ලෝක මූල්‍ය ක්ෂේත්‍රයේ බල තුලනයක් ඇති කිරීමේ අදහස පෙරදැරි කරගෙන BRICS රටවල්, එනම් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එකතුවෙන් නව සංවර්ධන බැංකුව නමින් බැංකුවක් පිහිටුවීමට තීරණය කෙරුණා. මෙම බැංකුව පිළිබඳ කලක් තිස්සේ සාකච්ඡා වුනත් අවසන් එකඟතාවයට පැමිණියේ පසුගියදා බ්‍රසීලයේදී පවත්වන ලද වාර්ෂික BRICS රාජ්‍ය නායක හමුවේදී. සාමාන්‍ය ව්‍යවහාරයේදී BRICS බැංකුව ලෙස හඳුන්වන මෙම නව සංවර්ධන බැංකුවේ (New Development Bank) ආරම්භක ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් බිලියන 100 ක් වනවා. ඒ වගේම මේ සමඟම BRICS රටවල් තවත් ඇමරිකානු ඩොලර් බිලියන 100 ක සංචිතයක්ද පිහිටුවා ගන්නට කටයුතු කළා.
මේ බැංකුව සහ සංචිතය මගින් මෙතෙක් ලෝක මුල්‍ය ක්ෂේත්‍රයේ බලය පතුරවා සිටි ලෝක බැංකුව සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදල යන ආයතන දෙකට තරඟයක් දෙනු ඇති බව සාමාන්‍ය විශ්වාසයයි.
නමුත් ආර්ථික විද්‍යාඥයකු සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධව දරන්නේ වෙනස් මතයක්. ඔහු පවසන්නේ ලෝක බැංකුව මූලිකවම සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි "මෘදු" යටිතල පහසුකම් (Soft Infrastructure) කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන අතර දැනට පෙනෙන්නට ඇති ආකාරයෙන් BRICS බැංකුව මහාමාර්ග යනාදී "දෘඩ" යටිතල පහසුකම් (Hard Infrastructure) කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට ඉඩ ඇති බවයි. මේ දෙඅංශයම සංවර්ධනයට වැදගත් බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ එම හේතුව නිසා මෙම බැංකු දෙක අතර තරඟයකට වඩා එකමුතුවක් ඇති වීම පලදායක වනු ඇති බවයි.
මේ අතර ආර්ථික විශේෂඥයකු සහ දේශකයකු වන අනුෂ්ක විජේසිංහ මහතාගේ අදහස වන්නේ මෙම නව බැංකුව ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින එමෙන්ම යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා මුල්‍යමය අවශ්‍යතාවන්ගෙන් යුතු මැදි ආදායම් රටවලට වැදගත් ප්‍රතිපල ගෙනදෙනු ඇති බවයි.
කෙසේ නමුත් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නට යෙදුණේ ලෝක බැංකුවෙන් සහ වෙනත් අද පවතින මුල්‍ය ආයතනවලින් ණය ගැනීම මැදි ආදායම් රටකට වුවද ශ්‍රී ලංකා රජය පවසන තරම් අපහසු නොවන බවයි. ශ්‍රී ලංකා රජය එවන් අපහසුතාවලට පත්වන්නේ අදාළ ව්‍යාපෘතිවල විනිවිදභාවය සහ යහපාලනය පිළිබඳ වන කොන්දේසිවලට එකඟ වීමේ අපහසුව නිසා බව ඔහුගේ අදහසයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ නව බැංකුව යහපත් ප්‍රවනතාවයක් බව පෙන්වා දුන්නා. ඔහු සඳහන් කලේ මෙවන් ක්‍රියාවලියක් ඇතිවන්නේ ලෝක ආර්ථික බල කඳවුරු අතර තරඟය නිසා බවයි. එමෙන්ම එය "අන්තර් අධිරාජ්‍ය තරඟයේ" කොටසක් ලෙස ඔහු හඳුන්වා දුන්නා. එනම් මෙම ක්‍රියාවලිය ලෝක ධනේශ්වරය තුලම පවතින තවත් එක සිද්ධියක් බව ඔහුගේ අදහසයි. තවද, ශ්‍රී ලංකාව වැනි රටවලට මෙහි බලපෑම පිළිබඳ අනාවැකි පළ කිරීමට තවම කල් වැඩි බවත් ඒ සඳහා මෙම බැංකුව ක්‍රියාත්මක වනතුරු මඳක් බලා සිටින්නට වන බවත් ඔහු කියා සිටියා. නමුත් කවර තත්ත්වයක් යටතේ වුවත්, ලෝක බැංකුවේ සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ඒකාධිකාරය කෙරෙහි මෙයින් තර්ජනයක් එල්ලවීම යහපත් ප්‍රවණතාවයක් බව ඔහුගේ අදහසයි. කෙසේ වුවත් මෙයින් ලෝක දේශපාලනය "නිරවි යුද්ධය" වැනි අර්බුධකාරී තත්ත්වයකට ගෙන යාමක් නොවන බව ඔහු තවදුරටත් කියා සිටියා.
ඉන්දියාවේ මනිපාල් සරසවියේ භූ දේශපාලන සහ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ (Centre for Geopolitics and International Relations) මහාචාර්ය මාධව් දාස් නලපත් මහතාද මෙම නව බැංකුවේ බිහිවීම බොහෝ ධනාත්මක ලෙස දකිනවා. ඔහු සඳහන් කරන්නේ ලෝක බැංකුව සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදල ලෝක මුල්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා දෙස අවධානය යොමු කිරීම පසෙකලා, බටහිර රටවල් කිහිපයක මුල්‍ය ප්‍රතිපත්ති උදෙසා ක්‍රියාත්මක වන ආයතන දෙකක් බවයි. BRICS බැංකුවේ බිහිවීම නිසා 'තුන්වන ලෝකයේ' රටවලට, බටහිර රටවල් විසින් ඔවුනට අවශ්‍ය ලෙස විකෘති කරන ලද සංවර්ධන සැලසුම්වලට වඩා වෙනස් සහ උචිත සැලසුම් ක්‍රියාවට නැගීමේ අවස්ථාව සැලසෙන බව ඔහු කියා සිටිනවා.
ශ්‍රී ලංකාව කෙරෙහි මෙම බැංකුවේ බලපෑම ගැන ඔහු දකින්නේ ඉතා යහපත් ආකාරයකින්. BRICS බැංකුවේ මූලස්ථානය චීනයේ ෂැන්හයි නුවර පිහිටුවන බවත් එහි ආරම්භක සභාපතිවරයා ඉන්දියානුවකු වන බවත් මහාචාර්ය නලපත් මතක් කර දෙනවා. වත්මන් ශ්‍රී ලංකා රජය මෙම රටවල් දෙකේම පවතින රජයන් සමඟ බොහෝ සමීප සබඳතාවක් ගොඩ නගාගෙන තිබෙන බව පෙන්වාදෙන ඔහු කියා සිටින්නේ මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා කෙරෙහි BRICS බැංකුව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි යන්න තමාගේ අදහස වන බවයි.
(මෙහි මුල් ලිපිය 2014 ජූලි 20 ඉරිදා The Nation පුවත්පතේ පළවිය).

(වමේ සිට: රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි, බ්‍රසීල ජනාධිපතිණි ඩිල්මා රූසෙෆ්, චීන ජනාධිපති සී ජින්පින්ග් සහ දකුණු අප්‍රිකා ජනාධිපති ජේකබ් සූමා - Pic. kremlin.ru) |