Monday, July 4, 2022

පාපන්දු ක්‍රීඩකයාගේ පියා කළ ශාපය​

මේ ඡායාරූපයේ ඔබ දකින සොහොන රුමේනියාවේ හිටපු පාපන්දු ක්රීඩකයකු වූ ෆ්ලෝරින් පිතුර්කාගේ (Florin Piturca) යි​. ඔහු හිටපු රුමේනියා ජාතික ක්රීඩක සහ ජාතික පුහුණුකරු වික්තර් පිතුර්කාගේ ඥාති සහෝදරයකු වුණා. නිරිතදිග රුමේනියාවේ ක්රයෝවා නගරයේ මෙම සොහොන දකින්න ලැබෙනවා.
 
 
රුමේනියාවේ දෙවන පෙළ ලීගයේ ක්රීඩාකල ද්රොබේතා තුර්නූ සෙවෙරින් (Drobeta Turnu Severin) ක්රීඩා සමාජයේ ප්රහාරකයකු වූ 27 හැවිරිදි ෆ්ලෝරින් 1978 දෙසැම්බර් 10 වනදා මෙටාලුල් බුකරෙස්ට් ක්රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේ දී ද ගෝලයක් වාර්තා කළා. එම තරගය ඔවුන් ජයගත්තේ 2-1 ක් ලෙසයි. ආපසු නිවසට පැමිණි ඔහු තමන්ට අසනීප ගතියක් දැනෙන බව සිය බිරිඳට පවසා නානකාමරයට වැදුණා. විනාඩි දහයක් තුළ ඔහු මියගොස් සිටියා.
 
ඔහුගේ මරණය සම් භාණ්ඩ මසන්නකු වූ ඔහුගේ පියා මැක්සිමිලියන් වෙත තදින්ම දැනුණා. මැක්සිමිලියන් තමන් සතු ධනයෙන් ෆ්ලෝරින් වෙනුවෙන් සොහොනක් ඉදිකළා. එපමණක් නොව එම සොහොන ඉදිකළ පසු ඔහු එහි පදිංචි වුණා. දිවා කාලයේ සිය රාජකාරියේ නිරතවන ඔහු සවසට එම සොහොනට පැමිණියා.
 
ෆ්ලෝරින්ගේ මරණය පිළිබඳ සත්ය හේතුව හෙළිදරව් කෙරුණේ නැහැ. ඔහුගේ පවුලේ අය මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමට රෝහල වෙත ගියවිට ඔවුන්ව ආපසු හරවා යවන ලද්දේ මාස හයකින් පැමිණෙන ලෙස පවසමින්. නමුත් මාස හයකින් පැමිණි විට ද ඔවුනට ලැබුණු පිළිතුරක් නැහැ. ෆ්ලෝරින්ගේ මව පවසන පරිදි ඔහුගේ අවසන් තරගයේ අර්ධ දෙක අතර විවේකයේ දී ක්රීඩකයන්ට තේ ලබා දී තිබෙනවා. ෆ්ලෝරින්ගේ මව විශ්වාස කරන්නේ ඔහුට තේ සමග යම් වසක් දෙන්නට ඇති බවයි.
 
රුමේනියාවේ කොමියුනිස්ට් පාලන සමයේදී ප්රධාන පෙළේ ක්රීඩකයන්ට තහනම් උත්තේජක ලබාදීමට පෙර ඒවා පරික්ෂා කිරීම සඳහා දෙවන පෙළ ක්රීඩකයන් වෙත ලබාදුන් බවට සැකයක් තිබෙනවා. ෆ්ලෝරින් මියගියේ එවැනි පරීක් ෂණයක් නිසා ය​ යන්නත් එක්තරා ප්රබල සැකයක්. ෆ්ලෝරින්ගේ මරණය කෙරේ රජයේ වගකීම කෙසේ වුණත් 1989 මාර්තුවේදී ක්රයෝවා වෙත පැමිණි රුමේනියානු ඒකාධිපති නිකුලා චෞචෙස්කුගේ දියණිය සෝයා, එම සොහොන දැක කෝපයට පත්ව එය විනාශ කිරීමට බුල්ඩෝසර එවා තිබෙනවා. මේ පිළිබඳ මැක්සිමිලියන් දැඩි සේ කෝප වූ අතර සෝයා චෞචෙස්කුට ශාප කළේ යයි සඳහන්. "අවුරුද්දක් යන්න කලින් මම ආපහු මෙතනට එනවා. ඒ වෙද්දි උඹ මැරිලා ඉඳිවි."
 
මැක්සිමිලියන්ගේ කෑගැසීම උන්මත්තකයකුගේ ක්රියාවක් සේ සෝයා චෞචෙස්කුට දැනෙන්නට ඇති. කෙසේ වුණත් අවුරුද්දක් ගතවීමට මත්තෙන් ඔහුගේ අනාවැකිය සැලකියයුතු පමණකට සත්ය වුණා. 1989 දෙසැම්බරයේදී සිදුවූ විප්ලවයෙන් සෝයා චෞචෙස්කු දිවි ගලවාගත් නමුත් ඒකාධිපති නිකුලා චෞචෙස්කු සහ ඔහුගේ භාර්යාව එලේනා, මරාදමනු ලැබුණා. මැක්සිමිලියන් සෝයාට පැවසූ පරිදිම අවුරුද්දක් යාමට මත්තෙන් සොහොන යළි ඉදි කෙරුණා. 1994 දී මැක්සිමිලියන් හෘදයාබාදයකට ලක් වුවද ඔහු දිගටම සොහොනෙහිම පදිංචිව සිටියා. "මගේ පුතාව ළඟදිම දැකගන්න වෙන එක ගැන මට සතුටුයි" යයි සිය මරණය ආසන්න බව දැන සිටි ඔහු පවසා තිබෙනවා.
 
 
මෙම ස්මාරකයේ පාපන්දුව ද මුලින් ලෝකඩයෙන් තනා තිබුණ ද 2000 දී එය යම් අයකු විසින් ගලවාගෙන ගොස් තිබුණා. දරිද්රතාවයෙන් පෙළෙන යමෙක් එහි ලෝහ අලෙවි කරන්නට එය ගලවාගෙන යන්නට ඇති බවයි ෆ්ලෝරින් ගේ මව විශ්වාස කරන්නේ.

No comments:

Post a Comment