සිය රටේ දෙවන මහා මැතිවරණයට සූදානම් වෙමින් සිටි භූතානයට 2013 ජූලි මාසයේ මුල සිට අලුත් අබග්ගයකට මුහුණ දීමට සිදු විය. ඒ අසල්වැසි ඉන්දියාව විසින් සහන මිලට ගෑස් සහ තෙල් ලබාදීම නවතා දැමීමයි. මෙය එරට ඉන්ධන මිල දෙගුණ වීමට හේතු වූ අතර එයින් රටේ දුප්පත් ජනතාවට විශාල බලපෑමක් ඇති විය. මැතිවරණයක් අතළඟ තබාගෙන ගන්නාලද මෙම පියවර භූතාන මැතිවරණයේ ප්‍රතිපලය වෙනස් කිරීමට යම් තරමක හෝ දායකත්වයක් දැරීය. ජූලි 13 වනදා පවත්වන ලද මැතිවරණයෙන්, එවකට විපක්ෂයේ සිටි භූතාන ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (People's Democratic Party) බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් ලැබීය.
ඉන්දියාව සිය පියවර සඳහා කිසිදු කරුණු දැක්වීමක් නොකළ නමුත් බොහෝ දෙනාගේ මතය වනුයේ භූතානයේ හිටපු රජය මෑත කාලයේදී චීනය සමඟ වැඩි වැඩියෙන් ඇයි හොඳයිකම් දැක්වීම මීට හේතු වූ බවයි. ඉන්දියාව ප්‍රකාශ කොට තිබුනේ මැතිවරණයෙන් පසුව පත්වන රජය සමඟ ඉන්ධන සහනාධාර පිලිබඳ අලුතෙන් සාකච්ඡා කරන බවය. එය ඔවුන් කලින් පැවති රජය යලි පත්වුවහොත් සිදුවන දේ පිළිබඳ වක්‍රාකාර අනතුරු ඇඟවීමක් වූ බව සැලකිය හැක.
මාලදිවයින හැර සිය අසල්වැසියන් අතුරින් ඉන්දියාව මෙතෙක් කල් යහපත් සම්බන්ධතාවක් පවත්වාගත් එකම රට භූතානයයි. හිමාලයානු රාජධානියක් ලෙස එය ඉන්දියාවේ "හිමාලයානු දේශසීමා" විදෙස් ප්‍රතිපත්තියේ වැදගත් කොටසක් විය.
"හිමාල කඳුවැටිය අපට ස්වාභාවික ආරක්ෂක පවුරක් ලබා දී තිබේ..... එය අප රටට ඇති වැදගත්ම ආරක්ෂක පවුර වන නිසා එය සිදුරු කිරීමට අප ඉඩ නොදිය යුතුයි" ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරු මහතා බොහෝ කලකට පෙර ප්‍රකාශ කළේය. ඉන්දියාවේ "හිමාලයානු දේශසීමා" විදෙස් ප්‍රතිපත්තිය පාදක වූයේ මෙම අදහස මතය. මේ අනුව, ඉන්දියාව නිදහස ලබන සමයෙහි එවකට හිමාලයේ පැවති රාජාණ්ඩු තුන තමන්ට එරෙහි නොවන අයුරින් පවත්වා ගැනීම ඔවුනගේ මූලික අභිලාශය විය.
1949 සහ 1950 වසරවලදී ඉන්දියාව භූතානය, නේපාලය සහ සිකිම් යන එම රාජ්‍යයන් තුනම සමඟ "මිත්‍ර ගිවිසුම්" අත්සන් කළාය. මේ ගිවිසුම්ප්‍රකාරව එම රටවල විදෙස් සහ ආරක්ෂක කටයුතු පිළිබඳ බලය ඉන්දියාව විසින් ලබාගන්නා ලද අතර ඒවායේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමට ඈ පොරොන්දු වූවාය. නමුත් ඉන්දියාව නිතර නිතර එම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වූවා පමණක් නොව, සිකිම් දේශය ඈඳා ගැනීමට පවා කටයුතු කළාය.
