Tuesday, April 2, 2019

ගෝලාන් කඳුකරය

සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර 1,800 ක් පමණ වන ගෝලාන් කඳුකරය ඊශ්‍රායලය සහ සිරියාව අතර පිහිටි ප්‍රදේශයකි.

මෙය 1948 අරාබි - ඊශ්‍රායල යුද්ධයෙන් පසු සිරියාවේ පාලනය යටතේ තිබුණ අතර, වර්ග කිලෝමීටර 1,200 ක් පමණ ඊශ්‍රායලය විසින් 1967 සයදින යුද්ධයේදී අල්ලාගනු ලැබුණා. තවත් වර්ග කිලෝමීටර් 235 ක් එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ හමුදා යටතේ පවතිනවා.

Map: BBC


යුධමය වශයෙන් වැදගත් හෙයින් ඊශ්‍රායලය මෙම ප්‍රදේශය නැවත භාර දීමට කැමැත්තක් දක්වන්නේ නැහැ.

මෙම ප්‍රදේශය 1981 දී ඊශ්‍රායලය විසින් සිය රාජ්‍යයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කළා. 2019 මාර්තු 24 වනදා, ගෝලාන් කඳුකර ප්‍රදේශය ඊශ්‍රායලයේ ස්වෛරී ප්‍රදේශයක් ලෙස පිළිගත් පළමු රාජ්‍යය බවට ඇමරිකා එක්සත් ජනපදය පත් වුණා.

ඊශ්‍රායල පාලනයෙහි පවතින ගෝලාන් කඳුකර ප්‍රදේශයේ 40,000 ක් පමණ ජීවත් වන අතර ඉන් අඩක් පමණ ඊශ්‍රායලය එම ප්‍රදේශය අල්ලාගත් පසු පැමිණි යුදෙව්වන් වනවා.

No comments:

Post a Comment