ඔහු නමින් ඇලෙක්සැන්ඩර් ප්‍රොකොරෙන්කෝ. වයස අවුරුදු 25 ක්. ජීවත් වූයේ රුසියාවේ ඔරෙන්බර්ග් ප්‍රාන්තයේ ගොරොඩ්කි නම් කුඩා ගම්මානයේ. මියගියේ වසර 2000 ක් ඉපැරණි සිරියාවේ පැල්මයිරා නගරයේදී.
මේ යුද්ධයට මැදිවූ එක් තරුණයකුගේ කතාවක් පමණක් නොවේ. ලොව පහළ වූ අන්ත කෲරතර ත්‍රස්ත කල්ලිවලින් එකක් ලෙස අවිවාදයෙන් පිළිගත හැකි ISIS නඩයට එරෙහිව කළ සටනේදී වීරයකු ලෙස දිවි දුන් රුසියානු තරුණයෙකි ප්රොචොරෙන්කෝ.
බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත ඔහුව හඳුන්වා දුන්නේ රුසියාවේ රම්බෝ ලෙසයි. මෙය ප්රොකොරෙන්කෝට කළ නිගරුවකි. රම්බෝ යනු ප්‍රබන් ධයකි. ප්‍රොකොරෙන්කෝ යනු සත්‍ය ලෝකයේ ජීවත් වූ තරුණයෙකි.
රුසියානු විශේෂ බලකා සාමාජිකයකු වූ ප්‍රොකොරෙන්කෝ පැල්මයිරාවට යවන ලද්දේ විශේෂ මෙහෙයුමකටය. රුසියානු ගුවන් හමුදා ආධාර සහිතව සිරියානු හමුදා පැල්මයිරාව වෙත ගමන් කරමින් තිබුණි. ප්‍රොකොරෙන්කෝ එහි යවන ලද්දේ සතුරු ඉලක්ක හඳුනාගෙන ඒවා පිළිබඳ ගුවන් හමුදාවට වාර්තා කිරීමටය.
මෙය ඉතා භයානක මෙහෙයුමක් වූයේය. ඒ වනවිට ද නගරය පැවතියේ ISIS ත්‍රස්ත ග්රහණයේය. ඔවුහු ප්‍රොකොරෙන්කෝ සිටින තැන සොයාගෙන එම ස්ථානය වටලෑමට වූහ.
ප්‍රොකොරෙන්කෝ තම අවසානය ළඟ බව දැනගෙන, තමා සිටි ස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියානු ගුවන් හමුදා යොමු කළේය. ඔහු මිය ගියේ සතුරන් පිරිසක් ද නසමිනි.
ප්‍රොකොරෙන්කෝ සිරියාවේ සටනට ගිය බව ඔහුගේ බිරිඳවත් පවුලේ අනෙක් අයවත් දැන සිටියේ නැත. ඔහුගේ බිරිඳ එකටරීනා ඔවුනගේ පළමු දරුවා කුස දරා සිටින්නීය. ඇය සිතා සිටියේ ඇගේ ස්වාමියා රුසියාවේ කොකේසස් කඳු ප්‍රදේශයේ කඳවුරක සිටින බවය.