මෙම රටවල් තුනටම තිබුන සහ නේපාලයට සහ භූතානයට අදත් තිබෙන මූලික ගැටලුව නම් ඔවුනගේ ආර්ථිකයන් තවමත් ඉන්දියාවට කෙලින්ම සහසම්බන්ධ වී තිබීමයි. මේ රටවල් දෙකේම ජාත්‍යන්තර වෙළෙඳාමෙන් සියයට 90 ක් හෝ ඊටත් වැඩියෙන් කෙරෙන්නේ ඉන්දියාව හරහාය. එහෙයින් ඉන්දියාවට මේ රටවල් කෙරෙහි කළහැකි බලපෑම අති විශාල වේ.
මේ සාධකය හේතුවෙන් ඉහත සඳහන් ගිවිසුම්වලට පැමිණි පසුද මේ රටවල් ඉන්දියාව සමඟ සම්බන්ධය කෙරෙහි සර්ව සුභවාදී නොවීය. අනෙකුත් රටවල් සමඟ සම්බන්ධතා වර්ධනය කරගැනීමට ඔවුන් අකමැති නොවීය. මන්දයත් එකම රටක් කෙරේ ඕනාවට වඩා යැපීමේ අවධානම ඔවුන් දත් නිසාය. පළමුවරට මෙම සීමා මායිම් ඉක්මවා යාමට උත්සාහ කළේ නේපාලයයි. 1961 දී පළමු වරට කත්මන්ඩු-ලාසා මහාමාර්ගයක් විවෘත කෙරිණ. මේ අතර 1980 දශකයේ නේපාල-චීන දෙරට අතර දෙවැනි මහාමාර්ගයක් ඉදි වූ අතර 1988 වසරේදී දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමේ රහස්‍ය එකඟතාවයක් කරගන්නා ලදී. එමෙන්ම නේපාලය චීනයෙන් අවි ආයුධ මිලදී ගැනීමට මුලපිරුවාය.
මේ සිදුවීම් ඉන්දියාව දුටුවේ සිය ආරක්ෂාවට තර්ජනයක් ලෙසය. ඈ ඊට පිළිතුරු දුන්නේ නේපාලයට ආර්ථික සම්බාධක පැනවීමෙනි. ජාත්‍යන්තර වෙළෙඳාම අඩපණ වීමෙන් බඩුමිල ඉහල නැගීම ඔස්සේ නේපාල ජන ජීවිතය අවුලට පත්වූ විට ජනතාව ඊට පිළිතුරු දුන්නේ රාජ්‍ය විරෝධී පෙළපාලිවලිනි. 1990 දී ආරම්භ වූ මෙම ආණ්ඩු විරෝධී ව්‍යාපාරය සාර්ථක සමඟ 1991 වසරේ සිට නේපාලයේ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වුණු අතර එතැන් පටන් ඉන්දියාව නේපාලයේ දේශපාලන පක්ෂ හරහා එරට දේශපාලනයට විවිධ බලපෑම් කළාය.
සිකිම් දේශයේ සිදුවූ දෑ ඊටත් වඩා අවාසනාවන්ත වූයේය. 1970 ගණන්වල මුල් කාලය වනවිට සිකිම් දේශයේ රජු හෙවත් චොග්යාල්වරයා (Chogyal) ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමඟ සම්බන්ධතා වර්ධනය කරගැනීම පිළිබඳ ඉන්දියාව බියට පත් විය. එහි ප්‍රතිපලය වූයේ ඉන්දියාව විසින් සිකිම් දේශයේ "ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම" සඳහා ව්‍යාපාරයකට ආධාර දීමය. 1973 දී එරට රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ "ඇති වූ විට" තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය හමුදා යවනු ලැබීය. ඉන්පසු සිකිම් දේශය ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වීමේ ක්‍රියාවලිය කෙදිනක හෝ නිමවීමට නියමිතව පැවතිණ. 1975 අප්‍රේල් 6 වනදා ඉන්දීය හමුදා විසින් රජ මාලිගයට පහර දී අල්ලා ගැනීමෙන් පසු සිකිම් දේශය ඉන්දියාවේ කොටසක් බවට පත්විය.
