....නියම කතාව...අපෙත් මොලගෙඩි නත්දෝ කියලා හිතෙනවා වෙලාවකට වෙන වැඩ දැක්කාම චාමරයෝ.....
    මමත් මෙහෙමෙ සිඉන් එකක් ලීවා කොටදෙනියාවට...හිටහන්කෝ ලින්කුවක් දැනට....

    http://wasanawanthaya.blogspot.com/2015/10/blog-post_11.html

    ReplyDelete