පෝලන්ත ආක්‍රමණිකයන්ගෙන් මොස්කව් ගලවාගත් දිමිත්‍රි පොජාර්ස්කි, කසාන් හි අප දේව මෑණියන් ලෙස පෙනී සිටි මරියතුමිය, තමාට සටනේදී ආශිර්වාද කළේ යයි සඳහන් කළේ ලු.
ඒ අනුව කසාන් හි අප දේවමෑණියන් වෙනුවෙන් මොස්කව් හි රතු චතුරශ්‍රයේ මෙම දෙව් මැදුර ඉදි කර ඇත.
කසාන් ආසන දෙව් මැදුර 1625 දී ඉදි කර අවසන් වූ අතර 1936 දී ස්ටාලින් විසින් එය කඩා දමන ලදී. 1993 දී එය නැවත ඉදි කෙරුණි.