Wednesday, November 9, 2016

ඩිමොක්‍රටික් පාක්ෂිකයකු නම් ට්‍රම්ප් ජයගැනීම ගැන සතුටු විය යුතුය​

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පැවැත්වීමට දින කිහිපයකට පෙර මගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මා සඳහන් කළේ මා ඇමරිකානු ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වී නම් ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම පිළිබඳ සතුටු වන බව ය​.

එහෙත් එම ප්‍රකාශය පැහැදිලි කිරීමට කාළයක් මට ලැබුණේ නැත​. එහෙයින් මෙම සටහන මෙසේ ලියා තබමි.

ඇමරිකානු ජනාධිපතිවරණයට මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනාම ඉතිහාසයේ නරකම ජනප්‍රියත්වයකින් යුතු අපේක්ෂකයන් වූ බව පැහැදිලි ය​. ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සංක්‍රමණික විරෝධී සහ කාන්තා විරෝධී ප්‍රකාශ හේතුවෙන් ජනප්‍රියත්වයෙන් පහළ යන විට, හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් සමයේදී රාජකාරි සඳහා අරපිරිමැස්මක් නොමැතිව ඊමේල් භාවිතා කිරීමේ චෝදනාවක් හේතුවෙන් විශ්වසනීයත්වයෙන් පහළ වැටුණාය​.

ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වී නම් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය බලාපොරොත්තු වීමට හේතු මේ ආකාර වේ.

ට්‍රම්ප් යනු සාමාන්‍ය සාප්‍රදායික ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වය නුරුස්සන්නෙකි. එවන් අපේක්ෂකයන් ඉතිහාසයේ මීට කළින් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම මතු වී ඇත​. නමුත් ඔවුනට ජනාධිපතිවරණයක් ජය ගැනීමේ හැකියාවක් ලැබී නැත​. එහෙයින් පක්ෂයේ සාම්ප්‍රදායික ක්‍රම රටාවට ඉන් එල්ල වූ බලපෑම සාපේක්ෂව සීමා සහිත විය​.

ට්‍රම්ප් පරාජය වූයේ නම් ඔහු විසින් ඇති කරන ලද පෙරළිය ටික දිනකින් අමතක ව යනු ඇත​. එහෙත් ඔහුගේ ජයග්‍රහණයත් සමඟ පක්ෂයේ දෙදරීම් උත්සන්න වීමේ අවදානමක් ඇත​.

අනෙක් අතට හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කළේ නම් මීළඟ වසර හතර ඩිමොක්‍රටික් පක්ෂයට නායකත්වය දෙනු ඇත්තේ විශ්වසනීයත්වය බිඳුන අයෙකි. එසේ වී නම් ඩිමොක්‍රටික් පක්ෂයේ කීර්ති නාමයට එය දැඩි පහරක් වනු ඇත​. ක්ලින්ටන් ඉවත් ව ගිය විට තාවකාලික පසු බැසීමක් සහිතව වුවද වඩා හොඳ ආරම්භයක් පක්ෂයට ලබාගත හැක​.

2 comments:

  1. හැබැයි ට්‍රම්ප් ගේ ජය බොහෝදෙනා බලාපොරොත්තු වූ එකක් නෙමේ නේද ?ගොඩක් මාධ්‍ය ආයතන අනාවැකි කිව්වේ හිලරි දිනයි කියලානේ.අර "ළමා ජනපතිවරණය" එහෙමත් හිලරි දින්නා කියලා චාමර කිව්වේ.එහෙම හිටපු හිලරි මෙහෙම පරදින්න හේතු වුනේ මොකද?

    ReplyDelete
    Replies
    1. ළමා මැතිවරණය කියන එක විද්‍යාත්මක එකක් නෙවෙයි නෙ. එතනින් කියන්නෙ වෙන පොයින්ට් එකක්. තරුණ අය රිපබ්ලිකන් පක්ෂය එක්ක නෑ කියන එකයි ඒකෙ අදහස​. (මම ලියාපු එක ආයෙ බලන්න​) :)

      මෙතනදි වුනේ වෙනදට ඡන්දය දාන්නෙ නැති සැළකිය යුතු පිරිසක් ගිහින් ට්‍රම්ප්ට දාපු එක​. ඒකයි ඩිමොක්‍රටික් ප්‍රදේශ පවා ට්‍රම්ප්ගෙ පැත්තට ගියෙ

      Delete