Tuesday, July 8, 2014

නොදැනීම ශතකයත් වාර්තා වෙලා...

සමහර වෙලාවට විනෝදයට පටන් ගන්නා දේවල් පස්සෙ දිගටම කරගෙන යන තත්ත්වයකට එනවා. බ්ලොග් ලිවිල්ලත් එහෙමයි. සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තෙ අපි බොහොම වෙලාවට ඉංග්‍රීසි මාධ්‍යවල දකින දේවල් සිංහලෙන් ලියන්නත්, මගේ සිංහල භාෂා භාවිත හැකියාව දියුණු කරගන්නත් කියන අරමුණු දෙකම හිතේ තියාගෙන​. දන්නෙම නැතුව බ්ලොග් පෝස්ට් සීයකටත් ඇවිත්.

මම හිතන්නෙ මගෙ පළවෙනි බ්ලොග් පෝස්ට් පනහට වඩා ඊළඟ 50 ලියන්න වැඩි කාලයක් ගතවුනා. ඒකට මූලිකම හේතුව වුනේ පරණ රස්සාවෙන් අලුත් රස්සාවකට ගියපු එක​. පරණ කාලෙ ඉතින් අවුරුද්දෙ මාස තුනක් නිවාඩු තියෙනවනෙ. ඒ නිසා නිවාඩු කාලෙ ලියන්න පුලුවන්කම තිබුනා. නමුත් දැන් ඉතින් ඒවගේ අවස්ථා අඩුයි. ලියන්න වෙන්නෙ වෙලාවක් ලැබුණම තමයි.

ඒ නිසා පහුගිය මාස කීපයෙම මගේ සිංහල බ්ලොග් පෝස්ට් දිගින් අඩුයි... ඒ වගේම නිතර ලියවුනෙත් නැහැ.

පහුගිය කාලෙ ලියාපු බ්ලොග් පෝස්ට් සීයෙන්, බොහොම අමාරුවෙන් ලියාපු එක තමයි 99 වෙනි එක​. කියවල බලන්නකො, එතකොට තේරේවි ඒ ඇයි කියලා.

හැමදාමත් මට කියන්න තියෙන දේම තමයි අදත් කියන්න වෙන්නෙ. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඕනම දවසක​, අලුත් මාතෘකා දෙක තුනක්වත් හම්බවෙනවා ලියන්න​. ඒවයෙ නම් සීමාවක් නැහැ. වෙලාව තමයි නැත්තෙ.

ඒ නිසා මගේ ප්‍රමාදය ගැන සමාවෙන්න​. පුලුවන් හැම වෙලාවකම මොකක් හෝ දෙයක් ගැන ලියන්න උත්සාහ කරනවා.

මෙචර කාළයක් මට විවිධාකාරයෙන් උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි. එක සැරයක් හරි මගේ බ්ලොග් එක බලන්න ආපු අයගෙ ඉඳල හැමදාම එන අය දක්වා හැමෝටම ස්තූතියි. ඒ වගේම මේකෙ තිබුණ අඩුපාඩු පෙන්නල දීපු අයත්, මාර්කටිං සඳහා උදව් දීපු අයත් මතක් කරනවා... නම් වශයෙන් නැතත් ඒ අයව මතක් කරන්නෙ ලොකු කෘතවේදීභාවයකින්. අපි තවමත් මේ බ්ලොග් ලිවිල්ල ඉගෙන ගන්නවා. දිගටම ඉගෙනගනීවි.

10 comments:

  1. දිගටම ඇදගන යන්නට සුබ පැතුම් චාමර....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන් අයියා...

      Delete
  2. සු්භ පැතුම් මිත්‍රයා..

    ReplyDelete
  3. සුබ පැතුම්...!!!
    ආවට වඩා ලොකු දුරක් යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා මිත්‍රයා! :)

      Delete
  4. ශතකයට සුබ පැතුම් මිත්‍රයා..

    ReplyDelete
  5. සුබ පැතුම් චාමර :)

    ReplyDelete