Wednesday, January 19, 2022

ඉන්දිරා නේරු ඉංග්‍රීසියට නැගූ Ekla Chalo Re​

ජවහර්ලාල් නේරුගේ සහ කමලා නේරුගේ එකම දියණිය වූ ඉන්දිරා ප්‍රියදර්ශනීගේ අධ්‍යාපනය කිසිවිටෙක එකකාර වූයේ නැහැ. ඇගේ පියා, මව ඇතුළු පවුලම නිදහස් සටනේ ප්‍රබලයින් වූ අතර ඇය උපන් ඇගේ සීයා මොතිලාල් නේරුගේ ආනන්ද භවන් නිවස අලහබාද් හි නිදහස් සටනේ කේන්ද්‍රස්ථානය වුණා. ඇයට සමවයස් මිතුරන් ද වුණේ නැහැ. විවිධ පාසැල්වල අධ්‍යාපනය ලැබුවත් ඇයට ඒ එකක්වත් ගැලපුණේ ද නැහැ. ඇය සතුටින් පාසැල් ගියේ නම් ඒ මවගේ වෛද්‍ය ප්‍රතිකාර උදෙසා දෙමාපියන් සමග ස්විට්සර්ලන්තයේ ගතකළ අවුරුද්දක පමණ කාලය පමණයි.

ඇය 1930 ගණන්වල මැදදී (1934/35) ශාන්ති නිකේතනයට පැමිණි පසු මේ තත්ත්වය වෙනස් වුණා. රබීන්ද්‍රනාත් ඨාකූර්ගේ සෙවණ යටතේ ඈ ඉතා සතුටින් කල් ගතකළා. ඨාකූරයන් ඇගේ පියාගේ ද වීරයෙක් වුණා. එමෙන්ම ආනන්ද භවන් හි කලබලකාරී ජීවිතයෙන් මිදී ශාන්ති නිකේතනයේ නිහඬ ජීවිතය ඈ ප්‍රිය කළා.

එකළ ඉන්දිරා නිතර ඨාකූරයන් සමග සාහිත්‍යය, කාව්‍ය නිර්මාණ ආදිය පිළිබඳ සංවාද කළා. ඔහුගේ එක්තරා ප්‍රකට කවියක බෙංගාලි බසින් ඉංග්‍රීසි බසට කරන ලද පරිවර්තනය (මෙය ඨාකූර් විසින්ම කරන ලද පරිවර්තනය විය යුතුයි) දුටු ඉන්දිරා එය එතරම් හොඳ පරිවර්තනයක් නොවන්නේ යයි තීරණය කළා. ඉනික්බිතිව ඈ එය තමන්ම නැවත සංස්කරණය කළා.

If no one listens to your call,
Walk alone.

If in fear they cower, mutely facing the wall,
O hapless one
Open your mind and speak out alone.

If, as you cross the wilderness, they turn away and desert you,
O hapless one,
Tread firmly on the thorns along the blood-lined track and travel alone.

If, in the storm-troubled night, they dare not hold aloft the light,
O hapless one,
Ignite your own heart with the lightning and pain, and yourself become the guiding light.


මේ, ඉන්දීය නිදහස් සටනේදී මහත්මා ගාන්ධි නිතර භාවිතා කළ, ඔහුගේ ප්‍රියතම ගීතවලින් එකක් වූ "ekla chalo re" යි. මෙය විසිවන සියවස මුලදී ඨාකූරයන් විසින්ම ගායනා කර තිබෙනවා. පසුව විවිධ ගායක ගායිකාවන් එය ගායනා කළා.

මූලාශ්‍රය - Mother India: A Political Biography of Indira Gandhi by Pranay Gupte.

ඡායාරූපය - ඨාකූරයන් සහ ඉන්දිරා ඇතුළු ශාන්ති නිකේතනයේ සිසුවියන් පිරිසක්.


No comments:

Post a Comment