Sunday, February 2, 2014

ළමා වියට ගිය චේ

චේ. ඔහු සැබෑ මානව හිතවාදියකු වූයේය. පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් වැදුණ හේ ඒ සඳහා සුදුසුම යයි තමන් පිළිගත් සන්නද්ධ අරගල කෙරේ යොමුවිය. එහෙත් හේ මානව දයාවෙන් උතුරන නියම ජනතා හිතවාදියකු විය.

චේ සියලුම ලෝකවාසීන්ට ආදරය කළේය. ඔහුට පාටක්, ජාතියක්, රටක්, රාජ්‍යයන් වැදගත් නොවූයේය. එසේම ඔහු සියලු ළමයින්ට ආදරය කළේ සිය ලෙයින් උපන් ළමයිනට මෙන් සමානවය. ඔහු සටන් වැදුණේ ඔවුනගේ අනාගතය වෙනුවෙනි.
ඉහත ඡායාරූපය 1960 දී ෂැංහයි නුවර ප්‍රාථමික පාසලකදී ගන්නා ලද්දකි. චේ චීන බස දැන නොසිටියේය. නමුත් හේ ළමා බස දැන සිටියේය. ඔවුනගේ සිතුම් පැතුම් ඔහුට වැටහිණ. ඒ අව්‍යාජ සිනහව මූර්තිමත් කරන්නේ ඔහු ළමා ලෝකයට පිවිසි බවයි. හදවතින් ඔහු ළමා ලෝකයට ආදරය කල බවයි.

නමුත් මේ අහිංසකත්වය වැඩිහිටි ලෝකයේ නොවීය. මේ ළමයින්ද කවදා හෝ ඒ කුරිරු ලොවට පය තැබිය යුතු විය. චේ සටන් කළේ ඒ ලෝකයද මේ  ලෝකය මෙන් යහපත් කරන්නටය. නමුත් එම "සාපරාධී වරදට" වැඩිහිටි ලෝකය ඔහුට දුන් දඬුවම මරණයයි.

වැඩිහිටි ලෝකයේ කුරිරු බවට තවත් සාධක කුමටද?

10 comments:

  1. චේ යනු තනි සුදු චරිතය්ක නොවේ. චේ ගැන කනින් කොනින් කියවන්නෙ නැතිව ඔහු සම්පූර්ණයෙන්ම කියවා ඔහුගේ අඩුපාඩුද සමග ඉගන ගත හැකි නම් එය මනාය.

    ReplyDelete
    Replies
    1. මා එය නොදන්නවා නොවේ. එමෙන්ම ඔහුට වැරදුන තැනක් ගැනත් මීට පෙර මා ලියා තියෙනවා. නමුත් මෙම පෝස්ටුවේ අරමුණ වූයේ ඉහත ඡායාරූපය පිළිබඳ විස්තර කිරීම පමණයි.

      Delete
  2. චාමර කාලෙකට පස්සෙ...

    ම්ම්.. චේ ගෙ ජීවිත කතාව පත්තරේක ගියා නේද කාලෙකට කලින්.. ඒ විස්තරය නම් මං කියෙව්ව.. චේ ගැන කියවෙන ෆිල්ම් දෙකක් මගෙ ලිස්ට් එකේ තියනව ඩවුන්ලෝඩ් වීමෙ බලාපොරොත්තුවෙන්.. :)

    ReplyDelete
    Replies
    1. ඔව්. ගොඩ කාලෙකින් ආවෙ. :) දැන් නම් ආයෙ නිතර එන්න බලාපොරොත්තු වෙනවා.

      "මෝටර්සයිකල් ඩයරීස්" ෆිල්ම් එක බලන්න මමත් ආසාවෙන් ඉන්නවා.

      Delete
    2. //දැන් නම් ආයෙ නිතර එන්න බලාපොරොත්තු වෙනවා.// ඒක හොඳයි.

      "මෝටර්සයිකල් ඩයරීස්" එක නම් බැලුව. තව දෙකක් තියනව.. Che (2008) කියල. ඒකෙ කොටස් දෙකක් තියනව. දෙකම 2008 අවුරුද්දෙ ආපු ෆිල්ම්.

      Delete
    3. මගෙ ළඟ ඒ ෆිල්ම් දෙක නම් තියෙනවා. මම ඩීවීඩී ගත්තා. ටික කාලෙකට කලින් බැලුවා... :)

      Delete
  3. කොහොමත් චේ ආදරණිය තාත්තා කෙනෙක් නේද...?

    ReplyDelete
    Replies
    1. දන්නා විදියට එහෙමයි...

      Delete
  4. ලංකාවටත් ඇවිත් හොරණ පැත්තේ ගහකුත් හිටෝල ගිහින් තියෙන්නේ. අදටත් ඒ ගහ තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒ ගැන කාලෙකට කලින් පත්තරේක ආටිකල් එකක් කියෙව්ව මතකයි.

      Delete