භූතානයේ ආර්ථිකයද මුළුමනින්ම පාහේ ඉන්දියාවේ අනුකම්පාව මත රඳා පවතී. එරට ජාත්‍යන්තර වෙළෙඳාමෙන් සියයට 95 ක් පමණ කෙරෙන්නේ ඉන්දියාව හරහාය. අනෙක් හිමාලයානු රාජාණ්ඩු දෙකට වඩා යහපත් සබඳතාවක් භූතානය සමඟ පවත්වාගැනීමට ඉන්දියාවට හැකි විය. ඊට එක හේතුවක් වූයේ භූතානය සහ චීනය අතර එතරම් යහපත් සබඳතාවක් නොමැති වීමය. චීනය විසින් ටිබෙටය අල්ලා ගැනීමත් චීනය සහ භූතානය අතර වූ දේශසීමා ප්‍රශ්නත් ඊට හේතු විය. මේ අතර විදෙස් සම්බන්ධතා ක්ෂේත්‍රයේ යම් ස්වාධීනතාවක් පවත්වා ගැනීමට භූතානය සමත් විය. 1971 දී එරට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගත් අතර එරට විසින් ඉන්දියාවෙන් පිට විවෘත කල පළමු තානාපති කාර්යාලය 1978 දී බංගලාදේශයේ විවෘත කෙරිණ. මේ අතර 2007 දී භූතානය සහ ඉන්දියාව අතර වූ මිත්‍ර ගිවිසුම අලුත් කෙරුණ අතර නව ගිවිසුමට අනුව විදෙස් සම්බන්ධතා ඉන්දියාවේ බලපෑමෙන් තොරව ඇති කරගැනීමටත් ඉන්දියාවේ අවසර නොමැතිව අවි ආයුධ මිලට ගැනීමටත් භූතානයට අවස්තාව ලබා දෙන ලදී. මේ අතර 2008 භූතානයට සංචාරය කල ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා ප්‍රජාතන්ත්‍රවාදය කරා භූතානයේ නැඹුරුව කෙරෙහි ප්‍රසාදය පල කළේය.
ඉන්දියාව කලබලයට පත් වූයේ චීන-භූතාන අගමැතිවරුන් අතර හමුවක් පිළිබඳ පසුගිය වසරේ චීන මාධ්‍ය විසින් ප්‍රකාශ කිරීමත් සමඟය. දෙරට අතර තානාපති සබඳතා ඇති කරගනු ඇතැයි අදහස්ද පළවිය. 2007 ගිවිසුම කෙසේ වුවත් තවමත් භූතානයේ විදෙස් ප්‍රතිපත්තිය ඉන්දියාවේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වූ අතර මේ පියවර ඉන්දියාව කිසි ලෙසකිනුදු බලාපොරොත්තු වූවක් නොවීය. මේ අතර භූතානය චීනයෙන් බස් රථ 20 ක් මිලදී ගැනීමත් සමඟ ගැටලුව තවත් උග්‍ර විය. සාමාන්‍යයෙන් මෙවැනි ගනුදෙනුවක් කෙරෙන්නේ ඉන්දියානු සමාගමක් සමඟය. මෙම පියවර ඉන්දියාව යහපත් ලෙස පිළිගත්තේ නැත.
ඉන්දියාවේ පිළිතුර වූයේ තෙල් සහ ගෑස් සහනාධාර කපා හැරීමයි. තවද එම සහනාධාර පිළිබඳ ඊළඟට පත්වන ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ඉන්දියානු රජය ප්‍රකාශ කළේය. මෙය කලින් රජයට පල නොකියා පලා බෙදීමක් වැනිය. එමෙන්ම විපක්ෂය මැතිවරණය ජයගත් විගසම ඉන්දියානු අගමැතිවරයා අලුත් භූතාන අගමැතිවරයාට සුබ පැතීමට කටයුතු කළේය.
මෙම ක්‍රියාකාරකම් තුලින් ඉන්දියාව, විශේෂයෙන්ම නේපාලයට සහ භූතානයට, එක දෙයක් අවධාරණය කළාය. එනම් තමන් සමඟ නොසිටින්නේ නම් ඒ පිළිබඳව කිසිත් නොකර සිටීමට තමන් සූදානම් නැති බවය.

