Sherlock Holmes: His Sri Lanka Debacle
ප්‍රබන්ධයකි. තොප්පි වැටෙන්නේ නම් දාගත්තාට අමනාපයක් නැත.
හෝම්ස්: වොට්සන්, අද අපිට හරිම බැරෑරුම් ප්‍රශ්නයක් එන්න නියමිතයි
වොට්සන්: ඈ හෝම්ස්, ඒ මොකක්ද ඒ? අයිසිස් එකේ බ්‍රිතාන්‍ය මෙහෙයුමද?
හෝම්ස්: නෑ නෑ... ඒ ප්‍රශ්නෙ අපි උපාය දූතයො දාල ඉවර කළා නෙ. දැන් ඉතින් ලෙස්ට්‍රෙඩ් වගේ පොලිස්කාරයෙකුට වුණත් පුලුවන් ඕක ඉවර කරන්න. දැන් ඒ ඔපරේශන් එකේ කිසි ගතියක් නෑ... අනික අපේ මහ රැජිණගෙ ආණ්ඩුවට ඕඩර්ස් ඇවිත් තියෙනව ඒක පස්සෙන් වැඩිය එලවන්න එපා කියල.
වොට්සන්: අම්මප? ඒ කාගෙන් ද?
හෝම්ස්: වොට්සන්... මිසිස් හඩ්සන් උනත් ඒ කාගෙන් ද කියල කියාවි. ඔය මොළේ පාවිච්චි කරනව යකෝ!
වොට්සන්: ආ, තේරුණා. අත්ලන්තික් සාගරෙන් එහා පැත්තෙ ඉඳන් නේද?
හෝම්ස්: අන්න හරි
වොට්සන්: දැන් ප්‍රශ්නෙ මොකක්ද?
හෝම්ස්: මේක මේ ලංකාව කියන රටේ සිද්ධියක්. ලංකාව ගැන දන්නව නේද?
වොට්සන්: අපොයි මොකද මම නොදන්නෙ? අර මෙහෙ වෙන දේවල් මුකුත් නොවෙන රට නේද? එංගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ කියන එක
හෝම්ස්: ඔව් ඔව්. ඒ රටේ තමා. ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ කොටදෙණියාව කියල පළාතක.
වොට්සන්: ආ, ඔව් ඔව්. මට ආරංචි. අද මෙහෙ පත්තරවලත් තිබ්බ ඕකෙ DNA ඉෂූ එකක් කියල.
හෝම්ස්: ඒක නෙවෙයි බං ප්‍රශ්නෙ. ඒක නම් උන් දඟලල දඟලල විසඳගනී. ඕක ඔය තුන්වෙනි ලෝකෙ රටවල ප්‍රශ්නයක්. ලොකුවට හිතන්න දෙයක් නෙවෙයි. ප්‍රශ්නෙ ඒක නෙවෙයි
වොට්සන්: එහෙනම්?
හෝම්ස්: මට ඒ රටේ ඉහළම නිලධාරියෙක් කතා කළා අදම එන්න කියල. සම්පූර්ණ වියදම් එක්ක ඉල්ලන ගාණක් දෙන්නම් කීව. අනිවාර්යයෙන්ම උන් IMF එකෙන් හරි ලෝක බැංකුවෙන් හරි ණයක් දාල හරි ඕක ගෙවයි. ඒක නෙවෙයි ප්‍රශ්නෙ.
වොට්සන්: එහෙනම්?
හෝම්ස්: උන් මට දීපු ගැටලුව මට විසඳන්න බෑ!!!
වොට්සන්: මොකා?
හෝම්ස්: ඔව් වොට්සන්... හරිම භයානක තත්ත්වයක්
වොට්සන්: හරි මොකක්ද දැන් ගැටලුව?
හෝම්ස්: මතක් වෙද්දිත් ඇඟ කිළි පොළා යනවා... කො.. කොටදෙණියාව පොලිසියෙ OICගෙ මොළේ කොහෙද තියෙන්නෙ කියල හොයන එක!
(වොට්සන්ට ක්ලාන්තය දමයි)