Showing posts with label මිහින්තලය​. Show all posts
Showing posts with label මිහින්තලය​. Show all posts

Sunday, June 19, 2016

ළිං මැඩි සංස්කෘතියේ කූඨප්‍රාප්තිය හෙවත් "ලෝකයේ පළමු බුද්ධි පරීක්ෂණය​"

රජයේ විභාගවල පවා අහන අමුම අමු ගොන් තකතීරු ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තෙන්ම ප්‍රශ්නෙ නෙවෙයි ගොන්. උත්තරේ තමා ගොන්.

"ලෝකයේ පළමු බුද්ධි පරීක්ෂණය මොකක්ද?" ඉතා හොඳ ප්‍රශ්නයක්.

ඒත් බලාපොරොත්තු වෙන උත්තරේ දේවානම්පිය තිස්ස සහ මිහිඳු හාමුදුරුවො අතර සංවාදය ලු.

ළිං මැඩි සංස්කෘතියේ කූඨප්‍රාප්තිය මේකයි කියල මම හිතන්නෙ. මේකෙන් කියන්නෙ ලංකාව තමා ලොකු. මෙහෙ තමා පළවෙනි බුද්ධි පරීක්ෂණය පවා තිබ්බෙ කියල.

කුණුහරුප තමා මතක් වෙන්නෙ...

වෙන දුර නොගොහින් අපි ත්‍රිපිටකය ගැන හිතමු. ඒකෙ තියෙන ඔක්කොම ඇත්ත නම්, එතන බුද්ධි පරීක්ෂණ කීයක් තියෙනවද?

එක හොඳ උදාහරණයක් තමා නන්ද කුමාරයගේ කතාව​. ඇයි එතකොට අංගුලිමාල දමනය​, ආලවක දමනය​, තුන් බෑ ජටිලයන්, කාලාම සූත්‍රය​, උපාලි ගහපති, සච්චක​.... එතකොට හොරකම් කරපු ගෑණු කෙනෙක් පස්සෙන් එලෝපු කුමාරවරු 30 දෙනා. ඔය මම දන්න ටිකක් විතරයි.

ලෝකෙ කිසි රටක අධ්‍යාපනයක් තිබුණෙ නැද්ද මීට කළින්?

එහෙම අධ්‍යාපනයක් තිබ්බෙ නැත්නම්, මිනිස්සු බුද්ධිය කළඹලා දේවල් හිතුවෙ නැද්ද?

එහෙම හිතුවෙ නැත්නම් මිනිස්සු ඔටෝ රහත් උනාද? ඕපපාතිකව?

මීට පස්සෙ ඔය ගොන් ප්‍රකාශ නවත්තපල්ලා. දේවානම්පියතිස්සට කළින් ඕන තරම් බුද්ධි පරීක්ෂණවලින් පාස් උන එවුන් හිටියා.