දැවැන්ත ඉන්දියාව සහ කුඩා භූතානය |

බලු ඉන්දියාව... අරුන්ට තියෙන්නෙ කුද ගහගන්න කියලා චීනෙට හේත්තු වෙන්න. කලාපයේ අනිත් ඔක්කොම රටවල් එකතු වෙලා ඉන්දියාව හුදකලා කරන්න පුලුවන් විදිහක් බැලුවනම් හොඳයි.. උන් දඟලනවා වැඩියි දැන්..
ReplyDelete//මෙම රටවල් තුනටම තිබුන සහ නේපාලයට සහ භූතානයට අදත් තිබෙන මූලික ගැටලුව නම් ඔවුනගේ ආර්ථිකයන් තවමත් ඉන්දියාවට කෙලින්ම සහසම්බන්ධ වී තිබීමයි. මේ රටවල් දෙකේම ජාත්‍යන්තර වෙළෙඳාමෙන් සියයට 90 ක් හෝ ඊටත් වැඩියෙන් කෙරෙන්නේ ඉන්දියාව හරහාය. එහෙයින් ඉන්දියාවට මේ රටවල් කෙරෙහි කළහැකි බලපෑම අති විශාල වේ.//
DeleteThat's the problem...
ඉතින් ඔය වෙළදාම චීනය හරහා කරන්න බැරි කමක් නෑනෙ.. දෙකම එකයිනෙ.
Deleteපුළුවන් නම් මෙලහට කරලා නේ..... බැරි එකනේ ප්‍රශ්නේ.
Deleteපාරවල් හදන්න ඕන. චීනය හරහා වරායකට බඩු යවන්න දුර වැඩියි. වියදමත් වැඩියි.
ලංකාවට වගේ මුහුදක් නැහැනේ භූතානයට. අනික කඳුකර ප්‍රදේශ හරහා තමයි තියෙන පාරවල් තියෙන්නෙත්.
"කලාපයේ බලවතා" තත්ත්වය ගිලිහෙයි කියල ඉන්දියාවත් බය ඇති. //එමෙන්ම විපක්ෂය මැතිවරණය ජයගත් විගසම ඉන්දියානු අගමැතිවරයා අලුත් භූතාන අගමැතිවරයාට සුබ පැතීමට කටයුතු කළේය.//
ReplyDeleteමුලින් අර විදිහට සහනාධාර කපල දාල ආයෙ මෙහෙම කරන්නෙත් ඉතින් "ඔන්න චාන්ස් එක" කියල නෙ. කොහොම වුනත් පුද්ගලයො වශයෙන් හරි රටවල් වශයෙන් හරි තමන්ට බලයක් නැත්නම් පිටස්තරයින් ගෙ පීඩනයට ලක් වෙන්න සිද්ධ වෙනව.
විස්තර වලට ස්තුතියි චාමර..!
තැනක් යූ වේවා!!
Deleteකලාපයේ බලවතා කියන එක අපිම එයාලට දීපු තනතුරක් කියලයි මට හිතෙන්නේ. :)
//පුද්ගලයො වශයෙන් හරි රටවල් වශයෙන් හරි තමන්ට බලයක් නැත්නම් පිටස්තරයින් ගෙ පීඩනයට ලක් වෙන්න සිද්ධ වෙනව//
ඒකනම් ඉතින් කියල වැඩක් නෑ...
apita balaya adui thama. habayi lankawata inna mulu jathyanthara balawega okkoma inna indiyawa, birithaniya kiyana ratawal dekata yaawela. ape minissu, deshapalakayanta meka therenne ne. habayi mehema deyak thiyanawa. danatath oya ballo ape rate weladapoga 99% allala. api mokakda ekata karala thiyenne? api me pasugami bawin midenna ona. bycycle tika, lori tika, tree wheel tika okkoma ungen gennawanne. oya Micro compani ekanam karana deyak na. hamadama bhandaya madaya genwanne wena ratakin. deshiya arthikaya naga situwa puhudun balu balawega pitudakimu.
ReplyDelete